(නිමන්ති රණසිංහ)
කොවිඩ් 19 ආසාදිත රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු කිරීම සහ කළමනාකරණය කිරීමේ ක්‍රමවේයේ "1940 පණිවුඩ සේවාව"' අද (2) සිට දකුණු පලාතේද ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඉකුත් අගෝස්තු මස 19 වැනිදා සිට බස්නාහිර පළාත සඳහා පමණක් ක්‍රියාත්මකව තිබූ මෙම සේවාව ඊයේ (2) සිට දකුණු පළාත තුළ ද ක්‍රියාත්මක කිරීමට තීරණය කරනු ලැබූ බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
මෙමගින් කෝවිඩ් රෝගය වැලඳීමෙන් ස්වසන අපහසුතා සහ සංකූල තත්ත්වයක් ඇති රෝගීන් කඩිනමින් රෝහල්වලට යොමු කිරීමත් අනෙකුත් රෝග ලක්ෂණ ඇති රෝගීන් සුදුසු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමත් සහ රෝග ලක්ෂණ නොමැති රෝගීන් නිවෙස් තුළ කළමනාකරණය කිරීමත් යන තුන් ආකාරයක් යටතේ සිදුවන බව යුද හමුදාපතිවරයා පැවසීය .
ඒ අනුව දකුණු පළාතේ ජීවත් වන යම් අයකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගතහොත් තමාට ඇති රෝග ලක්ෂණ එනම් ස්වසන ආබාධ සහ අනෙකුත් සංකූලතා ඇති අය A, උණ සහ අනිකුත් රෝග ලක්ෂණ B සහ රෝග ලක්ෂණ නොමැති C වශයෙන් සඳහන් කර 1904 අංකයට කෙටි පණිවිඩයක් යැවිය යුතු බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
A හෝ D හෝ C (හිස්තැනක්) වයස (හිස්තැනක්) උපන්දිනය (හිස්තැනක්) ලිපිනය, ඇතුලත් කර 1904 අංකයට මෙම කෙටි පණිවිඩ යොමු කරන ලෙස ද යුධ හමුදා හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් දන්වා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට කොරෝනාවලින් අවුලක් නෑ. දැන් අවුල වෙලා තියෙන්නේ කවුද ඒ ඒ විෂයට අදාළ පුද්ගලයා කියන එක...