(වසන්ත චන්ද්‍රපාල)

අවුරුදු 14 ක සිර දඬුවම් නියමව අගුණුකොල පැලැස්ස බන්ධනාගාරයේ රඳව සිටියදි නිළධාරින්ගෙන් මිදී පලා ගිය සැකකරුවකු මාස හයකට පසුව සයින්දුමර්දු පොලිස් ස්ථානයේ නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු ස්ත්‍රි දුෂණයකට වරදකරු වී වසර 14 ක සිර දඩුවමක් විදිමින් සිටියදි තංගල්ල රෝහලේ වැඩකට යොදා සිටි අවස්ථාවේදී බන්ධනාගාර නිළධාරින් ගෙන මිදී පලා ගොස් තිබේ.

සයින්දමර්දු ප්‍රදේශයේ පසුගිය දින කිහිපය තුළ සිදුවු සොරකම් සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයේ නිළධාරින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එම අවස්ථාවේ මෙම සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදි මෙම තොරතුරු අනාවරණය කර ගැනීමට සයින්දමර්දු පොලිස් ස්ථානයේ නිළධාරින්ට හැකිවි තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සයින්දමරුදු පරණ මාර්කට් පාරේ පදිංචි ආදම්බාවා නෂාර් නැමැති පුද්ගලයෙකි.