(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ ප්‍රසිද්ධ පාසලක 14 හැවිරිදි දැරියක් සමග සබඳතාවයක් පවත්වාගෙන යමින් අඳුරු වීදුරු සහිත ජිප් රථයෙන් ප්‍රසිද්ධ රථගාල්වලට රැගෙන ගොස් ලිංගික අතවර කළ බව කියන 50 හැවිරිදි පෞද්ගලික බැංකු කළමනාකරුවකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.
දැරිය කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු බිරිඳ මියගොස් ඇති අතර වයස අවුරුදු 13 හා 17 වයස් සීමාවල දැරියන් දෙදෙනකුගේ පියෙක් බව පොලිසිය කියයි.
කොළඹට ආසන්න ප්‍රදේශයක දැරිය පදිංචිව සිටින අතර ඇය පමණක් නිවසේ සිටින අවස්ථාවේදී මීට මාස කීපයකට ඉහතදී නිවසේ දුරකතනයකට ඇමතුමක් ලැබී විසන්ධි වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා අපුරු බැංකු කලමන කරුවෙක්නෙ. මොහුට දිය හැකි උපරිම දඩුවම දෙන්න ඔනෙ. තමන්ගෙ දරුවට වඩා බල දරුවෙකුට මෙහෙම කරන්න තරම් මෙ අමනය පහත් උනේ කොහොමද ?
එතකොට මේ දැරියගේ පියා මව කියලා දෙන්නෙක් නැද්ද ?එයාලා දන්නේ නැද්ද තමන්ගේ ළමයා මොනවද කරන්නේ කියලා?