
(සිතුම් චතුරංග)
තමන්ගේ රජයක් යටතේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (09) කිලිනොච්චිය භාරතීපුරම්හීදි පැවැසීය.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කතා කිරීමේදී ඇතැම් නායකයන් බයේ පැනගිය බවත් ඇතැමුන් වෙනත් මාතෘකා පිළිබඳ කතාකළ බවත් කෙලින් කතාකරන අයකු ලෙස තමන් බලයට පත්වූ පසු 13 වැනි සංශෝධනය ඒ අයුරින් ක්‍රියාත්මක කරන බවත් සඳහන් කළේය.
විපක්ෂ නායකවරයා එසේ පැවැසුවේ සක්වළ වැඩසටහන යටතේ කිලිනොච්චිය භාරතීපුරම් මහ විද්‍යාලයට ලබාදුන් රුපියල් මිලියනයකට අධික වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
අපේ රටේ සමහර ප්‍රදේශවල සිංහල පමණයි කියා ඇතැමුන් පවසනවා. ඔවුන් රටේ නිදහස් අධ්‍යාපනයේ පාසල් තුළ දරුවන් හතළිස් ලක්ෂය ගැන සිතා එසේ පවසන්නේ නෑ. ඔවුන්ගේ ඡන්ද මල්ල ගැන සිතා අප සිංහල පමණයි කියා පවසනවා. තවත් ප්‍රදේශවලට දමිළ පමණයි යනුවෙන් පවසනවා. දමිළ පමණයි කියා පවසන්නේ දරුවන්ගේ අනාගතය ගැන සිතා නොවෙයි තමන්ගෙ ඡන්ද වැඩිකරගන්නයි. මා අද කිලිනොච්චියට පැමිණියේ ඡන්ද හදන්නවත් දෙමළ ඡන්ද මල්ලට දාගන්නවත් නොවෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාගේ මුඛ වාඩමෙන් දුප්පත් අපි කළකිරෙනවා...
ඒ කියන්නේ පොලිස් බලතල උතුරට දෙනවා. ඉඩම් බලතල උතුරට දෙනවා. අරකත් දෙනවා.. මේකත් දෙනවා. බලයට කෑදර වුණාම මොනවද දෙන්න බැරි සජිත් මහත්තයෝ නේද? අනෙක් අතට, රටේ හමුදාවට ගහපියව් කියලා කොටින්ට ආයුධ දුන්නු අප්පොච්චිගේ පුතාණෝ මේ... නැගෙනහිර පළාතේ නිරායුධ පොලිස් නිලධාරින් 600කට යටත් වෙන්න උපදෙස් දීලා අවසන් ගමන් යන්න සැලැස්සුවේත් එතුමනේ. එහෙව් තාත්තගේ පුතා මෙහෙම නොකලොත් එයා කාගේද පුතා වෙනවානේ. ඔහොම යමු සජිත්... ඔහොම යමු.
"මා අද කිලිනොච්චියට පැමිණියේ ඡන්ද හදන්නවත් දෙමළ ඡන්ද මල්ලට දාගන්නවත් නොවෙයි." ලු. එහෙනම් මොන මගුලකටද..? 13 වැනි සංශෝධනය ගැන කතා කෙළ්? වයිරයේ විෂබීජ පිටවන වචනයක් වචනයක් පාසා තියෙනවා. එහෙම කියලා අනිත් පැත්තෙන් කොටින්ට ආයුධ දුන්නා. තාත්තාගේම පුතා, මේ හාදයා දැන් නැති කොටි ආයෙත් හදලා ආයුධ දෙයිද ? මේවගේ කෙනෙකුට චන්දය දීලා රටේ ජනාධිපති කරගන්න තරම් මෝඩ මිනිස්සු මේ රටේ නැහැ.
ඕං පුතානෝ කොටි චූං කරන්න ගිහින්. දැන් කට්ටියම තරඟෙට කොටි චූං කරනවා ඡන්ද බලාගෙන. මේ වගේ මිනිසුන් ටිකක් තමයි අද නායකයින් කියලා ඉතිරි වෙලා ඉන්නේ... රටේ දැවෙන ප්‍රශ්නය තමයි 13...
අප්පා කරපු දේ නොකරොත් ඌ කාගෙදෝ පුතා කියලා කියනවානේ
"13 අංකය භයානක අවාසනාව ගෙන දෙන" අංකයක් ලෙස මතයක් ඇත; ලංකාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඊටත් වඩා භයානක ය. අවාසනාවන්ත ය. 13 වන ව්‍යවස්ථා සංශෝධනය කිරීමට ප්‍රධානතම පුද්ගලයා වන හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාට අත් වූ ඉරණම ද එවකට මෙරට ජනාධිපතිවරයා වු, ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලන කාලය බරපතල ලෙස අවුල් වියවුල් සහගත වීම ද 13 ක්‍රියාත්මක ක්‍රිරීමට හෝ ඊටත් වඩා පෙඩරල් ක්‍රමයකට හෝ යාමට උත්සාහ කළ ඒ ඒ කාලයේ දේශපාලනය හෙබ වූ සියලු දේශපාලඤයන්ට හා දේශපාලන නායකයන්ට සිදු වූ දේශපාන පසු බැසීම්, පක්ෂ දෙදරායෑම්, ජීවිත ව්‍යසන, එවකට ඔවුන්හේ දෙශපාලන බලය පිරිහීම ගැන සිතා බැලීම වටී. කිසි ලෙසකින් ඔවුන්ට හොදක් සිදු වී නැත. ඔවුන්ගේ ඒ කාලවකවානු දේශපාලන ඉතිහාසය. අපකීර්තිමත් ලෙස කෙලවර වී බලය අහිමි වී ඇත. බලයේ රැදුනා නම් 13 ක්‍රියත්මක කිරීම සහ පෙඩරල් අත හැරීමෙන් පමණ ය. සජිත් පේමදාස විපක්ෂ නායකවරායට ද, නියත වශයෙන් ම අත්වන්නේ ඒ ඉරණමයි. යමෙකුගේ විනාශ කාලය ලං වුනා ම බුද්ධිය විපරීත වන බව පැරණි පඬි වදනක් ද ඇත. මේ රටේ තීන්දු තීරණ තම තමන්ට ඕන ඕන විධියට ගන්න පුළුවන් රටක් නොවන බව සැම දෙනා ම ඉගන ගත යුතු ය. මේ රට
සම්බුදු රදුන්ට පූජා වී ඇති බව සිහි ගන්වමු. එය අමතක කර කටයුතු කළ ඉරු නො බසින අධිරාජ්‍යට දැන් ඉරු බසී. දැන් ඒ රාජ්‍යයේ සැදෑ සමය යි ලෝක ඉතිහාසය සහ ථේරවාද ශාසන ඉතිහාස්‍ය ශක්තිමත් ගුරු උපදේශ සහිතව හැදෑරීම වටිනවා ඇත.
ඡන්ද ඡන්ද මල්ලි. ඡන්දේ දෙනවා නම් 13ත් කජ්ජක්ද?
ඡන්ද එකතු කරගන්න තමයි ඔය කතා කියන්නේ. 13 නෙවෙයි විධිමත් බලය බෙදීමක් අවශ්‍යයි, ඒ පැත්තේ අයගේ වැඩ තමන්ට පහසු වෙන්න, ඒකෙ වාදයක් නැහැ. ඒත් ඡන්ද කාලෙට කියන මේ කතා ඡන්ද ගොඩ වැඩි කරගන්න තමයි.මොනව වුණත් ඔයා පරාදයි. කට ඇරියොත් ගොං කතා
සජිත් 13 කියන්නේ ක්‍රියාත්මක නොවන
මුලින්ම මේ කපටි හිවල්ලු, එක එක පළාතටයි, එක එක ජනකොටස්වලයි අරවයි මෙව්වයි කරන එක නවත්තන්නඩ ඕනේ. මෙවුන්දලා මේ ඔක්කොම කියන්නේ මනාපෙට මිසක් වෙන අහවල් දේකට ද? ඔය වෙන වෙනම බෙදිල්ල තියෙනතාක් රටට ගොඩයෑමක් නෑ. මිනිස්සුත් එකට එකතු නොවෙන තාක් මේ හිවල්ලුන්ගෙන් ගැලවීමක් නෑ.
මොන බොරුද? ඔය කියන "පොලිස් බලතල සහ ඉඩම් බලතල" ඔක්කොම තියෙන්නෙ පවතින රජයේ සහ පවතින රජයට ගැති විපක්ෂ දේශපාලුවෝ ගාව. එකනේ ඒගොල්ලො පොලිසියට නිතරම ගොං පාට් දමන්නේ....රජයේ ඉඩම්, රක්ෂිත බලෙන් අයිති කරගන්නේ....
දුප්පත් අපි දහදිය මහන්සියෙන් හම්බ කරන සල්ලි හොරකම් කරලා උගේ වගේ දෙනවා..