පූජිතට එරෙහි අල්ලස් විමර්ශනය ගැන අමාත්‍යංශයට දැනුම්දීමක් නැතිලු
මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරමින් සිටිය දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ හිටපු විදුහල්පති රොඩ්රික් ගිල්බට් මහතා අත්අඩංගුවට නොගෙන සිටීම සඳහා රුපියල් ලක්ෂ 120ක් ලබා ගත්තේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මෙතෙක් දැනුම් දී නැතැයි රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා පැවසීය.