(එස්. බාලසූරිය සහ සූජිව සමරක්කොඩි)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවනට මරණීය දණ්ඩනය දීමේ තීරණය ළඟදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මාතරදී අද (30) පැවැසීය.
මතින් නිදහස් රටක් යන තේමාව යටතේ මාතර සනත් ජයසූරිය ක්‍රිඩාංගනයේ අද පැවැති මත්ද්‍රව්‍ය නිවාරණ මාතර දිස්ත්‍රික් සමුළුව අමතමින් ජනාධිපතිවරයා එසේ කීය.
ජනාධිපතිවරයා මෙසේ ද කීය.
මත්ද්‍රව්‍ය මර්දනය සඳහා ගෙන යන වැඩපිළිවෙළේ දුර්වලතා හඳුනාගෙන එය ශක්තිමත් කළ යුතුයි. මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව පණිවිඩය සමාජයට ගෙන යාමට හොඳම පුද්ගලයා පාසල් දරුවායි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් ආණ්ඩු පෙරළනවා රටවල් විනාශ කරනවා.ඔවුන් මොන මුහුණුවරින් පෙනී සිටියත් සමාජයට කරන්නේ බරපතල ව්‍යසනයක්.ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු කොළඹ මූලස්ථානයේ තමයි මේ රටේ ඓතිහාසික උරුමයන් වන වසර දහස් ගණනක් අප විසින් ආරක්ෂා කළ සුරක්ෂිත කළ කාටවත් නොදුන් ලියකියවිලි තියෙන්නේ.
පසුගිය දවස්වල එම දෙපාර්තමේන්තුව රජයේ කිසිම අනුදැනුමක් නැතුව, කිසිම එකඟතාවක් අනුමැතියක් නැතිව විදේශ රටකට ඒ සියල්ල දීලා. ඒ නියෝජිතයා ඇවිත් ඒ සියල්ල පොටෝ කොපි කරගෙන, ස්කෑන් කරගෙන විදේශයකට අරන් ගිහින් යැයිද ජනාධිපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා.. එක වෙලාවකට කියනවා කොළ නැති ගහේ ගෙඩි කඩන්න නග්ගන බල්ලන්ගේ විස්තර තියෙන ලිපි ගොනුනැති වෙලා කියලා... දැන් කියනවා මේ කතා.. එක්කෝ අපේ උතුර දකුණ මාරුවෙලා නැත්නම් මේ උන්නැහේගේ ඔක්කොම මාරු වෙලා.
මේ වගේ ද්‍රෝහීන්ට කුමන අන්දමේ දඬුවම් දියයුතුදැයි නොදනිමි. ජාතියේ අපරාධකාරයින් නම්කර ජනතාවට දැනගැනීම සඳහා ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කලයුතුයි. මෙයට විරුධවන මානව හිමිකම් කාරයින්ට මඩුවලිගයෙන් තැලිය යුතුයි.
රටේ ජනනායකයා අපට කියන විලිලැජ්ජාවක් නැති කතාව. හරිනම් වෙන්න ඕනේ ඔහුව ගෙනත් දඬුවම් ලබාදීමනේ..
හරි හරි ඔය කතාව නවතලා එල්ලන කෙනෙක් එල්ලන්න. මතක ඇතිව ඊට කලින් ලොකු කුඩු මුදලාලිලාට අප දීල මුදාහරින්න.
නිකන් බොරුවට කට මෑත දොඩවන්නේ නැතුව කියන දෙයක් කරලා පෙන්නන්න. රාජ්‍ය නිලධාරීන් නීති විරෝධී ක්‍රියා කර ඇත්නම් ඔවුනට එරහිව වහාම විනයානුකුල පියවර ගතයුතුය. ජනාධිපතිට බැරිනම් එය කලහැක්කේ කාටද? කරුණාකර කොන්දක් ඇති කෙනෙකුට ඔය පුටුව බාරදීල ගෙදර ගියානම් නරකද?
ළඟදී "කුඩු සිද්දික්" ඇප ලබා ගෙදර ගියා .නොරටුවො ඇවිත් අපේ වටිනා දෙ පැහැර ගෙන ගිහින් ,අනේ මේ රට ආරාජීක වෙලානෙ.මුරදෙටුවො කිසිත් නැත .
බොරු කයිය තමයි. කරපු බම්බුවක් නැහැ. බොරු කාරයාට වැඩ බැහැ. එකට ගෝටා! වැඩේ ඉවරවෙනකන් ඉවර වුනු මිනිහා වත් දන්නේ නැහැ. වැඩ කාරයාට බොරු බැහැ.
අර දවස් 52 ආණ්ඩුවේ ඇමතිකමක් දීපු එක්කෙනාගෙන්ම පටන් ගනිමුද?
එහෙමද නැත්නම් කුඩු අරයව එලියට ගන්න දවස ලඟයි කියලද කියන්නේ?
ලෝකයේ ලොකුම බොරුව ඊයෙත් කුඩු මහාපරිමාණ ව්‍යාපාරිකයකුට අප දුන්නා.. මෙයා වාර්තා තියන්නයි යන්නේ...
එසේනම් එම පුද්ගලයට නඩු පවරා විශාල වන්දියක් ලබා ගත හැකි දැයි සොයා බලා කටයුතු කල යුතුයි. එසේම ඒවා ලබා දුන් පුද්ගලයින්ට නඩු අසා දැඩි දඬුවම් දියයුතුයි. මේවා ජනාධිපති අපිට කියන්නේ හරියට එයා නෙමේ අපේ කවුරු හරි ජනාධිපති වගේ...
එතකොට ඉතින් අපි මැරිලා.
ඔය අරයගෙ දුර පෙනෙන කන්නාඩියෙන් බලල නේද ලඟයි කියන්නේ. ඕක අපහු දෙන්න, නැතිනම් එයා වගේ ඔයත් ළඟ තියෙන වලවල් වල වැටිලා අන්ඩක් කඩාගෙන තමයි නවතින්නේ.
ඊට කලින් දුමින්දව නිදහස් කරන්න ශ්‍රීමත් අතිගරු ජනාධිපති තුමනි
අනේ. මහත්තයෝ. ලොකුම. කුඩු. මුදලාලි. සිද්දික්. එයාට. ඇප. ලැබුනේ. එයේ කොහොමද. එහෙම. වෙන්නේ කෝටි ගණනක කුඩු අහුවුනේ. , අහිංසකයින්. එල්ලන්න කලින්. මේ. මෝරව එල්ල්ලලා. ඉන්න. , ලොයස්ලට කියන්න. සල්ලි. වලට. වහල්. නොවී. මොහුට ඇපඉල්ලා නොසිටින්න. කියල. ඔබ. තුමා. හොරු. එල්ලන්න කොට ඔබගේ. නීති. වේදීන්. ගැටේ. බුරුල්. කරනවා
කුඩු මුදලාලි නිදහස් කරන දිනය ලගයි ..........
මේ මනුස්සය දොඩන දේ ගැන ප්රවෙස්සමෙන් හිතන්න. ඔහු කියන කිසිවක් කරන කෙනෙක් නොවේ. ඔහු බලයට ආවේ පහුගිය රජයේ හොරු මංකොල්ල කාරයෝ මිනි මරුවෝ පෝරකයට යවන්න නේද ? කළාද. කුඩු ගැන ඔහු දොඩවන දේත් නිකම්ම නිකම් සම්ප්‍රප්පලාප පමණයි
වැඩ බැරි ජනාධිපතිවරු ගෙදර යවන දිනය ළඟයි
කියෙව්වා හොඳටම ඇති. මෙහෙම කියෝ කියෝ ඉන්නවිට කුඩුකාරයන් ඊට සරිලන විදිහට ආරක්ෂාකාරී පියවර ගන්නවා. එ්කෙන් තත්වය තවත් නරක අතට හැරෙනවා. වහාම එම දඬුවම ක්‍රියාත්මක කරන්න. ඉන් පසුව දැනුම් දෙන්න. කුඩ්ඩන් හත් අට දෙනෙක් පෝරකයට යනකොට කුඩු විකිණීමත්, බීමත් ඉබේටම නතර වෙනවා. මොකද ඔය අනුන් මරා දමන දාමරිකයන් තරම් තමන්ගේ මරණයට බිය කට්ටියක් තවත් නැහැ. අනෙක, රජයේ කිසිම අනුදැනුමක් නැතිව ලිපිලේඛන පොටෝ කොපි ගෙනියනකන් රජය නින්දේද හිටියේ? වරද අප කරා වගේ අපට කියනවා රටේ ප්‍රධානියා. ඔබතුමා රටේ ජනපති. අප නොවෙයි.
කී සැරයක් මෙයා මේක කියල තියෙනවද, කයිවාරු නැතුව වැඩේ හරියට කලානම් කුඩුකාරයෝ කුඩු ගේන එක මෙලහකටත් නවත්තල.
චන්දෙ ලගයි
දැන් කීපාරක් පෝරකයට නැග්ගුවාද? බොරු එපා හලෝ.
අපේ මැතිතුමනි ක්‍රියාවෙන් පෙන්වනවා මිස කිය කිය ඉන්නේ එපා
මොකක්ද හලෝ මේ කයිවාරුව? මරණීය දණ්ඩනය නියම කරලා තිබෙන්නේ උසාවිය දැන් එල්ලමරීමට අවශ්‍ය ඔබේ අනුමැතිය පමණයි. අනුමැතිය දෙන්න නැකත් බලන්න ඕනෙද? අපිත් බලාගෙන ඉන්නේ කුඩුකාරයෙක් ගස් යනකන්. තරහක් ගෙහිල්ලා මිනියක් මරණ මිනිහාට මරණ දඬුවම නොදුන්නත් කුඩු ගෙනෙන එකා මරා දැමීම ලෝකෙට කරන ඇති උතුම් සේවයක්
අපි ඉස්කෝලෙ යන කාලෙ මේ වගේ කවදාවත් වෙන්නෙ නැති දේවල් කියවනවට කිව්වේ තෙපර බානවා කියලා
අනේ මන්දා... සිරාගේ ටෝක්ස් අහලා අපිට දැන් උතුර, දකුණ මාරු වෙලයි තියෙන්නේ. කටින් බතල හිටවන්න පුළුවන් මේ පොළොන්නරුවේ ග්‍රාමසේවකට විතරමද?
ප්රවෘත්ති නිවේදකයෙක් වගේ ඔහේ කියවනවා කිසිම වැඩක් කරන්නේ නැහැ. කුඩුකාරයෝ ගැන නම් අහලා වැඩක් නැහැ. ඒක දැනට අවුරුදු ගාණක් තිස්සේ ඉඳලා කිව්ව දේනේ? ජාතික ලේඛන එළියට දීපු අයට දුන්නු දඬුවම මොකක්ද? අඩු තරමින් පරීක්ෂණයක් වත් පටන් අරගෙන තියෙනවාද?
ඔබතුමාගේ මේ උත්සාහයට කිසිම මැති අැමැතිවරයෙක්ගෙන් වචනයකින්වත් සහයෝගයක් නැති බවයි පේන්නේ... වහාම මෙය ක්‍රියාත්මක කළ යුතුයි. මෙතුමන්ලාගේ නිහඬ බවෙන් පේනවා හිතන්න වෙන යමක්...
දැන් ඉතින් මෙයා මේක ගැන කයිවාරු ගහයි තව අවුරුද්දක්. මේ වගේ අදක්ෂ මිනිස්සු...
ඔව් .. බෝධිසත්වයෙක්ට රටක් පාලනය කරන්න බැහැ !!! දැන් වත් අතිගරු , ජනාධිපතිතුමාට මේ බුද්ධිය පහළවීම ගැන අපි ඉතාමත් සන්තෝසවෙනවා .
මාරාන්තික විහිලු ජවනිකා සමග දැන් දිවයින පුරා දේශපාලන වේදිකාවේ "පොරකය"
ලංකාව වැනි කුඩා රටක මත් කුඩු මෙතරම් ව්‍යාප්ත වී තිබීම දේශපාලන අනුග්‍රහයකින් තොරව සිදුවුවා යයි සිතීමට නොහැක.
රවී බුද්ධිය පහළවීම එකක් පහලවූ බුද්ධියේන් වැඩ ගැනීම තව එකක්.
කයිවාරුව විතරයි. තවමනම් දීපු දඬුවමක් නැහැ.
කුඩු මුදලාලිලා වගේම වශී ගුරුකම් කාරයන්, පේන කාරයන්, හොර කෝවිල්වල කපුවන්, වාස්තුවන් කියන බොරුකාරයන්, කේන්දර කාරයන්, ජිල්මාට් දේශපාලුවන්, හොර චීවරධාරීන්, බෝධි පූජා මුදලාලිලා එහෙමත් එල්ලා මැරිය යුතුයි!