( පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොළඹ මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේ කටයුතු වෙනුවෙන් යොදාගන්නා බර වාහන ගමනා ගමනය හේතුවෙන් විනාශයට පත් මීරිගම මදුරුපිටිය ප‍්‍රදේශයේ ග‍්‍රාමීය මාර්ග සංවර්ධනය කරදෙන ඉල්ලමින් ජනතාව අද ( 30) දහවල් විරෝධතාවයක යෙදීම නිසා අධිවේගී මාර්ගයේ ඉදිකිමේ කටුයතුවලට බාධා ඇති විය.
මදුරුපිටිය ලෝලූවාගොඩ මාර්ගය හා මදුරුපිටිය කෙටේවත්ත මාර්ගයට සිදුව ඇති හානි නිසා ඒවා අලූත්වැඩියා කර දෙන ලෙස ජනතාව මෙහිදී බලධාරීන්ගෙන් ඉල්ලීම් කළහ.
මීරිගම ප‍්‍රාදේශිය සභා මන්තී‍්‍ර සුසන්ත ගජනායක මහතා ඇතුල් පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටි අතර මදුරුපිටිය ප‍්‍රදේශයේ ඉදිකිරීම්වල නිරත ආයතනයේ නිලධාරී මදුරුපිටිය ලෝලූවාගොඩ මාර්ගයේ අඩුපාඩු ලබන මස 15 වැනිදා සිට අලූත්වැඩියා කරදෙන බවට සදහන් කළහ.
ඓතිහාසික කෙටේවත්ත දේවාලයට යන මදුරුපිටිය මාර්ගය අලූත්වැඩියා කර දීම එම ආයතනයයේ නිලධාරීන් ප‍්‍රතික්ෂේප කළ අතර මාර්ග සංවර්ධන අධිකාරිය ඒ පිළිබදව කටයුතු කළ යුතු බව දැනුම් දුන්හ.
මෙම මාර්ගය භාවිතා කරන ලද්දේ තම ආයතනය නොව වෙනත් ආයතනයක් බවද ඔවුහු පැවසූහ.
නමුත් අදාල මාර්ගය අලූත්වැඩියා කරදෙන බවට ගිවිසුමගතව සිටින ආයතනය එය පැහැර හරින බවට චෝදනා කළ ජනතාව විරෝධතාවයේ යෙදීම නිසා අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සදහා භාණ්ඩ ප‍්‍රවාහනය කරන ට‍්‍රක් රථ ගමන් කරවීමට බාධා වීම නිසා සැපයුම් මාර්ග දෙපස පෝලිමට නවතා දැමීමට සිදුවිය.
මීරිගම පොලිසියේ නිලධාරීන් පැමිණ සාකච්ඡා කර අදාල නිලධාරීන් කැඳවා සාකච්ඡාවකට අවස්ථාව සැලසීමට පියවර ගන්නා බව පැවසුවත් එම සාකච්ඡාව අධිවේගී මාර්ගය ඉදිකෙරන ස්ථානයේදීම සිදුවිය යුතු බවට ජනතාව ප‍්‍රකාශ කළහ.
මේ තත්ත්වය මත වගකිවයතු නිළධාරීන් කැදවීමට පොලිසිය පියවර ගන්නා බව ප‍්‍රකාශ කරනු ලැබීය.
අදාල නිලධාරීන් පැමිනෙන තුරු ගම්වාසීහු අද( 30 ) පස්වරුව දක්වාම විරෝධතාවයේ යෙදී සිටි අතර ඉදිකිරීම් සේවක පිරිස් තැන තැනටවී බලා සිටිනු දැකිය හැකිවිය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරෙන්න කිට්ටු දේශප්‍රේමී කට්ටියක් රටම වලට අදිනවා. අනිවා පොහොට්ටුවක් ඇති..
පුදුම ඉරිසියාකාරයින් ටිකක්නේ ලංකාවේ ඉන්නේ.., කොළඹ-නුවර අධිවේගී මාර්ගය හැදුවම කොච්චර රටට හොඳක් වෙනවද? මේ මිනිසුන්ට තේරෙන්නේ නැද්ද? ඒ වෙනුවෙන් තමන්ගේ ගමේ පාර පොඩ්ඩක් අබලන් වුණාට කමක් නැහැ. අධිවේගය හදලා ඉවරවුණාම තමන්ගේ පාරත් හදලා දෙන්න කියලා ඉල්ලන්න තිබ්බා..!!!
පටු දේශපාලනය නිසා රටට වෙන අවාසි..
පොහොට්ටුවේ වැඩ. වෙන කවුරුහරි රටට වැඩ කරනකොට ඉවසලා ඉන්න අමරුයි වගේ
කැප, ප්‍රසාද් හැමදේටම පොහොට්ටුව දාගන්න එපා. මේක පිටිපස්සේ ඉන්නේ මීරිගම සභාවේ බල්බ් එකෙන් දිනපු කෙනෙක්. නම ගජනායක...
ඔහොම කියන්න එපා... අපි ඔය අත්දැකීම පාර්ලිමේන්තුව හදන කාලේ අත්වින්දා. වැසි දිනවල පාරේ යන්න බැහැ මඩ. පායන දිනවල පාරේ යන්න බැහැ දූවිලි. පාර අයිනේ ගෙවල්වල මිනිස්සුන්ගේ ගෙවල් ගන්න දෙයක් නැහැ දූවිලි. පුදුම දුෂ්කර කාලයක් ගෙව්වා. ඉන් ප්‍රයෝජන ජනතාවට ලැබුනානම් කමක් නැත. ප්‍රයෝජනය ලැබුනේ ගෙදර සිටන් හුලුඅතු පත්තුකරන් මහපාරට එන දේශපාලකයන්ටය.