බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් නියෝජිතයෝ යාපන සංචාරයක බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන අංශයේ නියෝජිතයින් වන නීල් කවනාග් මහතා සහ එම අංශයේම ජෝවිතා අරුලානන්දන් මෙනෙවිය ඇතුළු පිරිසක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරත වුහ. 22 August 2018
හජ් උත්සවය සමරමින් ඉස්ලාමීය බැතිමතුන් අද (22) සමරනු ලබන හජ් උත්සවය වෙනුවෙන් වූ දේව මෙහෙයන් අද දවසේ සෑම මුස්ලිම් දේවස්ථානයකදීම මෙන්ම විවෘත භූමියන් තුලද සිදු විය. 22 August 2018
කාන්තාවන් රට යද්දී පවුල් පසුබිම් වාර්තා ගැනීම ගැන යළි සළකා බලයි කාන්තාවන් විදේශ ගතවීමේදී ඔවුන්ගේ පවුල් පසුබිමේ වාර්තා ලබා ගැනීම සඳහා ගෙන ඇති තීරණය නැවත සළකා බැලීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කරනු ලැබ ඇත. 21 August 2018
විදේශ ණය ගැනීමේ දී ස්වෛරී බැඳුම්කර නිකුත් කිරිමට රජයේ අවධානය විදේශ ණය ගැනීමේදී යෙන් සහ යුවාන් වලින් ගැනීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ. 21 August 2018
මහනුවර ඇසළ මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහා මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද (21) රාත්‍රී 7.37 ට දකුණු දිශාමුඛව ගමන් ආරම්භ කළේය. 21 August 2018
අවුරුදු 35ට අඩු ත්‍රී රෝද රථ රියදුරන්ට පැනවු කුලී ගමන් තහනම අත්හිටුවයි අවුරුදු 35ට අඩු ත්‍රී රෝද රථ රියදුරන්ට පනවා ඇති කුලී ගමන් තහනම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 21 August 2018
ගෝඨා ඇතුළු සිව් දෙනෙකුට නොතීසි ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල සිදුවු බව කියන දුෂණ සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල දුෂණ සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ 21 August 2018
විදුල්කා ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන් බලශක්තිය අරපරිස්සමෙන් පාවිච්චි කළ රජයේ හා පෞද්ගලික ආයතන 30කට අද (21) සම්මාන පිරිනැමිණ. 21 August 2018
පොලිසියේ තුන් දෙනා ඇල්ලුවේ අත්වැරදීමකින්ලු - උසාවියෙන් මුදාහරී කොල්ලකෑමේ සැලසුමක් ඇතැයි කියමින් අද උදේ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා මුදා හැරි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 21 August 2018
මධූෂ්ගේ කොළඹ ඝාතන සිදු කළ යතුරුපැදිකරු දැලේ ප්‍රබල පාතාල සාමාජිකයන් වන මාකදුරේ මධුෂ් සහ මාලිගාවත්තේ කංජිපානි ඉම්බ්රාන් නැමැත්තන් කොළඹ අවට ඝාතනය සඳහා ගන්නා දක්ෂ යතුරුපැදිකරු වැල්ලම්පිටිය ගෝතමී මාවතේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 21 August 2018
පළාත් සභා නිලධාරීන් 750කට තීරුබදු රහිත වාහන බලපත්‍ර පළාත් සභා මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත් ලබා නොදුන්නද පළාත් සභා නිලධාරීන් 750කට තීරුබදු රහිත වාහන ගෙන්වා ඇතැයි එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුසිල් කිඳෙල්පිටිය මහතා අද (21) පැවසීය. 21 August 2018
‘කොළඹ මහ නගර සබේ එක තිර රෙද්දක්වත් වෙනස් කරලා නැහැ’ ‘‘කවුරු මොන අසත්‍ය ප්‍රචාර ගෙනගියත් මම කිසි විටකවත් කිසි දිනකවත් කොළඹ මහ නගර සභාවේ කිසිම බුදු පිළිම වහන්සේ කෙනෙකු තියා එක තිර රෙද්දක් වත් වෙනස් කරලා නැහැ.‘‘ යැයි කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැවසුවාය. 21 August 2018
අහිතකර පළතුරු වෙළෙන්දන්ට එරෙහිව නීතිමය පියවර මිනිස් සිරුරට අහිතකර පලතුරු වෙළෙඳ පොළට මුදාහරින වෙළෙදන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය. 21 August 2018
සිරකරුවන් වීඩියෝ කළ අයෙක් අධිකරණයේ දී අත්අඩංගුවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක හතර උසාවිය සහ සිරමැදිරියේ සැකකරුවන් ජංගම දුරකතනයකින් වීඩියෝ කළ පුද්ගලයකු පිටකොටුව පොලිසිය විසින් අධිකරණයේ දී අත්අඩංගුවට ගනු ලැබීය. 21 August 2018
මත්කුඩු ජාවාරම නිසා රැඳවියන් සම්බන්ධයෙන් බරපතල තීන්දු ගන්න වුණා බන්ධනාගාර තුළට පිටතින් මත්ද්‍රව්‍ය පැමිණෙන බවට ලැබුණු තොරතුරු වලට අනුව සමහර බන්ධනාගාර නිලධාරීන් සහ සමහර රැඳවියන් සම්බන්ධයෙන් බරපතල තීන්දු තීරණ ගැනීමට සිදුවු බවත් බන්ධනාගාර තුළ සිට මත්කුඩු ජාවාරම් කරන ඉතිරි ටික දෙනාත් වෙනත් බන්ධනාගාර වලට මාරු කරන බවත් අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය අද (21) පැවසුවාය. 21 August 2018
ගන්දර බැංකුව කොල්ලකයි ගන්දර පරවාහැර සණස බැංකුව තුළට මුහුණු ආවරණය කර ගෙන කඩා වැදී ඇති අවිගත් පුද්ගලයින් සිව් දෙනෙකු ගනුදෙනු කිරීමට පැමිණ සිටි කාන්තාවකට වෙඩි තබා තුවාල සිදුකර බැංකුවේ තිබු රුපියල් ලක්ෂ හතරක පමණ මුදලක් අද (21) සවස මංකොල්ල කා පලා ගොස් ඇතැයි ගන්දර පොලීසිය පවසයි. 21 August 2018
ජපන් ශිෂ්‍යත්ව හිමි සමෘද්ධිලාභීන්ගේ අධ්‍යාපන සහතිකපත් අතුරුදන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ජපන් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්රදානය කිරීම සඳහා තෝරාගෙන පසුව අවස්ථාව නොදුන් සමෘද්ධිලාභී තරුණ තරුණියන් 21 දෙනාගේ අධ්‍යාපන සහතිකවල මුල් පිටපත් එම අධිකාරිය බාරයේ මේ වනවිට නැතැයි විශ්වසනීය ආරංචි මාර්ග කියයි. 21 August 2018
පුත්තලම වෙරළේ රසායනික අපද්‍රව්‍ය ඉවත් කිරිම අරඹයි වාරකන් සමයත් සමඟ පුත්තලම වෙරළ තීරයට ගසා ගෙන විත් තිබු සායනික අපද්‍රව්‍ය ඇතුළු කැලි කසළ අද (21) දින සිට සම්පුර්ණයෙන් ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තුමේන්තුව කටයුතු කර තිබුණි. 21 August 2018
ආදිවාසීහු 21 වැනි වරටත් දළදා සමිඳුන්ට මීපැණි පූජා කරති ශ්‍රි දළදා සමිඳුන් උදෙසා සම්ප්‍රදායිකව පවත්වන ආදී වාසි මී පැණි පූඡාව මෙවරත් ආදීවාසී ඌරුවරිගයේ වන්නිල ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් අද (21) පැවැත්විණි. 21 August 2018
එමිල් රන්ජන්-රංගජීව යළි රිමාන්ඩ් රැදවියන් 27 දෙනකු ඝාතනය වීමේ සිද්ධියට අදාළව රක්ෂිත භාරයේ රදවා සිටි බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව යන අයවලූන් ලබන 04 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා නියෝග කළේය. 21 August 2018
මොරගහකන්දේ ජල අයිතිය ඉල්ලා පොලොන්නරුව ගොවි සභාපතිවරු පෙළගැසෙති මොරගහකන්ද ජලාශයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහ වැව් වලට හිමි ජල ප්‍රමාණය කොපමණදැයි තීන්දු කළ යුතුව ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මහ ගොවිජනපද ව්‍යාපරවලට අයත් ගොවි සංවිධාන සභාපතිවරු විමසති. 21 August 2018
පලතුරු ඉදවීමට යොදන විස රසායනික වර්ග 300 ක් ශ්‍රී ලංකාවේ වස විස දමා ඉදවන පලතුරු වර්ජනය කරන ලෙස කොළඹ “මැනිං මාර්කට්” පොදු වෙළඳ සමිතිය ජනතාවගෙන් ඉල්ලා සිටී. 21 August 2018
දරුවන්ට වස දී දිවි නසා ගැනීමට තැත් කළ ලාංකික මවක් පැලමෝර්හිදී අත්අඩංගුවට සිසිලි දූපතේ පැලර්මෝ නගරයේ ලාංකික කාන්තාවක් සැමියා සමඟ ඇති වු පවුල් ආරවුලකින් අනතුරුව තම දරු දෙදෙනාට වස සහිත ආහාර ලබා ඇයද එම වස සහිත ආහාර ගැනිමෙන් සියදිවි හානි කර ගැනිමට උත්සහ කිරිමෙන් බරපතල තත්වයෙන් රෝහල්ගත කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. 21 August 2018
පාර්ලිමේන්තුවට නව වේත්රධාරිවරයෙක් පාර්ලිමේන්තුවට නව වේත්‍රධාරී නිලධාරියෙකු ලබන 30 වැනිදා පත් කරන බව එහි උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. 21 August 2018
බෝපේ පෝද්දල ප්‍රා. සභා රැස්වීම නීත්‍යනුකූල නැතැයි 29 දා ට කල්තබයි බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා රැස්වීම කැඳවා තිබෙන ආකාරය නීත්‍යානුකූල නොවන බවටත් පසුගිය සභා වාර්තාව අවුල් සහගත ලියවිල්ලක් බවටත් මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් අද (21) පැවැත්වීමට නියමිතව තිබූ එම රැස්විම සභාපති දිල්රුක් අබේකෝන් මහතා විසින් ලබන බදාදා (29) දක්වා කල් තැබීමට තීරණය කළේය. 21 August 2018
කෝටියක බීඩිකොළ කන්ටේනරයක් අල්ලයි හිස් කන්ටේනරයක් ලෙස ප්‍රකාශ කර කොළඹ වරායෙන් පිටත් කිරීමට උත්සාහ කළ රුපියල් කෝටියක් පමණ වටිනා බීඩිකොළ කිලෝ 14,000ක් අඩංගු කන්ටේනරයක් රේගු නිවාරණ අංශය මගින් අද (21) අත්අඩංගුවට ගනු ලැබීය. 21 August 2018
‘16 දෙනාගෙන් පක්ෂයට වැඩ නොකරන අය ගැන බලනවා‘ පක්ෂයේ ප්රතිසංවිධාන වැඩවල දී සක්‍රිය දායකත්වයක් නොදෙන ආසන සංවීධායකයන් ගැන යම් ක්‍රියාමාර්ගයක් ගන්නට සිදුවන්නේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, වාරිමාර්ග ජලකළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේය. 21 August 2018
‘ජනපතිට-අගමැතිට මාදුළුවාවේ හිමිගේ උපදෙස් මගහැරිලා‘ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන නායකයන් දෙදෙනාම අතින් මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ උපදේශ මගහැරී ඇතැයි සාධාරණ ව්‍යාපාරයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා අද (21) ප්‍රකාශ කළේය. 21 August 2018
මුල්‍ය නඩු ඇසීමේ පළමු ‘ස්ථිර මහාධිකරණය‘ විවෘත වේ මුල්‍ය අක්‍රමිකතා නඩු කඩිනම් කිරීම සදහා ස්ථාපිත කිරීමට නියමිත විශේෂ මහාධිකරණ ත්‍රිත්වයේ පළමු මහාධිකරණය ‘ස්ථිර මහාධිකරණය‘ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය අද (21) විවෘත කළාය. 21 August 2018
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026