(ඉන්දිකා රාමනායක)
ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගත් කිලෝ 272 ක් වූ විශාලම හෙරොයින් මත්කුඩු තොගය හා සම්බන්ධ සිදුවීමට අදාළව බංගලාදේශයෙන් අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයන් පස් දෙනාගෙන් ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය බංග්ලාදේශය බලා යාමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මේ සඳහා අනුමැතිය ලබා ගැනීමේ ලිපිය පොලිස්පතිවරයා හරහා අද (31) ආරක්ෂක ලේකම්වරයා වෙත යොමුකළ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
එම අනුමැතිය ලැබුණ පසු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායම බංග්ලාදේශය බලා පිටත්ව යන බවද එම නිලධාරියා කියා සිටියේය.
බංගලාදේශ ක්ෂණික ක්‍රියාකාරී බළගණයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එරටදී මෙම පුද්ගලයන් පස්දෙනා අත්අඩංගුවට තිබූ අතර ඉන් තිදෙනකු කාන්තාවන් බව පොලිසිය සඳහන් කරයි.
බංග්ලාදේශ රාජ්‍ය මෙම සැකකරුවන් සහ සැකකාරියන් සම්බන්ධයෙන් මෙරට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය දැනුවත් කර ඇති ඇති බවද පොලිසිය පවසයි.
මෙම පස්දෙනා අතරින් එක් කාන්තාවක් පසුගිය දෙසැම්බර් මස 15 වැනි දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හෙරොයින් කිලෝ 32 ක් සමඟ රත්මලානේ දී අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්මලානෙන් දෙසැම්බර් අත්අඩංගුවට ගත්ත කෙනා කොහොමද අයෙත් බංලාදෙශේදී අත්අඩංගුවට ගන්නේ? ඒ කියන්නේ මෙහෙන් අත්අඩංගුවට ගත්ත කෙනා නිදහස් වෙලා බංලාදෙශේටත් ගිහින් කියන එකද ?