(වසන්ත චන්ද්‍රපාල)
අල්ලස් ගැනිමේදි අත් අඩංගුවට ගත් කොක්කඩිචෝලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලබන 08 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී. රිස්වාන් මහතා නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් කෙරුණේ කොක්අඩිචෝලේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සිසිර කුමාර නම් නිලධාරියාය.
එමෙන්ම මිළඟ නඩු වාරයේදි සැකකරු කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් වරයාට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කරනු ලැබිය.
ඊයේ ( 30) මඩකලපුව අම්බලත්තුරේ පදිංචි ජෙගනාදන් අරුන් නැමැති අයගේ එල්.ජී.4175 ලොරි රථය ධාවනය වෙන අවස්ථා වල නීතිමය කටයුතු නොකිරිම සදහා ඔහුගෙන් රුපියල් තිස්දාහක් ඉල්ලා ඇති අතර ඉන් රුපියල් 25000 ක් දෙන අවස්ථාවේ අල්ලස් කොමිසමේ නිළධාරින් විසින් මෙම පොලිස් ස්ථානාධිපතිවරයා අත් අඩංගුවට ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd