(ඩයනා උදයංගනී)
මැතිවරණ වසරක් වන මෙම වසර රටේ අලුත් ආණ්ඩුවක් හැදෙන හා හදන වසරක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ දී අද (31) පැවසීය.
ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛව රටට ආදරය කරන පුළුල් ජනතා ව්‍යාපාරයක් බිහිකරගෙන ඉදිරියට යා යුතු බව කී ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ඒකරාශී වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.
සාම්ප්‍රදායික දේශපාලන මත සමඟ ඇලී ගැලී සිටින අය දේශපාලන හා දේශපාලන නායකයින් පරාජය කිරීම ගැන කතාකළත් වර්තමානයේ කළ යුත්තේ පක්ෂ හෝ නායකයින් පරාජය කිරීම නොව රටට, ජනතාවට ද්‍රෝහී බලවේග හඳුනාගෙන ඒ බලවේග පරාජය කිරීම බව ද කියා සිටියේය.
සෑම දේශපාලන පක්ෂයකම රටට ආදරය කරන, අවංක පිරිසක් මෙන්ම රටට ද්‍රෝහීකම් කරන පිරිසක් සිටින බව කී ජනාධිපතිවරයා ඒ රටට ආදරය කරන පිරිස තෝරාගෙන ඉදිරියට යා යුතු බව ද ප්‍රකාශ කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය, කොළඹ 10, ආනන්ද රාජකරුණා මාවතේදී විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
වර්තමානයේ ආණ්ඩු සැදීමේදී 50, 60, 70, 80, 90 දශකවල ආකාරයෙන් කටයුතු කළ නොහැකි බව ද මෙහිදී කී ජනාධිපතිවරයා රටට ආදරය කරන පිරිස් සමඟ එක්ව රටට ආදරය නොකර තමන් පමණක් වර්ධනය වන පිරිස් සමඟ සටන කරන්නේ කෙසේ ද යන්න සියලු දෙනා පැහැදිලිව තේරුම් ගත යුතුයැයි ද කීවේය.
අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කළහොත් බිහිවන නව ආණ්ඩුව රටට ආදරය කරන ආණ්ඩුවක් බවට පත්කරගත හැකි බව කී ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් පැය 24 පුරා වෙහෙසෙන්නැයි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටින බව ද කියා සිටියේය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, ශ්‍රී.ල.නි.ප කොළඹ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලසන්ත අලගියවන්න, ශ්‍රියානි විජේවික්‍රම, ෆයිසර් මුස්තාපා, සුමේධා ජී ජයසේන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වටේ ඉන්න අයගෙන් අපට හිතා ගන්න හැදෙන අලුත් ආණ්ඩුව ගැන. කලිනුත් එකක් හැදුවා තවම අපිට අමතක නැහැ.
එතකොට මේ පේන මූණු ටිකෙන් කී දෙනෙක් රටට ආදරේද දන්නේ නැහැ.
රට හැදෙන්නේ කවදාද?
මුහුණු වලින්ම පේනවා රටට ආදරේ කරන බව.
ශ්‍රී.ල.නි.ප. ය නැත්තට නැති කරපු මිනිහා කරනවා. රටේ උත්තරීතර නීතිය පහතට දාපු.., හැමදේම ෆේල් වුනු කෙනෙක්... ලෝකේ කිසිම රටක්, වැදගත් නායකයෙක් , ආයතනයක් පිලි නොගන්න මිනිහෙක් රටේ නායකයෙක් වෙන්න සිහින දකිනවා. තව මාස අටයි තියෙන්නේ හැමදේටම. එදාට පස්සේ වග කියන්නත් එපෑයැ.
ඔය පිටුපස ඉන්න කුප්‍රකට හොරුත් එක්ක වෙන්න ඇති අලුත් ආණ්ඩුව පිහිටුවන්න හදන්නේ ? සූදුවලින් ජනතාවගේ සල්ලි පික් පොකට් ගහන නීචයන් එක්ක හදන ආණ්ඩුවලට සොබා දහම පවා පැවතෙන්නට ඉඩ දෙන්නේ නැහැ .
අනේ මෙයාගේ ආන්ඩු. දවසයි දෙකයි තියෙන්නෙ.පොහොට්ටුවෙආන්ඩුවක් තමයි හරියන්නෙ
ඔයා ඉතිං මොන ආන්ඩු හැදුවත් ඔච්චර තමයි ......
මේ වසන නව ජනාධිපතිවරයකු පත්වන වසර බව අමතක වුණාද, සිහිකල්පනාව ප්‍රශ්න තිබෙන බව ජනතාව දන්නවා. ලබනවසරේ අද වෙද්දි ඔබ ගෙදර. අයිත් ඔබට මේ රට් මිනිස්සු ඡන්දෙ දෙන්නේ නෑ. කලගුන නොදන්න මුල අමතක ගුණමකු මිනිස්සු කොහොමද ජනතාවිදී වෙන්නේ. අද කියන දේ හෙට මතක නෑ.
අපට අවශ්‍ය ඔබ ඇතුළු ඔය ඉස්සහරින් ඉන්න අය නැති ආණ්ඩුවක්.
අලුත් ආණ්ඩු නම් නිදහසෙන් පස්සේ කීයක් නම් හැදුවද, රටට වෙච්ච දෙයක් තියෙනවද? වෙච්ච එකම දේ තමයි දේසපාලුවන් බුරුතු පිටින් කෝටි ප්‍රකෝටිපතියෝ වුණ එක.අපේ රට සුද්ද පාලනය කල නම් අපේ රට අද වෙනකොට ආසියාවේ දියුණුම රට වෙලා.රටට ඕන දැන් අලුත් තරුණ නව නායකත්වයක් මිසක් පරණ හොර තක්කඩි දේසපාලුවන් නෙමයි.
ආණ්ඩු නම් ගිය අවුරුද්දෙත් හැදුවේ.
මුලින්ම ඔබතුමාගෙ පක්ෂෙ රටට ද්‍රෝහිකම් කරන කට්ටිය කියන්නකො අපිටත් දැනගන්න.
ගිය වසරේත් ආණ්ඩුවක් හැදුවේ!!! . නමුත් ඒවා නීත්‍යානුකුල වීමත්, පවත්වාගෙන යාමට හැකි බහුතරයක් තිබීමත් ආණ්ඩු හදනවාට වඩා වැදගත් බව තාම ඉගෙන ගෙන නැතුවා වාගෙයි.
ඔවු ඒ සමග ඔයත් අලුත් ගෙදරකට යවනවා. ඒ මොකද රටම කෑව නිසා
පරණ කුට්ටමේ " මුසලයන් 225" මනේ අනන්නේ.හැබැයි කොළ 225 ම ජෝකර් කොළ විතරයි,වෙන කොලනම් කිසිවිටදැකිය නොහැක.
සමහරු කියනවා 2015දි රටට ආදරය කරන බව කිව් නායකයකු පත්කරගත් බවත් නමුත් බලයට පත්වී ඉතා සුළු කාලයකින්ම එතුමාට විරුද්දධ ඡන්දය දුන් පක්ෂයකට ප්‍රමුඛතාවය දෙන්න පටන්ගත්තා කියා රට පසක දමා.
ගිය වසරේත් නීති විරෝදී ආණ්ඩුවක් හදල පීචං වුනා නේද. එකත් දින 51 ට සීමා වුනා.
එතකොට හදන ආණ්ඩුවේ ඔයාගේ තනතුර අනුශාසකද ? මට නම් සුඑර් එක. ඔයාට ජනාදිපති වෙන්ඩ බැනේ , නේද ?
මේ මිනිස්සුන්ට ආණ්ඩු හදන එක විතරයි ඔලුවේ තියෙන්නේ...
අනේ.. නිකං විහිලුවක් නොවී ඉන්න බලන්න ජනාධිපති තුමනි දැන්වත්..,
රැවුලයි, කැඳයි දෙකම බේරාගෙන වැඩේ කරන්න ගිහින් ඒ ආණ්ඩුවත් දවස් 52න් කොට උඩ යන ජාතියේ එකක් වෙයිද?
අනේ පව්, ජනාධිපතිතුමාට ලොකු ආසාවක් තියෙනවා. මැතිවරණය කෙසේවෙතත් එතුමා බලාපොරොත්තු වන අලුත් ආණ්ඩුව පිහිටුවීම මිරිඟුවක් පමණයි...
ඔයත් එක්ක අායිමත් අපි නම් නැහැ. අවුරුදු පහට කරපු වැඩ ගැන කියන්න...
ඔබතුමා කැමති වුනත් නැතත් ජනාධිපතිවරණය 2019 තියන්න වෙනවා. ඔය කියන අලුත් ආණ්ඩුව පත්කරගන්න ඡන්දෙ 2020 වසර තුල තිබේවි.. එතකොට 2019 ජනාධිපතිවරණෙන් පැරදුණු ඔබතුමාට පුළුවන් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු ඡන්දෙ ඉල්ලන්න. නමුත් එ්කෙන් දිනලා පාර්ලිමේන්තු යන්න ඔබතුමාට තිබෙන්නේ 30% විතර චාන්ස් එකක්.. අර 2014දී කෙරුව වගේ බොරු මැතිවරණ පොරොන්දු අඩංගු පොත් (මෛත්‍රී පාලනය) වැනි පොත් පෙරලුවට මෙදාපාර ඔබතුමාට ජනතාවගේ ඡන්දෙ නොලැබෙනු ඇත. ජනාධිපතිකම නැතිවුණාට පස්සේ මහින්ද මහත්මයාගෙන් ඔබතුමාට රිටර්න් එක අනිවාර්යයෙන් ලැබේවි.. (මතකනේ ෆොන්සේකාට වුණු වැඩේ) කරන්න තියෙන හොඳම වැඩේ දැන් ඔය සංචාරය කරන රටක ලොක්කෙක් එක්ක කතා කරගෙන 2019න් පස්සේ පිටරටක නවතින්න පුළුවන් විදිහට වීසා එකක් හදාගෙන එහෙම නතරවෙන්න..
කවුරු කොහොම, කෙසේ කීවත් ඔබ නං දිනන්නේ නැහැ. එ්ක ඉර, හඳ වගේ විශ්වාසයි අපිට...
මෙතන කොළඹ දිස්තික් මන්ත්‍රීවරුන් කීදෙනකු ඉන්නවාද?