(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවතින අධිකරණ අපහාස කළේ යැයි කියන නඩුවේ ඔහු වෙනුවෙන් සාක්කි දීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු විවධ තරාතිරම් වල පුද්ගලයින් 42දෙනෙකුගේ නම් ඇතුළත් සාක්කිකරුවන්ගේ ලැයිස්තුවක් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.
විදානගම නීතීඥ සමාගමේ උපදෙස් පරිදි මෙම සාක්කිකරුවන්ගේ ලැයිස්තුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අමතරව පුවත්පත් කර්තෘවරුන්, විද්‍යුත් නාලිකාවල ප්‍රධානීන් , ජනමාධ්‍යවේදීන් මෙන්ම සාමාන්‍ය පුද්ගලයින්ද කැඳවීමට අවසර ඉල්ලා ඇත.
එම සාක්කි ලැයිස්තුවේ ලැයිස්තුවට ඇතුළත් ප්‍රධාන පෙළේ පුද්ගලයෝ මෙසේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා , රාවය හිටපු කර්තෘ වික්ටර් අයිවන්, ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය , ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා , සිරස, හිරු, දෙරණ, එම්.ටී.වී. විද්‍යුත් නාලිකාවල ප්‍රධානීන්, පාර්ලිමෙන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක , අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා , පාර්ලිමේන්තු මහලේකම්වරයා, ඬේලී මිරර් පුවත්පතේ කර්තෘ , අනිද්දා පුවත්පතේ කර්තෘ , කේ.ඩබ්ලිව් .ජනරංජන , ගවේෂණාත්මක නිදහස් මාධ්‍යවේදී කසුන් පුස්සේවෙල , උසාවිය නිහඬයි චිත්‍රපටයේ අධ්යක්ෂ ප්‍රසන්න විතානගේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා ඇතුළු විවිධ තරාතිරම් වලට අයත් පුද්ගලයින් 42 දෙදෙනෙකුගේ නම් ද සාක්කි දීමට අධිකරණයට කැඳවීමට අවසර ඉල්ලා ඇත.
මෙම සාක්කිකරුවන්ට අමතරව අගවිනිසුරු නලීන් පෙරේරා මහතා අගවිනිසුරු ධුරයට පත්වු අවස්ථාවේදී පිළිගැනීමේ උත්සව සභාව අමතා කළ කතාව සහ වික්ටර් අයිවන් මහතා ලියු නොනිමි අරගලය, කෘතියද අධිකරණ ලේඛන වශයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමටද අවසර ඉල්ලා ඇත.
අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එරෙහිව පවරා ඇති නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (30) තෙවැනි දිනයටත් කැඳවූයේ සිසිර ද ආබෲ , ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජන් රාමනායකට ජය වේවා!
රන්ජන් කිව්වේ ඇත්ත...
පහුගියදා පැවැත්වුණු සුප්‍රකට විවාහ මංගල්‍ය උත්සවයකට මහ බැංකු හුටපටයක් නිසා නඩුවක් වැටී ඇති තැනැත්තෙකු සිය බිරිඳ සමඟ සහභාගි වුණාකියලා මේ මහත්තයා කියනවා. එතැනදී ගත්තු පින්තූර වගයකුත් මෙතුමාට ලැබුණාලු. දැන් වෙන්නේ ඔය කතාවටත් අලුත් නඩුවක් වැටෙන එකයි.
බලමු අපේ නීතියේ දෙවඟන මේ අධිකරණයට අපහාස කරයි කියන පඹගාල නිරාකරණය කරන්නේ කොහොමද කියලා...
අපිත් පෞද්ගලිකව අපේ මිත්‍ර නීතිඥ මහත්වරු කියන දේවල් අපි දන්නවනේ. ඒවා ඇසුවාම අපි රන්ජන් මහතා සමග නොව රන්ජන් මහතා අපි සමග එකඟ වුනා.. කියලා කියන්න වෙනවා. මොකද රන්ජන් මහතා ප්‍රකාශ කරපුවා අපි බොහෝ කල් සිට අසා දන්නා නිසා...
සාක්කි දෙන්න ඉදිරිපත් වෙලා ඉන්න සාක්ෂිකරුවන් සාක්ෂිවලට කැඳවුවොත් සියදිවි හානිකර ගන්න වෙනවා. නොකැඳවුවොත් ජනතා අධිකරණය ඉදිරියේ වැරදිකරුවෙකු වෙනවා. එවිට වෙන ලැජ්ජාවට සියතින්ම සිය දිවිහානි කරගන්න වෙනවා. " ගෙදර ගියත් තෝ නසී මග හිටියත් තෝ නසී" කියන්න වෙනවා
ගානක් නෑ. වැරදිකරු උනොත් පෙබරවාරි 4 කිට්ටු වෙනකොට ජනාධිපති සමාව දෙන්ඩ කියල ඉල්ලීම් කරමු.
මේ නඩුවත් ඔය අනෙකුත් නඩු වගේ අවරුදු 10-15 විතර ඇදිල ගිහින් විසිවෙලා යාවි , මොනවා නමුත් රන්ජන් කිවේ ඇත්ත , උසාවියකට ගිහින් පැය කීපයක් ඉන්න කොට පෙනෙනවා ,නඩු කියක් විසන්දනවද ? කියක් කල්දමනවද කියල , පෙරකදෝරුවෝ පොහොසත්වන මේ ක්‍රමය වෙනස් විය යුතුය
අධිකරණය කුමන ආකාරයේ වරදක් කළත්, ඔවුන් නිවැරදි බව ඔවුන්ම ප්‍රකාශ කරයි. මෙය ළදරුවෙක් කරන වරදක් වැනිය. අධිකරණයේ මතය වන්නේ විනිසුරුගේ මතයයි. ඔවුන්ද මිනිසුන්ය. මිනිසුන් අතින් වැරදි සිදු වන අතර, වැරදි කරන මිනිසුන්ද ඇත...
හැම එකම ප්රජාතන්ත්රවාදි නම් අධිකරණයටත් ජනතා බදු මුදල් වලින් නඩත්තු වන ආයතනයක් විදියට ගෞරවනීය ජනතාවගේ විවේචන වලට සත්තු වගේ කූඩුවට නොදා ඒවා බාරගෙන ක්‍රියා කිරීමට වඩාත් සංකීර්ණ ක්‍රමවේදයක් හදන්න ඕන. මේවත් රටේ නීතිපොත් වලට ඇතුලත් වෙන්න ඕනේ. එහෙම නැතිතාක් කල් ඕනෑම මනුස්සයෙක් මේ විදියට තමන්ට සිද්ධ වුනා කියලා හිතන වැරැද්දක් ප්‍රකශ කරන්න තැනක් හොයන්න පුළුවන්. එතකොට අධිකරණය 100% ක් ම සාධාරණ උනත් ගෞරවනීය ජනතාවට කිසියම් සැකයක් ඇතිවන්න පුළුවන්. අනිත් අතට පැරණි නඩු තීන්දු, ඉදිරිපත් වුන සාක්ෂි ආදිය ගැඹුරට විශ්ලේෂණය කළහැකි පරිගණක මෘදුකාංග නඩුකාරවරුන්ට හඳුන්වා දෙනවානම් හොඳයි. එතකොට වඩාත් ත්‍රිමාණ තීන්දු දෙන්න ඔව්න්ට පුළුවන්වේවි .