(ඩයනා උදයංගනී)
ත්‍රිකුණාමලය, කින්නියා, කන්දල්කාඩු ප්‍රදේශයේ අනවසර වැලි ගොඩදැමීම් වැටලීමට නාවික හමුදා නිලධාරීන් ගිය අවස්ථාවේ ඇති වූ සිද්ධිය වැලි ජාවාරම්කරුවන් විසින් සැලසුම් සහගතව ඇති කළ එකක් බව පෙනී යන්නේ යැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසීය
ජනාධිපතිවරයාගෙන් ලැබුණු උපදෙස් අනුව නාවික හමුදාව කන්දල්කාඩු ප්‍රදේශයේ අනවසර වැලි ගොඩදැමීම් වැටලීමේ කටයුතුවල ඉකුත් 6 වැනිදා සිට නිරත වූ බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා පසුගිය 24, 25 දිනවල එම ප්‍රදේශයේ කළ වැටලීම්වලදී අනවසර වැලි ගොඩදැමීම් කටයුතුවල නිරත වෙමින් සිටි පුද්ගලයින් හය දෙනෙක්, වැලි පිරවූ බෝට්ටු හයක් සහ ට්‍රක් රථ දෙකක් අත්අඩංගුවට ගත් බව සඳහන් කළේය.
නාවික හමුදාව ඊයේ (29) අලුයම වැටලීමකට ගිය අවස්ථාවේදී විශාල පිරිසක් ඔවුන් වටකරගෙන පහරදීමට උත්සාහ කිරීමත්, පසුව ප්‍රදේශවාසීන් කුපිත කරවා නාවික හමුදාවට පහරදෙන තත්ත්වයක් ඇතිකරවීමත් වැලි ජාවාරම්කරුවන් විසින් සැලසුම් කරන්නට ඇති බව එම සිදුවීම් සිදුවූ ආකාරයෙන් පෙනී යන්නේ යැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේදී අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙම අවස්ථාවේදී වැලි ගොඩදැමීම්වල නිරතවන්නන් සහ ප්‍රදේශවාසීන් 500ක පමණ පිරිසක් නාවික හමුදා නිලධාරීන් වට කර විරෝධය දක්වමින් පහර දී ඇතැයි කී මාධ්‍ය ප්‍රකාශකවරයා නාවික හමුදා නිලධාරීන් අහසට දෙවරක් වෙඩි තබා ඇත්තේ එම අවස්ථාවේදී බව ද කීවේය.
තත්ත්වය උණුසුම් වූ අවස්ථාවේදී පොලීසිය හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා පවා පැමිණ සිටියදීත් ඔවුන් නාවික හමුදා නිලධාරීන්ට පහර දුන් බව සිද්ධියට අදාළ දර්ශන පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ යැයි ද ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා කියා සිටියේය.
කුමන තත්ත්වයන් ඇතිවූව ද රට තුළ සිදුවන මෙවැනි ජාවාරම් මැඩලීම වෙනුවෙන් නාවික හමුදා සහය ඉදිරියටත් ලබාදෙන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
අතින් පයින් මෙන්ම පොලූ, මුගුරු, ගල් ආදියෙන් කළ පහරදීම් හේතුවෙන් තුවාල ලැබූ නාවික හමුදා නිලධාරීන් 12
දෙනා මේ වන විටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා ඉන් සිව්දෙනෙකුගේ මුහුණ හා ශරීරයේ ඉහළ කොටස්වලට බරපතල තුවාල සිදුව ඇතැයි ද කීවේය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලීසිය විසින් සිදුකරගෙන යනු ලබන බව කී ලූතිනන් කමාන්ඩර්වරයා මෙම වැලි ගොඩදැමීමේ ජාවාරම මෙහෙයවන්නන් සොයාගැනීම සඳහා ද පොලීසිය හා ත්‍රිවිධ හමුදා බුද්ධි අංශ එක්ව කටයුතු කරමින් සිටින බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව පොලිස් බලතලත් දුන්නොත් කොහොම හිටීවිද?
අපේ රටේ සුළු ජාතීන්ට වෙනම නීතියක්නේ තියෙන්නේ... ඒ ගොල්ලන්ට හෙල්මට් නොදැම්මට දඩ ලිව්වොත් මහා රණ්ඩුවක් කරලා තමා නවතින්නේ ඒ වගේම ඒ ගොල්ලෝ නීති විරෝධී වෙන මොනයම් කටයුත්තක් කරනකොට ඒකට නීති ප්‍රකාරව කටයුතු කළොත් මහා විනාශයක් කරලා නවතින්නේ. ආණ්ඩුවට කොන්ද පණ තියෙන්නේ සිංහල අපිව පාගලා දාන්න විතරයි.
මේ රටේ නීතිය අන්‍ය ජාතික මිනිස්සුන්ට අදාල නැත. පහරදුන් හා හොරෙන් වැලි හැරූ කිසිම කෙනෙක් අත්අඩංගුවට ගෙන නැත. මාත් අාසයි, වෙනත් ආගමකට යන්න..
අවුරුදු 13න් පහළ ළමයි කසාද බඳින්න ඕනේ කියලා මොන්ටිසෝරි යන ළමයි දාගෙන පෙළපාලි යන මිනිස්සුන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?
ඊයේ එම ස්ථානයට පැමිණි එම ප්‍රදේශය නියෝජනය කරන නියෝජ්‍ය ඇමති යහපත් ප්‍රතිචාරයක් නොවේ කළේ. මීට කලිනුත් හිටපු නැගෙනහිර මහඇමැති නසීරුත් නාවික හමුදා නිලධාරියකුට බැණ වැදුණා. එම නිසා නීතිය හරියාකාරව ක්‍රියාත්මක කළයුතුයි. නීතිය හරියාකාරව ක්‍රියාත්මක නොකිරීම නිසා තමයි අද පොලීසිය සහ ආරක්ෂක අංශය අපහසුතාවට පත්වෙලා ඉන්නේ...
නීතිය ක්‍රියාත්මක වෙනහැටි අපි බලාගෙනයි ඉන්නේ...
කොටි ඉන්න කාලේ නිදිමරාගෙන මේ මිනිස්සුන්ව ආරක්ෂා කරපු මිනිස්සුන්ට නේද මේ නීතිය ක්‍රියාත්මක කරන්න ගියහම අමානුෂික විදිහට ගැහුවේ? පුදුමාකාර සත්තු ජාතියක් මේ නම්.
හලෝ ගුටි කාල දැන් හේතු කියන්න එපා. තුවක්කු තියාගෙන බම්බුවටද ගුටි කෑවේ? කොල්ලනී උඹලා ඉන්නේ රට ජාතිය රකින්න මිස දේශපාලුවන් රකින්න නොවේ. එමනිසා අවස්තාව පැමිණිවිට තීරණය කරපල්ලා කලයුතුදේ. ඇහුනද?
ඒ පැත්තට වෙනම නීතියක්ද, රගන රැගිල්ල නියමයි නේද?
පහර දීපු අය වහාම අත්අඩංගුවට ගන්න. එකඑක්කෙනාට ඕනෙ විදියට රටේ නීති වෙනස් කරන්න බැහැනේ.. අත්අඩංගුවට ගන්නේ නැතිනම් ලංකාවේ අනෙකුත් පළාත්වල මිනිස්සුන්ටත්, ආරක්ෂක අංශවලට පහර දෙන්න අවස්ථාව දෙන්න.
වහාම පහර දුන්නු අය අත්අඩංගුවට ගන්න. නැතිනම් තව ඔය වගේ දේවල් වෙනකල් බලන් ඉන්න. ඉන්න නායකයන්ට විශේෂයෙන් අගමැති සහ ඉන්න ගල් ඉබ්බන්ට කොන්දක් කියලා එකක් තියෙන්න ඕනේ. වෙන දේවල් වලට නම් ලොරි කතා තමයි කියන්නේ... කෝ මේ අනුර රතුඅලි පැටියා..
රෝහල් ගතවී ප්‍රතිකාර ලබන නාවික හමුදා නිලධාරීන් ට ඉක්මන් සුවය පාර්ථනා කරන අතර , බැරි වෙලා හරි නාවික හමුදා නිලධාරීන් ප්‍රති ප්‍රහාර එල්ල කරානම් මෙහෙ ඉන්න මුස්ලිම් සහ දෙමල මන්ත්‍රී වරු දැන් ඉන්නේ ජීනීවා වල. ප්‍රාන්ත වලට බෙදා බලය ලබාගන්න කම් බලාගෙන ඉන්නේ ,බලතල දුන්න ගමන් සිංහල ජාතියට යන්න තැනක් හොයාගන්න වෙඊ . නිවට ආණ්ඩුව රටේ මුරදෙවතාවුන්ට සුළු ජාතීන් ලවා පහර දෙනවා
අපේ හමුදාවේ අය ඉස්සරනම් කාගෙන්වත් අතින් පයින් ගුටි කාල නැහැ.
මම ඉන්න රටේ මේ ජාතියේ මිනිස්සු බහුතර ඉන්න පළාත් තියෙනවා මත්ද්‍රව්‍ය, හොර සල්ලි, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර හැමදාම වාර්තා වෙනවා. පොලිසියෙන් අල්ලන්න ගියාම පොලිසියේ අයට ගහලා මුළු පළාතේම පාරේ නවත්වලා තියෙන වාහන ගිනිතියල තමා නවත්වන්නේ. මේ පළාත්වලට පොලිසියේ අය කියන්නේ "No go zones ". ස්වීඩන්වල විතරක් නෙමේ ප්‍රංශයේ, බ්‍රිතාන්‍යයේ, බෙල්ජියම්, ඉතාලි, ජර්මනි වගේ යුරෝපේ හැම රටකම මේ පළාත් තියෙනවා. ලංකාවේත් මේ මිනිස්සු කරන්න හදන්නේ ඕකම තමයි. ඊට පස්සේ නීති විරෝධී වැඩ, අරාබි නීති, වෙනම පළාත්... ඊට පස්සේ වෙනම ආගමික රටවල් බවට මේ පළාත් පත්කරනවා.