ලංකාවත් කෙන්යාවේ සෝමාලියාවේ තත්ත්වයට පත්වීමේ අවදානමක්
රටේ පවතින දේශපාලන අර්බුදය විසඳා ගැනීමට විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය උත්සුක නොවන බැවින් එය තව තවත් වර්ධනය වෙමින් රට කෙන්යාව, සෝමාලියාව වැනි තත්වයට පත්වීමේ අවදානමක් ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා කොළඹදී අද (5) පැවසීය.