අලි රොෂාන්ගේ නඩුව පෙබරවාරි 13 දා සිට විභාගයට
වනජීවී දෙපාර්තමෙන්තුවේ තිබු අලි ලියාපදිංචි කරන පොත කූඨ ලෙස වෙනස් කොට බලපත්ර නොමැති අලි ඇතුන් ළඟ තබාගත් බවට චෝදනා ලැබ සිටින අලි ජාවාරම්කරුවකු බව කියන අලි රෝෂාන්, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුලු හත්දෙනෙකුට එරෙහි නඩුව ලබන වසරේ පෙබරවාරී මස 13 වැනිදා සිට දිනපතා විභාග කිරීමට විශේෂ ත්රිපුද්ගල මහාධිකරණය (05) තීරණය කළේය.