(ඉන්දිකා රාමනායක)
නව සිංහලේ ජාතික සංවිධානයේ අධ්යක්ෂ ඩෑන් ප්‍රියසාද් මහතා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් ඔහුගේ මීතොටමුල්ලේ නිවසට ගොස් ඔහු පිළිබඳ විස්තර විමසා ඇති අතර ඔහු එම වේලාවේ නිවසේ සිට නොමැත.
අනතුරුව ඩෑන් ප්‍රියසාද් නීතීඥයකු මාර්ගයෙන් පැමිණ බාරවීමෙන් පසු අත්අඩංගුවට නෙ ඇත.
ජනතාව සමඟ උද්ඝෝෂණවල නියැලි සිටි බවට ඇති තොරතුරු හේතුවෙන් ප්‍රශ්න කිරීම් සඳහා මොහු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේරම සිංහලයන් හිරේ දාන්න.
අනේ මන්දා මෙව්වා කොහෙන් කෙළවර වෙයිද දන්නේ නැහැ. කොහෙන් ගියත් අන්තිමට වැරදි සිංහල අයම තමයි.. අැත්තටම මොවුන් ත්රස්තවාදීන් කියලා අපි අහල තිබුණේ නැහැ.. එතකොට මුස්ලිම්, දෙමළ අයගේ ජාතීවාදීන් නැද්ද...? අර බයුර්දීන්, සිවාජිලංගම් වගේ අයයි, මේ අයයි අතර වෙනස මොකක්ද හැබෑට...?
අන්තවාදී ඉස්ලාම් සංවිධානවල නායකයින්ව සති 3ක් තිස්සේ අත්අඩංගුවට නොගෙන කල්මරපු මේ නපුංසක ආණ්ඩුව දැන් ආණ්ඩුවේ මැරයින් දම්මලා අහිංසක මුස්ලිම් මිනිස්සුන්ගේ ගෙවල් කුඩු කරලා, ඒවා ඔක්කොම සිංහල සංවිධාන පිට දාලා. මෙහෙමත් ඡන්ද පෙරේත ආණ්ඩු... පොලිසිය, හමුදාව ගෙවල් කුඩුකරපු මැරයින්ට එරෙහිව කිසිවක් නොකර බලා සිටීමෙන්ම පේනවා මේවා ආණ්ඩුවේ වැඩ බව. එක ගලෙන් කුරුල්ලෝ හත් අට දෙනෙක්ම මරගන්නයි ආණ්ඩුවේ කල්පනාව. සියලු වැරදි සිංහල මිනිස්සු පිට දැම්මා, බෝම්බ ගහන්න උදව් දීලා මිනිස්සුන්ගෙන් කුණු බැනුම් අහන එක අඩු වුණා. සිංහල සංවිධානවල නායකයෝ ටික හිරේට දැක්කුවා.. ඉස්සරහට ඡන්ද කල් දාගනියි.. රටට ද්‍රෝහී නීති සම්මත කර ගනී... ඕකනේ සැලසුම.
ආණ්ඩුව කරන්න ඕනි දේ නෙවෙයි කරන්නේ... කැකිල්ලේ රජ්ජුරුවෝ හොඳයි.. අපිව රවට්ටන්න හදනවා මේ ආණ්ඩුව.. සිංහලයාව අවුස්සන්න හදනවා.. අපි නම් ඇවිස්සෙන්නේ නෑ ඕං...
මේ රට හදන්න නම් ඉස්සෙල්ලාම කරන්න ඕනෑ එකඑකා අටවන් ඉන්න ආගමික හෝ ජාතික සංවිධාන තහනම් කරලා දන එක.. සියලුම ආගමික නාලිකා අයින් කරලා දාන්න ඕනෑ. අනික ඔය පිළිගත් ආගමික කණ්ඩායම් වලින් කඩන් ගිහින් අලුතින් අටවාගත්ත ආගමික කල්ලි තහනම් කරන්න ඕනෑ. ඔය විකාර නිසා තමයි මේ රට කන්නේ.