(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම පළාතේ සියලුම සුරාසැල් අද (14) සිට තාවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතාගේ උපදෙස් මත මෙලෙස ක්‍රියා කළ බව හැටන් සුරාබදු අධිකාරියේ නිලධාරියෙක් පැවසීය.
අද (14) උදැසන සිට විවෘත කර තිබූ සුරාසැල් අද පස්වරු 2 වනවිට වසා දැමීමට මත්පැන්සැල් අයිතිකරුවන් කටයුතු කර ඇත.
මෙම සුරාසැල් නැවත විවෘතකරන දිනයක් තවම ප්‍රකාශයට පත් කර නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා කාලෝචිත තීරණයක්. මුළු ලංකාවේම සියලුම සුරාසැල් මෙම තත්වය සමනයවන තුරු වසා දමන්න.
වහනවා නම් ලංකාවේම වහපල්ලා... එහෙට එකයි මෙහෙට එකයි මොකක්ද මේ විකාරය.. මේ අාණ්ඩුවට නායකයන් ගොඩයි. හැබැයි එකෙක්ටවත් මොලයක් නැහැ. නැත්නම් මේක වුවමනාවෙන් අවුලවනවා දැක්කනේ.. අර පන්සල්වලට යවන්න තිබ්බ ලිපි.. මොවුන් වැඩේ හොඳටම කුරුවල් කරනවා...
හා හා හා!!!, පය බරවායට පිටිකර බැන්දා වගේ වැඩ තමා මේ අය කරන්නේ...!!!
සදහටම වහලා දාන්න...
මුලු ලංකාවම මත්පැන් හල් වසන්න. එතකොට රට ගොඩක් හොඳ තැනකට ඒවි... දැන් කළයුතු හොඳම දෙය එයයි.
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවේ දෝෂ කිහිපයක් ඇති බව සඳහන් කරමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එයට විරෝධය දක්වා තිබේ. එම විශ්වාසභංගයට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ, අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ඇතුළුව මන්ත්‍රීවරුන් 29ක් අත්සන් තබා තිබේ. කෙසේවෙතත් අද පෙරවරුවේ හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් පවත්වා ඇති අතර එහිදි මහින්ද රජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ විශ්වාසභංග යෝජනාවේ දෝෂ කිහිපයක් අති බවත් දැන්ම ඉදිරිපත් නොකරන ලෙසත් දන්වා ඇත.
සුරාසල් හැමදාටම වසාදමන්න..
ආණ්ඩුව එක අතකින් බලපත්‍ර දෙමින් හැකිතාක් සුරාසල් විවෘත කිරීමට අනුබල දෙනවා. අනිත් අතින් මිනිසුන් බීමත්ව කරන අපරාධ වළක්වන්නට හදනවා.
කවුරු කුමට මොනවා කරනවද දන්නේ නැහැ. එක එක්කෙනාට හිතෙන හිතෙන වැඩ කරන්නේ.
පිටුපස දොරෙන් නම් වැඩි මිලට බඩු යනවා වගේ...
හොඳ තීරණයක්... අනිත් පළාත්වලත් මෙය ක්‍රියාත්මක කළ යුතුය.. බීලා මත් වුණු අය තමයි වැඩිපුර කෝලාහල වලට සම්බන්ධ වෙන්නේ...
හොඳ තීරණයක්... අරක්කු බීගෙන කඩ කඩන්න අපේ හාදයෝ දස්සයෝ. කොහොම වුනත් බේබද්දෝ අතර ඉන්න UNP සහ JVP කාරයෝ ඕකටත් මහින්දට බනිනවා. ඔවුන්ගේ ඕනෑම ලෙඩකට හේතුව මහින්ද නිසා...
සදහටම වහන්න. නමුත් සමහර ජාතිවාදී පාට කණ්ණාඩි පළඳින හොඳට සප්පායම් වන උදවිය නම් අකමැති වේවි... නිදහසට කරුණුත් දක්වාවි...
සාදූ සාදූ සාදූ !!!
මුලු රටේම වහලා දාන්න. බාර් ඕනැම නෑ.
කලින් දන්වලා කරන්න ඕනෑදෙයක්... පාරිභෝගිකයින් අපහසුතාවයට ලක්වෙනවා..
සදහටම වහන්න. නමුත් සමහර ජාතිවාදී පාට කණ්ණාඩි පළඳින හොඳට සප්පායම් වන උදවිය නම් අකමැති වේවි. නිදහසට කරුණුත් දක්වාවි...