පස් කන්දට යට වූ එකම පවුලේ සිව් දෙනා සොයා මෙහෙයුම් පසුගිය දා කදපොළ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කදපොල චන්දිරිගම නායයැමකින් අතුරුදහන් වූ මව, දරුවන් දෙදෙනා සහ දරුවන් දෙදෙනාගේ මිත්තනිය සොයා නුවරඑලිය සිංහ රෙජිමේන්තුවේ භට පිරිසි විසින් ඊයේ (01) දින මෙහෙයුමක් දියත් කලහ. 02 December 2025
විපතට පත් අයට එල්.බී ෆිනෑන්ස් පිහිටක් වෙයි අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව එල්.බී ෆිනෑන්ස් සමාගම විසින් රුපියල් ලක්ෂ 50ක මුදලක් පරිත්‍යාග කරනු ලැබීය. 02 December 2025
වැනසුණු ආගමික ස්ථාන හදන්න පොහොට්ටුවේ සහය ආපදාවට ලක්ව සම්පූර්ණයෙන් විනාශ වූ සහ හානිවූ ආගමික සිද්ධස්ථාන නැවත ගොඩනැගීමට හා පිළිසකර කර දීමට සහාය දෙන්නැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ආසන සංවිධායකවරුන්ගෙන් සහ ග්‍රාමීය නායකයිගෙන් ඉල්ලා සිටියේය. 02 December 2025
මහියංගණය රෝහල යථා තත්වයට ජලයෙන් යටවී දින කිහිපයක් සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබූ මහියංගනය රෝහලේ රෝගී ප්‍රතිකාර කටයුතු මේවනවිට ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. 02 December 2025
ප්‍රා.ලේ.කොට්ඨාස 70 කට රතු නිවේදන දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 70 කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (02 ) සවස දක්වා බල පැවැත්වෙන පරිදි නාය යෑමේ තෙවන මට්ටමේ රතු නිවේදන නිකුත් කර ඇති අතර තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 27 කට පළමු සහ දෙවන මට්ටමේ නිවේදන නිකුත් කර තිබේ. 02 December 2025
මෝදි-අනුර දුරකථන සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ දුරකථන සාකච්ඡාවක් සිදුව තිබේ. 02 December 2025
නාගරික මන්ත්‍රීට පහරදුන් 6ක් අල්ලයි අතුරුගිරිය තුන්අදහේන ප්‍රදේශයේ ගං වතුරින් පීඩාවට පත්ව සිටි ජනතාවට සකස් ආහාර බෙදාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ කතාබහක් දුරදිග ගොස් කඩුවෙල මහ නගර සභාවේ ජාතික ජනබලවේගයේ නාගාරික මන්ත්‍රීවරයෙකුට ඊයේ (01) දින පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයින් හය දෙනෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි 02 December 2025
විදෙස් පරිත්‍යාග තීරු බදු නැතිව ගෙන්වන ක්‍රමයක් විදේශීය පරිත්‍යාගශීලීන් විසින් ආපදාවට පත් වූ ජනතාව වෙත ලබා දෙන අත්‍යවශ්‍ය භාණ්ඩ තීරුබදු සහ ගාස්තුවලින් තොරව ගෙන්වීමට ක්‍රමවේදයක් රජයේ හඳුන්වා දී තිබේ. 02 December 2025
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආධාර තොගයක් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආපදා තත්වයෙන් පීඩාවට පත් වී සිටින මෙරට ජනතාව වෙත ලබා දීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලබාදුන් ආධාර තොගයක් රැගත් පළමු ගුවන් යානය අද අලුයම 12.00 ට කටුනායක ගුවන් තොටුපොළ පැමිණියේය . 02 December 2025
වැඩි මිලට බඩු වික්කොත් දැඩි දඬුවම් ආපදා අවස්ථාවේ වැඩි මිලට බඩු විකුණා අයුතු ලාභ ගන්නා වෙළෙඳුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍ර කීර්ති මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 02 December 2025
තැනින් තැනට සුළු වැස්සක් උතුරු සහ දකුණු පළාත්වල වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 December 2025
මහනුවර යට වෙන්න හේතුව කිරිඇල්ල කියයි වික්ටෝරියා ජලාශය වරින් වර ක්‍රමානුකූලව විවෘත නොකර වාන් දොරටු වසාගෙන සිටීම හේතුවෙන් මහවැලි ගඟ උතුරා මහනුවර නගරය යටවී මෙම විශාල ඛේදවාචකය ඇතිවුණු බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 01 December 2025
හව්හරණක් නැතිව අවසන් ගමනේ උඩපළාත ඉහළගම මාවතුර ප්‍රදේශයේ මහා කන්දක් නාය යෑමෙන් ගම්මානයේ 40 කට ආසන්න පිරිසක් එම කන්දට යවන්නට ඇතැයි ඇතැයි ගම්වාසීහු පවසති. 01 December 2025
ආපදාව ගණන් නොගත්තාට ආණ්ඩුවට නඩු කාලගුණ ආපදාව සම්බන්ධයෙන් කල්තියා තොරතුරු ලැබී තිබියදී අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව නඩු පවරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය. 01 December 2025
ජනපති, ආණ්ඩුකාරවරුන් - පළාත් ලේකම්වරුන් අමතයි රටටම එකවර බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් මෑත කාලයේ සිදුවූ විශාලම විනාශයට රටට මුහුණ දීමට සිදුව තිබෙන බවත්, මෙම තත්ත්වය කඩිනමින් මගහරවා ගනිමින් යළි රට ගොඩනැගීමේදී ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට පුළුල් වගකීමක් පැවරී තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසනායක මහතා පැවසීය. 01 December 2025
ආපදාවට හසුවූ නිවාසවලට දැනුම් දෙන තුරු යන්න එපා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ නිලධාරීන් පරීක්ෂා කර නිවසට යන ලෙස නිර්දේශ කරන තෙක් නිවසින් පිටව සිටින ජනතාවගෙන් නැවත නිවසට නොයන ලෙස ඉල්ලා සිටින බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා අද (1) පැවසීය. 01 December 2025
කැලණි ගඟ රුදුරු වී කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් කඩුවෙල නගරය සහ අධිවේගී අධිවේගී පිවිසුම අවට අඩි දහයක පමණ ජලය මට්ටමක් දක්නට ලැබිණි. 01 December 2025
ප්‍රමාණවත් දුම්රිය නොමැති නිසා මගීහු මහ මග දුම්රිය ගමන් වාර සංඛ්‍යාව සීමා කිරීමට සහ කුඩා දුම්රිය ධාවනයේ යෙදවීමට බලධාරීන් උපදෙස් දී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ පවසති. 01 December 2025
චීනයේ විශ්වාසය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ස්ථාවර නායකත්වය සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ සාමූහික සහයෝගය යටතේ ආපදා තත්වයෙන් ගොඩඒමස සඳහා ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා එක්ව සහයෝගයෙන් කටයුතු කරනු ඇතැයි චීනය විශ්වාස කරන බව මෙරට චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 01 December 2025
රට යළි ගොඩනගන අරමුදලට කැබිනට් අනුමැතිය ‘දිට්වා’ සුළි කුණාටුවෙි හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් ‘Rebuilding Sri Lanka’අරමුදල ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 01 December 2025
නවසීලන්තයෙන් ඩොලර් මිලියනයක් ආධාර දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන්ට සහන සැපයීමට නවසීලන්ත ඩොලර් මිලියනයක් ආධාර ලෙස ලබාදීමට නවසීලන්ත රජය තීරණය කර ඇතැයි මෙරට නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය අද ප්‍රකාශ කළේය. 01 December 2025
බන්ධනාගාරයට ස්කෑන් ගැනීමේදී සමාගම් දෙකකට සැළකිල්ලක් බන්ධනාගාර දෙපාර්තුමේන්තුව සිරකරුවන් සහ සිරකරුවන්ට දෙන පාර්සල් ස්කෑන් කිරීමට රුපියල් කෝටි ගණනක් වටිනා නවීණ ස්කෑන් යන්ත්‍ර 8 ක් මිලදීගැනීම සඳහා ප්‍රසිද්ධ කර ඇති ටෙන්ඩර් දැන්වීමට සැපයුම්කරුවන්ගේ සුදුසුකම් වැරදි ලෙස නිර්දේශ කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තුමේන්තු ඇතැම් නිලධාරීහූ පවසති. 01 December 2025
දුම්රිය වාර ප්‍රවේශපත්‍රයේ කාලය 7 දක්වා දීර්ඝ කරයි රට පුරා පවතින අපදා තත්වය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා ඇතිවීම පිළිබඳ අවධානය යොමු කරමින් නොවැම්බර් මස දුම්රිය වාර ප්‍රවේශ පත්‍රයේ කාලය මෙම මස 7 වැදා දක්වා දීර්ඝ කළ බව එම දෙපාර්තමේන්තුව පැවසීය. 01 December 2025
ආපදාවක් නැති පළාත්වල ලංගම වැඩ මගී ප්‍රවාහන බස් ආපදාවට පත්ව නොමැති සියලුම ප්‍රදේශවලට ඊයේ (1) දිනයේ ධාවනය කළ ලංකා ගමනාගමන මණ්ඩලය සහ පෞද්ගලික බස් රථ නියාමනය කරන ආයතන පැවසීය. දුම්රිය ගමන් වාර සංඛ්‍යාව ද අද පස්වරුව වන විට තව දුරටත් වැඩි කිරීමට දුම්රිය දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි. 01 December 2025
සුනාමි ප්‍රති උපකාරයට ඇවිත් ගංවතුරින් විපතට පත්ව සිටින කොලොන්නාව ප්‍රදේශයේ ජනතාව බේරා ගැනීම සදහා ගාල්ල අම්බලන්ගොඩ ප්‍රදේශයේ ධීවර රැකියාවේ නිරත තරුණයෝ පිරිසක් තම පිහිනුම් උපදේශිකාව ද සමග වැල්ලම්පිටිය ප්‍රදේශයට බෝට්ටු ද සමගින් පැමිණ ජනතාව බේරා ගැනීමේ කටයුතු වල නිරත වූහ. 01 December 2025
ආපදා හේතුවෙන් මිය ගිය ගණන තවත් ඉහළට දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයිනට බලපා ඇති ආපදා තත්වයෙන් අද (01) දිනය වන විට මරණ 366ක් සිදුවී 367 ක් අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 01 December 2025
මෝය කටේ වැලි ඉවත් කරමින් සිටි නාවික හමුදාවේ 5ක් අතුරුදන් අධික වර්ෂාව හේතුවෙන් මුලතිව්, චලේ ප්‍රදේශයේ වැලිවලින් වැසී ගිය කලපුවක ජල මාර්ගය පිළිසකර කරමින් සිටි නාවික හමුදාවේ පස් දෙනකු අද (1) අධික ජල පහරට හසුව අතුරුදන්ව ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක බුද්ධික සම්පත් මහතා පැවැසීය. 01 December 2025
රන් පවුමක මිල තවත් ඉහළට රත්තරන් පවුමක මිල දින පහක් තුළ රුපියල් 6,000 කින් ඉහළ යෑමෙන් කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක් මිල රුපියල් 315,000 ක් බවට පත්වූ බව හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ අද (1) පැවසූහ. 01 December 2025
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026