
(ෂේන් සෙනෙවිරත්න)
උඩපළාත ඉහළගම මාවතුර ප්‍රදේශයේ මහා කන්දක් නාය යෑමෙන් ගම්මානයේ 40 කට ආසන්න පිරිසක් එම කන්දට යවන්නට ඇතැයි ඇතැයි ගම්වාසීහු පවසති.
අතුරුදන් පිරිසගෙන් 15 දෙනකු ගේ සිරුරු ගම්වාසීන් විසින් සොයාගෙන ඇති අතර තවත් 25 දෙනකු සොයා ගැනීමට නැතැයි ඔවුහු පවසති.
මියගිය අයගේ අවසන් කටයුතු කිරීම භික්ෂුන් වහන්සේලාගේ සභාගීත්වයෙන් තොර ගම්වාසීන් හා මියගිය අයගේ ඥාතීන් විසින්ම ආගමික වතාවත් පවත්වා අවසන් කටයුතු කළ බව එම ගම්මානයේ තරුණියක වන අරුණි ජයවර්ධන මහත්මිය අපහා දුරකතනයෙන් දන්වා සිටියාය.
ආගමික වතාවත් සිදු කිරීමට භික්ෂූන් වහන්සේ නමක් සොයා ගැනීම අපහසු වී ඇතැයි ද ගම්මානයේ පිරිසක් අපහා පැවැසීය.
අතුරුදන් වූ පිරිස සොයා මේ වන විට ගම්වාසීන් විසින් නාය ගිය ප්‍රදේශ බව ජයවර්ධන මහත්මිය කීවාය.
එම ප්‍රදේශයේ සිදුවූ නාය යාම හේතුවෙන් ගම්මානයේ ගම්වැසියන් 40ක් පමණ දෙනා මිය යෑම සහ අතුරුදන්ව සිටින අතර තවත් 600 කට ආසන්න ප්‍රමාණයක් අවතැන් වී සිටින බව ඇය පවසන්නීය.
ගම්මානයේ දැනට අවතැන්වී සිටිනන පුද්ගලයනට මෙතෙක් කිසිදු හව්හරණක් නොමැතිව ප්‍රදේශයේ පාසලක සහ භික්‍ෂුණී ආරාමයක රඳවා සිටින බවත් ඔවුන්ට මූලික පහසුකම් හෝ නොමැති බවද අරුණි ජයවර්ධන මහත්මිය පවසන්නීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුක්ඛදායක අවස්ථාවක් උනත් අවසන් ගමනට ආගමික චාරිත්‍ර අනවශ්‍ය බවට උදාහරණයක්. හෝමෝ සේපියන්ස්ල එක වර්ගයක් නම් විවිධ විෂම වූ ඇදැහිලි තිබිය නොහැකිය. එකක් ඇත්තනම්, එයිට හාත්පසින්ම වෙනස් වූ ඇදහිල්ලක් සත්‍ය විය නොහැක.
මියගිය සියලුම දෙනාට උතුම් නිවනින් සැනසීම ලැබෙිවා
බොහොම කණගාටුදායක කාලයක් අපි ගතකරමින් සිටින්නේ... මිය ගිය සියලු දෙනාටම නිවන් සුවය ප්‍රාර්ථනා කරමි. මේකත් හරියට පොඩි සුනාමියක් ආවා වගේ...
වින්සන් කජ්ජා වගේ අය ජෙප්පන් හින්දා තමයි අද ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ.
ඉතාම කණගාටුයි. අවතැන් වෙලා සිටින අයට ඉක්මණින් විසදුමක් ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමු..
නරුමයින් සිටින රටක ඔවුන් යළි නොඉපදේවා...
කොරෝනා කාලෙ ඔය අදහස කියන්න වින්සන්ට් කජ්ජා වගේ කල්ලතෝනියෙක්ට (ආගමක් නොමැති) කොන්දක් තිබ්බේ නැහැනේ...
මහ මිනිහා පොළව පැලෙනකල් බොරු කියලා අන්තිමට ගොමවලින් වහන්න යනවා. නම පටන් ගන්නෙම කව් කියලනේ...