සංචාරක හෝටල්වල විදුලිබිල ගෙවන්න වසරක සහන කාලයක් කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ පීඩාවට පත් සංචාරක කේෂ්ත්‍රයේ නියුතු හෝටල් හා වාසස්ථාන වලට විදුලිබිල ගෙවීමට වසරක සහන කාලයක් ලබාදෙන චක්‍රලේඛය නිකුත් වී ඇතැයි සංචාරක අමාත්‍යාංශය සදහන් කරයි. 30 September 2020
හමුදාවේ සියලු සේනාංක ධජයන්ට සෙත් පතයි යුද හමුදාවේ 71 වැනි සංවත්සරයට සමගාමිව හමුදාවේ සියලු සේනාංක ධජයන්ට සදහා සෙත් පැතිමේ ආගමික උත්සවය අද (30) දින යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස පැවැත්වුණි. 30 September 2020
කැළණි ගඟ දෙපස වාර්තා නැති කර්මාන්තශාලා 4000 ක් කැළණි ගඟ දෙපස පරිසර වාර්තා ලබා නොගත් කර්මාන්ත ශාලා 4000ක් පමණ ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 30 September 2020
පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළු කිරීමේදී ඔප්පුවේ බර ලිහිල් කරයි පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළු කිරීමේදී පදිංචිය සහතික කිරීම සඳහා ඔප්පුවක් නොමැති අවස්ථාවලදී වසර පහක් අඛණ්ඩව ඡන්ද නාමලේඛනයේ නම සඳහන් වීමත්, ප්‍රදේශයේ ග්‍රාම සේවක ඇතුළු අදාළ බලධාරීන් විසින් පදිංචිය තහවුරු කිරීමත් ප්‍රමාණවත් බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. 30 September 2020
රිෂාඩ්ගේ මල්ලි මාස 5 කට පසු මුදාහරී පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රඳවා තබාගෙන ප්‍රශ්න කළ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බාල සොහොයුරු රියාජ් බදියුදීන් මහතා මාස පහකට පසු නිදහස් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි. 30 September 2020
හෙරොයින් සමඟ කාන්තාවන් දෙදෙනකු ඇතුළු 5 ක් අත්අඩංගුවට රුපියල් එක්කෝටි විසි පන් ලක්ෂයක් වටිනා හෙරොයින් කිලෝවක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පස් දෙනෙකු (30) අලුයම අත් අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි. 30 September 2020
පරිසරය වැනසෙන සේ ඉඩම් කට්ටිකිරීම නවත්වමු සතුටින් සිටීමේ ප්‍රථම කොන්දේසිය වන්නේ මිනිසා සහ සොබාදහම අතර බැඳියාව නොකැඩීම බව රුසියානු මහ ගත්කරු ලියෝ තෝල්ස්තෝයි වරක් ප්‍රකාශ කළේය. එසේ නම් මේ බැඳියාව කඩා බිඳ දැමීම මිනිසාගේ සතුට විනාශ කිරීමකි. එසේ නොකර සොබාදහම සමඟ සම්බන්ධතාව පවත්වාගෙන යාමටද වෙනම කොන්දේසියක් තිබේ. ඒ පරිසරය රැක ගැනීමයි. සොබාදහමට අනුකූල වන සේ අප අවට පරිසරයද රැකගත හැකි නම් අප සියලුදෙනාගේම සතුටද රැකෙනු ඇති බව මේ සියල්ලේ යථාර්ථයයි. 30 September 2020
ගිනිගත්හේන නාවලපිටිය මාර්ගයේ කොටසක් නායයයි මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ කොටසක් ආරක්ෂිත පැති බැම්මක් සමඟ නාය ගොස් තිබේ. 30 September 2020
’රත්මලානේ අංජුගේ’ ගෝලයෙක් ලක්ෂ 4ක හෙරොයින් සමඟ දැලේ දැනට විදේශ ගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන ’රත්මලානේ අංජු’ නැමැත්තාගේ ගෝලයෙකු රුපියල් ලක්ෂ 4 ක හෙරොයින් මත්කුඩු සමග රත්මලාන දුම්රිය පොළ අසල දී අද (30) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 30 September 2020
බූවැලිකඩ ගොඩනැගිල්ලේ හිමිකරුට චෝදනා 5 ක් චෝදනා පහක් යටතේ බූවැලිකඩ ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට ගත්බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ තිලක් යු ගමගේ මහතා අද (29) පැවැසීය. ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේ මධ්‍යම පළාත් සම්බන්ධීකරණ කමිටුවේදී අදහස් දක්වමිනි. 29 September 2020
‘ප්රජාතන්ත්රවාදයේ ඒකාධිපතියා ජේ.ආර් යුගයේ නොපළ කතා‘ කෘතිය එළිදකී මෙරට පළමු විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ මුණුපුරා විසින් රචිත ‘ප්රජාතන්ත්රවාදයේ ඒකාධිපතියා ජේ.ආර් යුගයේ නොපල කතා‘ කෘතිය හා මාධ්‍යවේදී සාගරිකා දිසානායක මහත්මිය විසින් රචිත ‘එලීනා ජයවර්ධන චරිත කතා‘ කෘති ද්විත්වය එළිදැක්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (29) පැවැත්විණි. 29 September 2020
රාජ්‍ය බුද්ධි අංශය ප්‍රමුඛත්වය දුන්නේ වෙන දේවල්වලට දේශපාලන හේතූන් මත 2018 ඔක්තෝබර් ආණ්ඩු පෙරළියට මාස කිහිපයකට පෙර සිටම රාජ්‍ය බුද්ධි අංශය ජාතික ආරක්ෂවට වඩා ප්‍රමුඛත්වය දුන්නේ වෙන වෙන දේවල්වලට යැයි හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අද (29) පැවසීය. ඔහු මේ බව පැවසූයේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි. 29 September 2020
විස්සෙන් ජනතාවගේ ස්වෛරීභාවය උල්ලංඝනය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වැනි සංශෝධන පනත් කෙටුම්පතෙන් පාර්ලිමේන්තුවේ බලය සෘජුවම අභියෝගයට ලක් වී ඇති බවත්, එමඟින් ජනතාවගේ ස්වෛරීභාවය සෘජුවම උල්ලංඝනය වී ඇතැයි ද එම පනත් කෙටුම්පතට එරෙහි ගොනු වී ඇති විශේෂ පෙත්සම් විභාගයේ දී පෙත්සම්කාර සමගි ජනබලවේගයේ මහලේකම් වෙනුවෙන් පෙනී සිට නීතීඥ සුරේන් ප්‍රනාන්දු මහතා අද (29) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කියා සිටියේය. 29 September 2020
හෙළිදරව්වකට අභියෝග කිරීම ත්රස්තවාදයට උඩගෙඩිදීමක් තමයි අයිඑස් මතවාදයට නැඹුරුවන ශ්‍රී ලාංකිකයන් හා අන්තවාදී මත දරන්නන් ගැන මා මාස තිහකට පෙර පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය අභියෝගයට ලක් කරනවා වෙනුවට සැළකිල්ලට ලක් කළේ නම් පාස්කු ඉරුදින ප්‍රහාරයත් වළක්වාගෙන ආණ්ඩුවත් එජාපයත් දෙකම රැකගන්න තිබුණා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය. 29 September 2020
20 ට එරෙහිව සමගි ජනබලවේගයෙන් විරෝධතා දිනයක් 20 වන සංශෝධනයට එරෙහිව ලබන ඔක්තොම්බර් පස්වෙනිදා විරෝධතා දිනයක් ලෙස නම් කිරීමට සමගි ජනබලවේගය පියවර ගෙන තිබේ. 29 September 2020
ආරුක්කු නවයේ පාලම ජාතික උරුමයක් කරන්න යයි බදුල්ල-දෙමෝදර අතර දුම්රිය මාර්ගයේ හමුවන ආරුක්කු නවය පාලමට වසර 100 පිරෙන 2021 වසරේ දී පාලම ජාතික උරුමයක් බවට ගැසට් කර ඒ වෙනුවෙන් සමරු මුද්දරයක් නිර්මාණය කරන බව සංස්කෘතික රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා පැවසීය. 29 September 2020
විස්සට එරෙහි පෙත්සම්වල වැඩිදුර විභාගය හෙට විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ විශේෂ පෙත්සම් 39 හි වැඩිදුර විභාගය හෙට( 30) දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 29) තීරණය කළේය. 29 September 2020
කඩාවැටුණු ගොඩනැගිල්ලේ හිමිකරු රිමාන්ඩ් මහනුවර, බූවැලිකඩ කඩාවැටුණු පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු අනුර ලෙව්කේ මහතා ලබන 13 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර මහේස්ත්‍රාත්වරයා අද (29) නියම කළේය. 29 September 2020
කසළ ටොන් 100 කින් කාබනික පොහොර ටොන් 34 ක් දඹුල්ල මහ නගර සභාව ආරම්භ කර ඇති කසළ ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙළ යටතේ කසළ අංගනයේ දිනකට ටොන් 100 ක් ලබාගෙන කාබනික පොහොර ටොන් 34 ක් නිපදවීමේ කාර්ය සාර්ථක වී ඇතැයි මාතලේ දිස්ත්‍රික් ලේකම් , මහ දිසාපති එස්.එම්.ජී.කේ. පෙරේරා පැවසීය. 29 September 2020
ඇමෝනියා කිලෝ 300ක් පොලිස් බාරයට වී ප්‍රවාහනය කරන මුවාවෙන්, වී උර අතර සඟවා ලොරි රථයකින් අනුරාධපුරයට ප්‍රවාහනය කරමින් තිබු ඇමෝනියා කිලෝ 300ක් අඩංගු උර 6 සමඟ සැකකරුවෙකු ලොරි රථයක්ද සමග අද (29) කුලියාපිටිය කොට්ඨාස රථවාහන අංශ නිලධාරින් විසින් පන්නල , තලම්මැහැරදී පොලිස් බාරයට ගෙන ඇති බව පොලීසිය පවසයි. 29 September 2020
විස්ස පාර්ලිමේන්තුවට දාන්නේ එක මතයක ඉඳන් විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ අතර සංවාදයක් ඇතිව තිබෙන නමුත් අවසානයේ දී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ, ආණ්ඩුව ලෙස එක මතයක සිටිමින් යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (29) පැවසීය. 29 September 2020
මහාචාර්ය සෞම්‍ය ලියනගේ ඉල්ලා උද්ඝෝෂණයක් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාල සාධාරණත්වය උදෙසා එකමුතුව සංවිධානය කර තිබු සාමකාමී උද්ඝෝෂණයක් අද (29) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවැත්විය. 29 September 2020
බල්ලකු සපා කෑ සිසුවා රෝහලේ දී මිය යයි මෙයට මාස එකහමාරකට පමණ පෙර අයාලේ යන බල්ලෙකු සපා කන ලද පාසල් සිසුවෙකු අසනීප වීමෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු අද (29) මියගිය බව රෝහල් පොලිසිය පවසයි. 29 September 2020
ආණ්ඩු - දේශපාලන පක්ෂ පිහිටුවිමේ බලාපොරොත්තු මට නෑ ආණ්ඩු පිහිටුවිමේ හෝ දේශපාලන පක්ෂයක් පිහිටුවිමේ බලාපොරොත්තුවක් තමන්ට නොමැති බවත් විනයගරුක, නීතිගරුක සාධාරන සමාජයක් ගොඩනැගීම සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ අරමුණ බවත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී අද(29) පැවසීය. 29 September 2020
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ඉන්දීය කාර්යාලය වසා දමයි ඉන්දීය රජය බැංකු ගිණුම් රාජසන්තක කිරීම හේතුවෙන් එරට තුළ ක්‍රියාත්මක කරන සිය කටයුතු අත්හිටුවීමට පියවර ගත් බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අද (29) නිවේදනය කළේය. 29 September 2020
2015 ජනාධිපතිවරණ දැන්වීම්වලින් කෝටි 20ක් පාඩුයි 2015 ජනාධිපතිවරණයට අදාළව දැන්වීම්වලට මුදල් අය කිරීමේ ක්‍රමවේදයක් සකස් කර නොතිබූ බැවින් රූපවාහිනී සංස්ථාවට රුපියල් කෝටි 20ක පාඩුවක් සිදුවී ඇති බව වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට අද (29) දැනුම් දුන්හ. 29 September 2020
තොරතුරු අභියාචනවලින් සියයට 87කට කොමිසමෙන් ඉඩ තොරතුරු දැනගැනීමේ කොමිසමට ලැබුණු අභියාචනාවලින් 87% කට අදාළ තොරතුරු නිකුත් කරන්නැයි එම කොමිසම නියෝග කර ඇති බව අධ්‍යයනයකින් හෙළිව තිබේ. 29 September 2020
පාඨලීට- වැලිකඩ හිටපු ඕඅයිසී අස්මඩලට රට ගමන් තහනමක් වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතා, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන්ට රටින් පිටවීම තහනම් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද (29) නියම කළේය. 29 September 2020
ගව ඝාතනය තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ශ්‍රි ලංකාවේ ගව ඝාතනය තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 29 September 2020
20ක් සුවය ලබා යති-රෝගීන් සංඛ්‍යාව 120 ට බසී කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 20දෙනෙකු සුවය ලබා අද(29) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 29 September 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026