කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් දිවයිනේ පළාත් කිහිපයක අද (12) රාත්රියේදී ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 12 April 2021
කැලෑ පාළුවන් සොයන්න ඩ්‍රෝනා යානා ගණ වනාන්තර මැද හොර රහසේ කෙරෙන දැව ජාවාරම් හා ගංගා ආශ්‍රිතව කෙරෙන වැලි ජාවාරම් පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා ඩ්‍රෝන යානා විස්සකට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇතැයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 12 April 2021
සපුගස්කන්දෙන් අයිස් කිලෝ සීයක් අල්ලයි සපුගස්කන්ද රත්ගහවත්ත ප්‍රදේශයේදී ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝ 100 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 12 April 2021
රෙදි වෙළෙන්දා පොලිස් කොස්තාල්ගේ මුහුණ කපලා පස්සර නගරයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාල්ගේ මුහුණ ප්‍රදේශයට තියුණු ආයුදයකින් පහරදුන් බව කියන රෙදි වෙළෙන්ඳකු අත්අඩංගුවට ගත් බව පස්සර පොලිසිය කියයි. 12 April 2021
දුම්රියටත් කෙටි දුරකතන අංකයක් දුම්රිය මගීන්ගේ පහසුව සඳහා 1971 කෙටි දුරකතන අංකය හඳුන්වා දී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 12 April 2021
පන්දහසේ දීමනාවේ වෙනසක් අලුත් අවුරුද්ද නිමිත්තෙන් රජයෙන් ලබාදෙන රුපියල් 5000 දීමනාව සමෘද්ධිලාභී පවුල්වලට පමණක් ලබාදීමට කටයුතු කළ බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමකළුගේ මහතා පවසයි. 12 April 2021
පරිපාලන ගැසට්ටුවට සංගමයෙන් බලපෑම්- වෛද්‍ය සංසදය නුසුදුස්සන් වෛද්‍ය පරිපාලන තනතුරුවලට පත් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය ඇමැතිවරියට බලපෑම් කරන බවට වෛද්‍ය පරිපාලකයින්ගේ සංසදය චෝදනා කරයි. 12 April 2021
ක්‍රිකට් කණ්ඩායමට ‘ඇස්ට්‍රාසෙනිකා’ දීම අත්හිටුවයි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයන්ට ‘කොවිඞ් 19’ මර්දන ‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නත ලබාදීම අත්හිටවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය. 12 April 2021
5000 බෙදීම ඇරැඹේ අඩු ආදායම් ලාභීනට අලුත් අවුරුද්ද වෙනුවෙන් රජය මගින් ලබාදෙන රුපියල් 5000 දීමනාව අද සවස සිට ලබා දෙන බව අප වාර්තා කරුවෝ පවසති 12 April 2021
හොර ලේඛන හැඳූ තාක්ෂණ නිලධාරියා අත්අඩංගුවට වාලච්චේන ඔට්ටමාවඩි ප්‍රදේශයෙ තරුණයන්ට ව්‍යාජ සහතික පත් සකස් කර දීම සම්බන්ධයෙන් ඔට්ටමාවඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තාක්ෂණ හා පර්යේෂණ නිලධාරිකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 12 April 2021
බූරුවා ගැසූ 12ක් පොලිසියට බුලත්සිංහල කොබවක ප්‍රදේශයේ නීති විරෝධිව පවත්වාගෙන ගිය සූදු පොළක් වටලා දොලොස් දෙනකු අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලීසිය සඳහන් කරයි. 12 April 2021
‘‘තත්ත්ව සහතික ලැබෙන තෙක් සැක භාණ්ඩ නිදහස් කරන්නේ නෑ‘‘ ‘ඇෆ්ලටොක්සීන්‘ නැමැති පිළිකා කාරකය බහුලව අඩංගු බවට පිළිගැණෙන පොල්තෙල් සහ වියලි මිරිස් තත්ව සහතිකය ලැබෙන තෙක් ආනයනික සමාගම්වලට මුදා හැරීම අත්හිටුවූ බව රේගු අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා පවසයි. 12 April 2021
විෂ පොල්තෙල් මැලේසියාවට පිටමං කරයි ’ඇෆ්ලටොක්සීන්’ නැමැති පිළිකා කාරකය අඩංගු පොල්තෙල් කිලෝ 105000 ක් සහිත කන්ටේනර් හයක් මැලේසියාවට හරවා යැවීම සඳහා කොළඹ වරායෙන් අද (12) මීට සුළු වේලාවකට පෙර නැව් ගත කළේය. 12 April 2021
විදේශ ඇමති හා තානාපතිවරුන් හමුවක් සංවර්ධන ආධාර ඇතුළු ද්වි පාර්ශ්වික සහයෝගීතාව වැඩිදියුණු කළහැකි ක්‍රම හා මෙරට සංහිදියා යාන්ත්‍රණයේ ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට අමෙරිකා තනාපතිවරිය සහ යුරෝපා සංගම් තනාපතිවරුන් වෙන වෙනම හමුවී සාකච්ඡා කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී. 12 April 2021
කුඩු කිලෝ 13ක් සමග හයක් සැකපිට ජාඇල නිවන්දම ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 13 ක් සමග සැකකරුවෝ 6 දෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 12 April 2021
අද දවසේ කාලගුණය දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන අද (12) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 12 April 2021
අධිවේගයේ වැරදි ලෙස ගිය හතර දෙනාට එන්නැයි දැනුම් දෙයි මෝටර් රථයේ ජනෙල් කවුළුව මත ඉඳගෙන අධිවේගී මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස ගමන් ගත් පුද්ගලයන්ට අද (12) අධිවේගී මාර්ග කොට්ඨාසයේ පොලිස් ඒකකයට පැමිණෙන ලෙස දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහ මහතා පවසයි. 12 April 2021
උම්බලකඩවලට මුවාවී කුඩුත් බෙදලා උම්බලකඩ ව්‍යාපාරයක් පවත්වාගෙන යන මුවාවෙන් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත කෝටිපති ව්‍යාපාරියෙක් සහ ඔහුගේ ගෝලයෙක් වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 12 April 2021
පුංචි මන්ත්‍රීවරු 80කට අල්ලස් චෝදනා අල්ලස් ගැනීම්,දූෂණ හා අයථා ලෙස වත්කම් ඉපයීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය දේශපාලනාඥයන් 80 දෙනකුට විරුද්ධව විමර්ශන පවත්වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 12 April 2021
බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමට දැඩි ආරක්ෂාවක් ටෙස්ට් තරග දෙකකින් සමන්විත ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීමට අද (12) ශ්‍රී ලංකාවට පැමිණෙන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව දැඩි කරන ලෙස යුද හමුදාවට දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් කියයි. 12 April 2021
‘‘ආණ්ඩුව බොරු ත්‍රස්ත බියක් ඇතිකර ජනතාව නොමඟ යවන්න හදනවා‘‘ ‘‘යාපනය නගරාධිපතිවරයා ත්‍රස්තවාදියකු ලෙස හංවඩු ගසමින් ඊට මුවාවී ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සෙවීමේ කටයුත්ත යට ගැසීමේ උත්සාහයක නිරතව සිටින බව’’ සමගි ජන බලවේගය නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 11 April 2021
‘‘ජනතාව අප පාර්ලිමේන්තුවට යැව්වේ නාඩගම් නටන්න නොවේ‘‘ “මහජනතාව අප පාර්ලිමේන්තුවට යැව්වේ ජනතා අවශ්‍යතා ඉටුකිරීමට මිස බොරු නාටක රඟදැක්වීමට නොවෙයි” යැයි නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවැසීය. 11 April 2021
‘‘5000ක් දෙන්න තීරණය කළත් තවම මුදල් ලැබී නෑ‘‘ සමෘද්ධි පවුල් සහ අඩු ආදායම්ලාභී පවුල්වලට අලුත් අවුරද්දට රුපියල් 5000 දීමනාවක් ලබාදීමට රජය තීරණය කළ ද එම මුදල් සමෘද්ධි බැංකුවලට ලබාදී නැතැයි සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. 11 April 2021
විෂ පොල්තෙල් ගෙනියන්න ‘‘බාර්බරා‘‘ නැව අද කොළඹට ‘ඇෆ්ලටොක්සීන්’ අඩංගු පොත්තෙල් යැයි හඳුනාගත් රුපියල් කෝටි තුනකට අධික වටිනාමින් යුත් පොල්තෙල් කිලෝ 105,000 මැලේසියාවට හරවා යැවීමට ‘බාර්බරා’ නැමැති නෞකාව එන තෙක් බලාසිටින බව රේගු අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා පවසයි. 11 April 2021
ගිනි අවියක් සමග ධීවරයෙක් අත්අඩංගුවට ස්වයංක්‍රීය පිස්තෝලයක් ළඟ තබා ගෙන සිටි ධීවරයෙක් රත්ගම පොලිස් විශේෂ කාර්ය බළකා කදවුරේ නිලධාරීන් විසින් වල්ගම රේල් ගේට්ටුව අසලදී අද (11) සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගනු ලැබීය. 11 April 2021
‘‘වරාය නගරයට වෙනම නීති ‘‘ නාගරික සංවර්ධන අධිකාරි පනත, මහ නගර සභා ඇඥාපනත හා ආයෝජන මණ්ඩල පනත ඇතුළු මේ වන විට රටේ ක්‍රියාත්මක පනත් හතක නීති රෙගුලාසි කොළඹ වරාය නගරය තුළ බලාත්මක නොවන බව ‘‘කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ‘‘ සඳහන් වේ. 11 April 2021
විදුලිසැර වැදී පාසල් සිසුවා මරුට මැදිරිගිරිය දිග්ගල්පුර ප්‍රදේශයේ වාහන සෝදන ස්ථානයකදී 18 හැවිරිදි පාසල් දරුවකු විදුලිසැර වැදී මියගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි. 11 April 2021
‘‘වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා පොකුරක්‘‘ වැලිකඩ බන්ධනාගාරයෙන් දින දෙකක් තුළ ‘කොවිඞ් - 19’ ආසාදිත රැදවියන් 105 ක් හදුනාගෙන ඇති බව එම බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය. 11 April 2021
‘‘අලුත් අවුරුදු සතියේ දුම්රිය රැසක් නවතී‘‘ කාර්යාල දුම්රිය ඇතුළු මගී දුම්රිය ගමන් වාර 25 ක් පමණ 13 සහ 14 දෙදිනේ අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 11 April 2021
‘‘ෂොපිං යන්න කොරෝනා නොගේන්න‘‘ අවුරුදු උත්සව සමයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරන්නැයි කෝවිඩ් - 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 11 April 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026