
(සුජිත් හේවාජූලිගේ)
අවුරුදු උත්සව සමයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරන්නැයි කෝවිඩ් - 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එසේ කටයුතු නොකළහොත් කොරෝන ව්‍යාප්තිය ඉහළ යා හැකි බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් දිනකට 200කට ආසන්න සංඛ්‍යාවකට සීමා කර පවත්වාගෙන යැමට හැකි වී ඇති බවත් ලෝකයේ බොහෝ රටවල කෝවිඩි රෝගය දැඩි ලෙස පැතිර යන අවස්ථාවක මෙරට එම ව්‍යාප්තිය අඩු මට්ටමින් පවත්වාගෙන යැමට හැකිවී ඇත්තේ ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක කෙරුණු වැඩපිළිවෙළ නිසා බවත් ඔහු කීවේය.
අවුරුදු සමයේ රෙදිපිළි ඇතුළු භාණ්ඩ ලබා ගැනීමට සාප්පුවලට යන හෙයින් ඒ අවස්ථාවලදී අනාර්‍යයෙන්ම මුව ආවරණ පැළඳ නියමිත දුරස්ථභාවය පවත්වාගෙන යන්නැයි ඉල්ලීමක් කරන බව ද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)
මහරගම පමුණුවේ රෙදි පිළි සාප්පු ජනතාවගෙන් පිරි ඉතිරි ගොස් ඇති අයුරු



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අයට නිතරම පේන්නේ අනුන්ගේ ඇහේ| තියෙන පොල් කෙන්දයි..තමන්ගේ ඇහේ තියෙන මෝල් ගහ පේන්නේ නැහැ.