(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)
සපුගස්කන්ද රත්ගහවත්ත ප‍්‍රදේශයේදී ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝ 100 කට ආසන්න ප‍්‍රමාණයක් සමඟ සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
පැකට් 91 ක් ලෙස තිබියදී මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සොයාගත් බවත් මීට පෙර අත්අඩංගුවටගත් සැකකරුවකුගෙන් ලද තොරතු මත මෙම සොයාගැනීම කළ බවත් අජිත් රෝහණ මහතා පැවසීය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මීට දින දෙකකට පෙර මෝදරදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 100 බැගින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් එහි දිගුවක් ලෙස ජාඇල ප‍්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 13 ක් සමඟ කාන්තාවන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් හයදෙනකු ඊයේ (11) අත්අඩංගුවට ගත් බව ඔහු පැවසීය.
ගතවූ දිනක් තුළ එකම මත්ද්‍රව්‍ය ජාලයක් සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 114 කට ආසන්න ප‍්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
එම සැකකරුවන්ගෙන් ලද තොරතුරු අනුව කළ විමර්ෂණයේ ප‍්‍රතිඵලයක් ලෙස මෙම කිලෝ 100 කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බව ද ඔහු කීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සපුගස්කන්දෙන් අයිස් කිලෝ සීයක් අල්ලයි