දක්ෂිණ අධිවේගයේ අනතුරු තුනක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 11ක් ඇතුළ තුළ අද (14) දවසේ ස්ථාන තුනක සිදු වූ අනතුරු තුනකින් වාහන 12කට හානි සිදුවී එක් අයකු තුවාල ලබා ඇතැයි පොසිය කියයි. 14 April 2021
ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක රිමාන්ඩ් පාරිභෝගික සේවා අධිකාරියේ සේවකයින්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මෙම මස 19 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට නියම කළේය. 14 April 2021
අධිවේගිවල දින හතරක ආදායම දාහතර කෝටියක් ශ්‍රී ලංකාවේ සමස්ත අධිවේගී මාර්ග පද්ධතියේ පසුගිය 8 වැනිදා සිට 11 වැනිදා දක්වා දින හතර තුළ ධාවනය වූ වාහනවලින් රුපියල් කෝටි 14 කට ආසන්න ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය උසස් නිලධාරියකු පැවසීය. 14 April 2021
දක්ෂිණ අධිවේගයේ වාහන පහක් එකට ගැටේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩදී මාතර දෙසට ධාවනය වූ වාහන පහක් එකිනෙක ගැටීම නිසා වාහන ගමනා ගමනයට බාධා එල්ල වී ඇතැයි අධිවේගි මාර්ග පොලිසිය කියයි. 14 April 2021
කහ වී කරන්න බැරිවේ වී ප්‍රවාහනය කරන මුවාවෙන් වියලි කහ කිලෝ 2000ට ආසන්න ප්‍රමාණයක් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් පස් දෙනකු මන්නාරම ඉලුප්පාකඩවායි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. 14 April 2021
ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම අදින් අවසන් සූර්යයා දෘෂ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම අදින් (14) අවසන් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 14 April 2021
‘‘අවුරුදු චාරිත්‍ර මෙන්ම කොරෝනා නීතිත් රකින්න‘‘ අවුරුදු චාරිත්‍ර ඉටුකරනා සේම කොවිඩ් නීතිරීතිවලට අනුගතව කටයුතු කරන ලෙසට සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලි සිටී. 14 April 2021
සතුටින් සපිරි නව වසරක් වේවා ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට සපිරි සුවදායි අවුරද්දක් වේවායි ලංකාදීප පාඨක ඔබ සැමට සුබ පතන්නෙමු. සිතුම් පැතුම් ඉටු වේවා. 14 April 2021
ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී ව්‍යාපාර කටයුතු නතර කරයි ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී යන ආයතනයෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. 13 April 2021
සූර්ය මංගල්‍යය ඇරැඹේ මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් චාරිත්‍රවලට අනුව හෙට අලුයම 2.33 අලුත් අවුරුද්ද උදාවේ . 13 April 2021
අධිවේගී මාර්ගයේ අනාරක්ෂිතව ගමන් ගත් හතර දෙනා රිමාන්ඩ් මෝටර් රථයක වීදුරු විවෘත කර දොර මතුපිට නැඟ අනාරක්ෂිත ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් තරුණයන් හතරදෙනා මෙම 22 දක්වා රිමාන්ඩ් භාරයේ තබන්නැයි පානදුර බලන මහේස්ත්‍රාත් ජයන්ති සිල්වා මහත්මිය නියෝග කළාය. 13 April 2021
මෙරට කොරෝනා මරණ 600 ඉක්මවයි කොවිඩ් ආසාදිත තවත් සිව් දෙනෙකුගේ මරණ අද (13) වාර්තාවීමත් සමඟ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 600 ඉක්මවා ගියේය. 13 April 2021
අධිවේගයේ මදාවි අයුරින් ගමන් ගත් හතර දෙනා අල්ලයි මෝටර් රථයක කවුළුව මත ඉඳගෙන අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේ සිද්ධියට අදාළ තරුණයන් සිව්දෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි . 13 April 2021
පැය 24ට ‘අයිස්‘‘ කිලෝ 125:සැකකරුවෝ 12යි රුපියල් කෝටි 125 කට ආසන්න වටිනාකමින් යුත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝ 125 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 12 දෙනකු පැය 24 ක පමණ කාලයක් තුළ සපුගස්කන්ද සහ ජාඇළ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සමත් විය. 13 April 2021
පළාත් රැසකට අදත් තද වැසි දිවයිනේ පළාත් රැසකට අද (13) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේද ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 13 April 2021
මදාවි ගමනේ මෝටර් රථ රියැදුරා රිමාන්ඩ් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී මෝටර් රථයක් අපරික්ෂාකාරී ලෙස ධාවනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම මෝටර් රථ රියදුරා පානදුර වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මෙම මස 22 දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කරනුලැබීය. 13 April 2021
විදේශිය කරුන්කා දේශිය කළ රේගු අධ්‍යක්ෂට වැඩ වරදි ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනය කර තිබූ කරුන්කා සහිත කන්ටේනර් 23 ක් ව්‍යාජ ලේඛන සකසා යළිත් ශ්‍රී ලංකාවේ කරුන්කා වශයෙන් ඉන්දියාවට ප්‍රති අපනයනය කිරීමේ සිද්ධියට අදාළව සහකාර රේගු අධිකාරිවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 13 April 2021
Softlogic සහ Huawei එකතුවෙන් නවතම ආයතනික තාක්ෂණික විසඳුම් ලොව ප්‍රමුඛතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරු වන Huawei (හුවාවේ) සහ සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පීඑල්සී අනුබද්ධ සමාගමක් වන, සොෆ්ට්ලොජික් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජීස් පුද්ගලික සමාගම සමඟ නව්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වන එන්ටර්ප්රයිස් සොලියුෂන්ස් ක්ලවුඩ් (Cloud) සහ පරිගණක භාවිත කෘත්‍රිම බුද්ධි විසඳුම් ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දීමට සේවා සැපයීමේ හවුල්කාරිත්වයකට පසුගියදා එළැඹියේය. 12 April 2021
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ පළමුවන කලාප කාර්යාලය මාලිගාවත්තේ දී සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සේවා පුළුල් කරමින් ආරම්භ කරන ලද පළමු කලාප කාර්යාලය මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ දී පසුගියදා විවෘත විය. 12 April 2021
ලංකාවේ ජනප්‍රියම ජීවිත රක්ෂණ සමාගම සෙලින්කෝ ලයිෆ් SLIM ජනතා සම්මාන ප්රදානෝත්සවය ආරම්භ වූ දා පටන් පිට පිටම වසර 15 ක් මෙරට වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම බවට පත්වූ සෙලින්කෝ ලයිෆ් ශ්‍රී ලංකාවේ ‘වසරේ ජනතා ජීවිත රක්ෂණ සේවා සම්පාදකයා’ ලෙස සම්මානයට පාත්‍ර විය. 12 April 2021
‘වසරේ බැංකු සේවා සැපයුම්කරු’ ලංකා බැංකුව 2021 SLIM - නීල්සන් ජනතා සම්මාන උළෙලේ දී ‘වසරේ බැංකු සේවා සැපයුම්කරු’ ලෙස සම්මාන දිනා ගැනීමට ලංකා බැංකුව (BOC) සමත් විය. මෙරට ප්‍රමුඛතම බැංකුව වන ‘ලංකා බැංකුව’ සන්නාමයක් ලෙස ජනතාව තුළ නිර්මාණය කර ඇති ශක්තිය හා හැඟීම මෙම සම්මානය මගින් පිළිබිඹු වන බව එම බැංකුව සඳහන් කරයි. 12 April 2021
ශ්‍රීලංකන් කේටරින් නව ප්‍රධාන විධායක මංගල විජේසේකර ශ්‍රීලංකන් ගුවන් සේවයේ අනුබද්ධිත ආයතනයක් වන ශ්‍රීලංකන් කේටරින් හි නව ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස මංගල විජේසේකර මහතා තේරී පත් වූ බව ශ්‍රීලංකන් කේටරින් සඳහන් කරයි. 12 April 2021
OPPO වෙතින් අලුත් අවුරුද්දට අලුත්ම ගීතයක් OPPO මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නවතම ගීතයක් හඳුන්වා දී තිබේ. මෙය ගායනා කරනු ලබන්නේ OPPO සන්නාම තානාපතිනියක සහ The Voice වැඩසටහනේ පුහුණුකාරිනියක වන ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ විසිනි. මීට අමතරව ජනප්‍රිය රංගන ශිල්පී හා ගායක ගයාන් ගුණවර්ධන සහ නර්තන ශිල්පී රමෝද් මාලක ප්රමුඛ Cool Steps නර්තන කණ්ඩායම ද මෙම ගීතයට දායක වී සිටිති. 12 April 2021
රටට ගැළපෙන නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම රජයේ වගකීමක් රටට ගැළපෙන නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම වත්මන් රජයේ සහ ජනාධිපතිවරයාගේ පරම වගකීමක් යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 12 April 2021
යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ ගැසට්ටුව මුද්‍රණයට හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය නම් කරමින් නිකුත් කරන ලද 2222/62 අති විශේෂ ගැසට් පත්‍රය මුද්‍රණය සඳහා බාර දුන් බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි. 12 April 2021
චීනයෙන් ඩොලර් මිලියන 500ක ණයක් චීන සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 500ක සංවර්ධන ණයක් ප්රදානය කර තිබේ. 12 April 2021
අධිවේගයේ මදාවි ගමනේ ගිය මෝටර් රථයේ රියැදුරු අත්අඩංගුවට දක්ෂිණ අධිවේගි මාර්ගයේදී මෝටර් රථයක අනාරක්ෂිතව තරුණයන් සිව්දෙනකු ගමන් කිරීමේ සිද්ධියට අදාලව එම මෝටර් රථය පැදවූ රියදුරා අද (12) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 12 April 2021
යුද හමුදාපති කනස්සල්ලෙන් කොවිඩ් නීති ගණන් නොගෙන සාප්පු සවාරි යන සුළු පිරසකගේ හැසිරීම කනගාටුදායක බවත් ජනතාව මේ ආකාරයට හිතුමතේ කටයුතු කළහොත් ලබන මැයි මාසයේ දී නරක ප්‍රතිඵල භුක්ති විදීමට සිදුවනු ඇති බවත් කොවිඩ් - 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 12 April 2021
සැර කොරෝනා සෙවීම අවුරුද්දෙන් පසුව කොරෝනා නව විකෘති ප්‍රභේද සෙවීමේ පරික්ෂණ සිංහල - හින්දු අලුත් අවුරුද්දෙන් පසුව ලබන 19 වැනි දා නැවත අරඹන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයනංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජිවන්දර මහතා පවසයි. 12 April 2021
බළංගොඩට තද වැසි:පාරවල් යටවේ බළංගොඩ ප්‍රදේශයට අද (12) සවස පැවැති අධික වර්ෂාවත් සමග බළංගොඩ කල්තොට මාර්ගය කිරිමැටිතැන්න සහ දිගදුරේ අතර කොටස ජලයෙන් යට විමත් සමග වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයි අප වාර්තාකරුවෝ පවසති. 12 April 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026