(මහින්ද නිස්සංක)
කාර්යාල දුම්රිය ඇතුළු මගී දුම්රිය ගමන් වාර 25 ක් පමණ 13 සහ 14 දෙදිනේ අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රියන් යෙදවීමට සහ මගීන් නොමැති වීම එම දුම්රියන් අවලංගු කිරීමට හේතු වී ඇතැයි පවසන දෙපාර්තමේන්තුව ඇතැම් දුම්රියන් 15 වැනිදා සිට 17 වැනිදා දක්වා ද ධාවනය නොවන බව පවසයි.
මෙම අවලංගු කරන දුම්රියන් අතර ප‍්‍රධාන මාර්ගයේ කොළඹ කොටුව සිට වේගයන්ගොඩ, මීරිගම සිට කොටුව, කොටුව සිට රඹුක්කන, කොටුව සිට පොල්ගහවෙල සහ කොටුව සිට මාතලේ යන දුම්රියන් ද, මුහුදුබඩ මාර්ගයේ කොටුව සිට පානදුර, කොටුව සිට දකුණු කළුතර, අලූත්ගම සිට කොටුව සහ අලූත්ගම සිට ගාල්ල යන දුම්රියන් ද, පුත්තලම මාර්ගයේ කොටුව සිට මාදම්පේ, කොටුව සිට මීගමුව සහ කොටුව සිට පුත්තලම යන දුම්රියන් ද, කැලණිවැලි මාර්ගයේ කොටුව සිට පාදුක්ක, කොටුව සිට හෝමාගම සහ කොටුව සිට අවිස්සාවේල්ල යන දුම්රියන් ද වෙතැයි දෙපාර්තමේන්තුව කියා සිටියි.
මෙයට අමතරව කොටුව සිට හපුතලේ දක්වා ධාවනය වීමට නියමිත ඉන්ධන දුම්රියක් ද අවලංගු කර ඇතැයි දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ට යන්න තියෙන කොච්චි ටික අවලංගු කරලා තෙරපෙන්න එපාලු. මෙහෙමත් පිස්සු ලෝකයක්.... දුම්රිය වෘත්තිය සමිතිත් තුන්වැනි කොරෝනා රැල්ලට උදව් කරනවා මයේ හිතේ....