සුවසැරිය අනතුරක හදිසි රෝගියකු රැගෙන ඒම සදහා ධාවන වූ සුව සැරිය ගිලන්රථයක් අද උදෑසන ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී අනතුර ලක් වී කොළඹ නුවර මාර්ගය හරහා පෙරළී ගියේය. 13 June 2021
‘තෙල්බාලා‘ගේ දියණිය හොරොයින් සමඟ අත්අඩංගුවට මෙරට සිදුවූ අපරාධ රැසකට සම්බන්ධ ව සිට ඉන්දියාවට පලා ගොස් එහිදී මියගිය කරුපයියා බාලේන්ද්‍රන් හෙවත් ’’තෙල්බාලා’’ නැමැත්තා ගේ දියණිය හෙරොයින් සමග විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය . 13 June 2021
අත්තක් කඩා වැටි බස් නැවතුමේ සිටි තරුණයින් තිදෙනා රෝහලේ මාර ගසක විශාල අත්තක් බස් නැවතුම්පොලකට කඩා වැටිමෙන් බස් නැවතුම්පොල තුල වැස්සට රැදි සිටි තරුණයන් තිදෙනෙක් බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව එක් තුවාලකරුවෙකුගේ තත්ත්වය බරපතල බැවින් ඔහු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවු බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය. 13 June 2021
ළමයින් ශ්‍රමිකයින් ලෙස යොදා ගැනීමේ වයස් සීමාව ඉහළට ළමයින් ශ්‍රමිකයින් ලෙස යොදා ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ නැංවූ බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති, මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා කියා සිටී. 13 June 2021
කොරෝනා මරණ 63ක් වාර්තා වෙයි කොරෝනා ආසාදිත තවත් මරණ 63ක් වාර්තාවන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 13 June 2021
ආසාදිතයන්ට ප්‍රතිකාර කරන්න සබරගමු සරසවියේ නේවාසිකාගාරයක කොටසක් ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ සිංහරාජ පිරිමි නේවාසිකාගාර සංකීර්ණයේඑක් පරිශ්‍රයේ කොටසක් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීම තීරණය කළ බව සබරගමු විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා පවසය.ි 13 June 2021
මත්කුඩු කිලෝ 200ක් සමග නවයක් මාට්ටු වැලිගම මිරිස්ස පොල්වත්ත මෝදර මුහුදු තීරයේදී රුපියල් කෝටි 200 කට අධික වටිනා හොරයින් මත්කුඩු කිලෝ දෙසීයක් සමග පුද්ගලයන් නව දෙනකු නාවික හමුදා මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 13 June 2021
පළාත් කීපයකට ගිගුරුම් සහිත තද වැසි සබරගමුව සහ මධ්‍යම පළාත්වල අද (13) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ක පමණ තරමක් තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යාකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 13 June 2021
අද දවසේ කොරෝනා වාර්තා කොවිඩ් ආසාදිතයන් තවත් 2340 දෙනෙක් අද (12) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. 12 June 2021
ඩිලිවරි කාක්කන්ගෙන් පාරිභෝගිකයන් ආරක්ෂා කරන්නැයි ඇමැතිගෙන් උපදෙස් ඩිලිවරි සේවා ආයතන මගින් පාරිභෝගිකයාගෙන් අධික මිල ගණන් අය කිරිම පිළිබඳව ලැබුණු පැමිණිලි හේතුවෙන් එම සේවාව නියාමනය කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා උපදෙස්දී තිබේ. 12 June 2021
තෙල් මිල වැඩි කළාට විෂය බාර ඇමැති ඉල්ලා අස්විය යුතුයි ඉන්ධන මිල ඉහළ දමා ජනතාව අපහසුතාවට පත් කිරීමේ වගකීම භාරගෙන විෂය භාර ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 12 June 2021
අඹු සැමි යුවළ කොරෝනාවට බිළි වේයන්ගොඩ එළුවපිටිය ගම්මානයේ කොරෝනා වයිරසය ආසාදනය වී අඹුසැමි යුවළක මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 12 June 2021
කොරොනා නසන මෙහෙයුමට මහමෙව්නා අසපුවත් එක් වෙයි මහනුවර කුණ්ඩසාලේ මහමෙව්නා භාවනා අසපුවේ විශේෂ ප්‍රතිකාර ඒකකයක් සහිතව රෝගීන් දහසක් සඳහා ඉදිකළ කෝවිඩ් අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානය මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත භාර දීම අද (12) සිදු කෙරිණි. 12 June 2021
තෙල් මිල වැඩිකළ හේතුව මුදල් රාජ්‍ය ඇමැති කියයි ඉන්ධන මිල සංශෝධනය කළේ රටේ මූල්‍ය ස්ථාවරත්වයට බලපෑමක් ඇතිවීම වැළැක්වීම සඳහා යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. 12 June 2021
‘එක්ස්ප්‍රස් පර්ල්‘ නිසා සංචාර කර්මාන්තයට බලපෑම් ගිනි ගෙන මුහුදුබත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අපද්‍රව්‍ය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට ද බලපෑම් ඇති වන බව ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය කියයි. 12 June 2021
ගතවූ සතියේ දී කොවිඩ් මරණ 417 ක් ගත වූ සතියක කාලයේදී ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 ආසාදනය හේතුවෙන් සිදුවූ මරණ 417 ක් වාර්තා වී ඇත. 12 June 2021
ඉන්දියාවෙන් කැනඩාවට පනින්න හැදු ලාංකිකයින් 61 අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිට කැනඩාවට සංක්‍රමණය වීමට ශ්‍රී ලාංකිකයින් 61 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි චෙන්නායි හී තානාපති ආරංචි මාර්ග පවසයි. 12 June 2021
‘ ඉන්ධන මිල වැඩි කිරීමෙන් ජනතාව කබලෙන් ලිපට‘ එක්සත් ජාතික පක්ෂ රජය විසින් හඳුන්වා දී තිබූ ධනාත්මක ප්‍රතිපත්ති අඛණ්ඩව ඉදිරියට ගෙන යාම වත්මන් රජය ප්‍රතික්ෂේප කිරීම නිසා මහජනයාට දරාගත නොහැකි ජීවන වියදමක් පැටවීම සිදුව තිබෙන බව ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය පවසයි. 12 June 2021
‘හොරෙන් උත්සව පවත්වනවානම් ළගම පොලීසියට කියන්න‘ සති අන්තයේ සාද, උත්සව , ප්‍රිය සම්භාෂණ පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් බවත් මෙවැනි කටයුතු හොර රහසේ සිදුවන්නේ නම් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ පොලිස් මූලස්ථානයට හෝ 119 ක්ෂණික දුරකථන ඇමතුම් අංකයට හෝ දැනුම් දෙන්නැයි සියලු මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය . 12 June 2021
කල් ඉකුත් වූ ඖෂධ තොගයක් දෙහිවල නිවසක දෙහිවල නැදිමාල රබර්වත්ත පාරේ දෙමහල් සුපිරි නිවසක පවතාවාගන යනු ලැබූ කල්ඉකුත්වූ ඖෂධ නැවත ලේබල් කර බෙදාහරින මධ්‍යස්ථානයන් වටලා ඖෂධ තොගයක් සිය බාරයට ගැනීමට හැකිවූ බව දෙහිවල පොලිසිය කියයි . 12 June 2021
ආර්ථික මධ්‍යස්ථාන දින දෙකක් විවෘත කිරීමට අවසර සංචාරණ සීමා පවතින කාලයේදී ආර්ථික මධ්‍යස්ථාන සතියේ දින දෙකක් විවෘත කර තැබීමට අවසර ලබාදෙන බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය. 12 June 2021
‘ එන්නත් ලබාදීමේදී ආයෝජන කලාපවලටත් ප්‍රමුඛතාව දෙන්න‘ දිවයින පුරා සියලුම ආයෝජන කලාපවල සේවක සේවිකාවන්ට කොවිඩ් මර්දන එන්නත විශේෂ ප්‍රමුඛත්වයදී ලබාදෙන්නැයි එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ත්‍රික් සංවිධානයේ සභාපති හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්රීනී ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කරන්නීය. 12 June 2021
අධිවෙිගී මඟේ පින්නදූව පිවිසුමේ සී.සී.ටී.වී දර්ශණ උසාවිය ඉල්ලයි දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුමෙන් පසුගිය 5වනදින සහ 7වනදින පිටවු වාහන පිළබඳ තොරතුරු ඇතුලත් සී.සි.ටී.වි.කැමරා දර්ශණ සියල්ල ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයට ලබාදෙන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා දක්ෂිණ අධිවේගි මාර්ග අධ්යක්ෂවරයාට නියෝග කළේය. 12 June 2021
එකම පවුලේ 17 ක් ඇතුළු 19 කට කොරෝනා කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් කොටගල ෆොරස්ට්වික් වතුයායේ එකම පවුලකට අයත් 17 දෙනකු ඇතුළු 19 දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට අලුතින් හදුනා ගෙන ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි. 12 June 2021
අධිවේගය කණු උඩින් යන්න මිලියන 700 ක් ඕනෑ කඩවත- මීරිගම අධිවේගී මාර්ගියේ දැඩි ලෙස ජලයෙන් යට වූ ප්‍රදේශයේ කණු මතින් මාර්ගය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 700 ක පමණ මුදලක් වැය වෙතැයි මහාමාර්ග අමාත්‍යංශය ගණන් බලා ඇත. මෙම කොටස කිලෝ මීටර් 37 ක් වන අතර එහි කි.මී. 13 ක් කණුමතින් ඉදිරි කිරීමට නියමිතය. 12 June 2021
රාළහාමිගේ අපූරු හොරකම රාජසන්තක කරනලද යතුරු පැදියක අංකය සොරකම් කොට තමාගේ යතුරු පැදියේ සවිකරගෙන සිටි ඇල්පිටිය පොලිසියේ කොස්තාපල්වරයෙකු අත් අඩංගුවට ගෙන ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 12 June 2021
ගම්පහ දිසාවෙන් ආසාදිතයන් 673ක් ගතවූ පැය 24 ක කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 673ක් වර්තා වන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. 12 June 2021
ඈත මුහුදේ අතරුදන් වු ධීවරයා කිලේ මීටර් 30ක් පිහිනා ගොඩබිමට කල්පිටියෙන් මුහුදු ගොස් අතුරුදහන් වූ බව කියන ධීවරයකු කිලෝ මීටර් 30ක් දුරට පිහිනා මන්නාරම වෙරළ තීරයට පැමිණ සිටියදී ප්‍රතිකාර සඳහා මන්නාරම රෝහලට ඇතුළත් කළ බව බව පොලිසිය පවසයි. 12 June 2021
එන්නත් කරණයට බාධා කළ තවත් පුංචි මන්ත්‍රිවරයකුට එරෙහිව පැමිණිල්ලක් කෝවිඩ් මර්දන රාජකාරිවලයෙදී සිටි බෙලිඅත්ත සිටිනාමළුව දකුණ ග්‍රාම නිලධාරී වසමේ සංවර්ධන නිලධාරියාගේ සහ ග්‍රාම නිලධාරිනියගේ රාජකාරියට බාධා කළේ යැයි කියන බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී හෙලන් පුෂ්පකුමාර මහතා වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සේවා සංගමය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ. 12 June 2021
ගිලුණු නැවෙන් පරිසරයට වූ පාඩුව සොයන්න විශේෂඥ කමිටු පහක් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් වලින් වූ විනාශය තක්සේරු කිරීම සඳහා විශේෂඥ කමිටු පහක් කමිටු 5ක් පත් කළ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. . 12 June 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026