
(පී.එම්. රාජපක්ෂ සහ චමිල් රූපසිංහ)
මහනුවර කුණ්ඩසාලේ මහමෙව්නා භාවනා අසපුවේ විශේෂ ප්‍රතිකාර ඒකකයක් සහිතව රෝගීන් දහසක් සඳහා ඉදිකළ කෝවිඩ් අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානය මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත භාර දීම අද (12) සිදු කෙරිණි.
කුණ්ඩසාලේ මහමෙව්නා භාවනා අසපුවේ විහාරාධිකාරී නාලන්දේ පවර ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වය යටතේ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යස්ථානය සෞඛ්‍ය අංශ වෙත පැවරීම සිදු කෙරේ.
මේ සඳහා රුපියල් මිලියන 12 ක වියදමක් දරා ඇති අතර මධ්‍යම පළාතේ මෙතෙක් ක්‍රියාත්මක විශාලතම කෝවිඩ් අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානය වන අතර සදහා සියලු පහසුකම් වලින් මෙම මධ්‍යස්ථානය සමන්විත වේ.
මෙහි සියලු ඉදිකිරිම් සහ නඩත්තු කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාවේ 11 වන සේනාංකය ඉටු කර ඇති අතර මාස් හෝල්ඩින්ස් ආයතනය විසින් මුල්‍යමය දායකත්ව ද මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් ගේ අධීක්ෂණය යටතේ සියලු ඉදිකිරීම් සිදු කර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනාව පාලනය කරන්නට උනන්දු නොවීමේ විපාක තමයි මේ..!!!
අඳුරට සාප නොකර එක පහනක් හෝ දල්වන්න. විශේෂයෙන් මාස්ක් හෝල්ඩින්ග්ස් ආයතනයට හා මූලිකත්වය ගත් මහමෙව්නා අසපුව ඇතුළු සැමට පිං...!!!