කොළඹ පේරාදෙණිය දුම්රිය ධාවනයට 2025 වසරේ නොවැම්බර් මාසයේ ඇතිවූ දිට්වා සුළි කුණාටුවෙන් පසු ,බරපතළ නායයාම් තත්ත්වයන් ඇති වූ උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට පේරාදෙණිය දක්වා දුම්රිය ධාවනය කටයුතු අද ආරම්භ කෙරිණි. 02 October 2026
සලේට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් දහයකට නොතිසි පාස්කු ඉරිදා එල්ල කළ මාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා පරීක්ෂා කර ඔහු සම්බන්ධයෙන් වාර්තා ඉදිරිපත් කළ ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයාට සහ වෛද්‍ය මණ්ඩලයේ සාමාජිකයන් වශයෙන් කටයුතු කළ වෛද්‍යවරුන් දසදෙනාට ලබන 06 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා නොතිසි නිකුත් කළේය. 02 October 2026
වාහන අංක තහඩු ප්‍රමාදය ගැන වාර්තාවක් ඉල්ලයි අංක තහඩු සහ රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය පිළිබඳ විමර්ශනයක් සිදුකර සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි ආංශික අධීක්ෂණ කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 02 October 2026
බන්දුල අල්ලස් කොමිසමට එයි 2007 වසරේදී කැබිනට් මණ්ඩලයට යොමු කළ කැබිනට් පත්‍රි කාවක් සම්බන්ධව ප්‍රකාශයක් ලබාගැනීම සදහා ප්‍රවාහන හා මහාමාර්ග හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අල්ලස් කොමිසමට අද පෙරවරුවේ පැමිණියේය. 02 October 2026
යුද්ධය අවසන් කරන්න මෝදි ළග අපූරු අදහස් රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද මැදිහත් වී සිටින අතර, යුද්ධය අවසන් කිරීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දරණ උත්සාහය රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පැසැසුමට හේතුවක් වී ඇත. 02 October 2026
ඉන්දීය කැරපාතු පක්ෂය යළිත් වීදි බසී ඉන්දියාවේ ‘කැරපොතු පක්ෂය’ යන නමින් හැඳින්වෙන ක්‍රියාකාරීන්, යළිත් වරක් නවදිල්ලි අගනුවර විරෝධතා ආරම්භ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි. 02 October 2026
වාහනයක් උස්සන්න ආ සීසර්ට බෝතල් ප්‍රහාරයක් ලීසින් වාරික ගෙවා ගැනීමට නොහැකි වූ වාහනයක් රැගෙන යාමට පැමිණි අවස්ථාවේදී එම වාහනයේ හිමිකරුගේ පුත්‍රයා එල්ල කළ බෝතල් හා හිස් වැසුම් ප්‍රහාරයකින් පුද්ගලයකු බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. 02 October 2026
හමුදා සෙබළා අභිරහස් ලෙස මියගිහින් කුඹුරට යන බව පවසා නිවසින් පිටවී ගොස් ඇති ශ්‍රීලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික සෙබළකු අභරහස් ලෙස මියගොස් තැන්නපංගුව ගමඔය ඉවුරේ තිබී හමුවී ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි. 02 October 2026
ශ්‍රී ලංකාව සහ සිනොපෙක් සමාගම පසුගිය ජූනි වන තෙක් එකඟතාවයකට ඇවැත් නෑ මෙරට විශාලතම සෘජු විදෙස් ආයෝජන ව්‍යාපෘතිය වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7ක සිනොපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සහ සිනොපෙක් සමාගමට පසුගිය ජූනි මාසය අවසන් වනවිටත් එකඟතාවයකට එළැඹීමට නොහැකි වී ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ මෙරට ආයෝජන තත්වය පිළිබඳව නවතම වාර්තාවේ සඳහන් වේ. 02 October 2026
වාහන ආනයනය අඩුවෙලා ශ්‍රී ලංකාව පසුගිය අගෝස්තු මාසයේදී පුද්ගලික හා වාණිජ වාහන ආනයනය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 189 ක් වියදම් කර ඇති බවත් එය 2025 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව වාහන ආනයන වියදමේ සියයට 24.2 කින් අඩුවී ඇතැයි මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙයි. 02 October 2026
වැඩි මිලට ජල බෝතල් වික්කාට ලක්ෂ 10ක දඩයක් වැඩි මිලට පානීය ජල බෝතලයක් අලෙවි කළ බම්බලපිටිය ප්‍රදේශයේ අවන්හලකට රුපියල් මිලියනයක දඩයක් නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 01 October 2026
’’ගෙදර රණ්ඩු’’ මට්ටුවට නව නීති ගෘහස්ථ ප්රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත (Prevention of Domestic Violence Act, No. 34 of 2005) වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සංශෝධන සම්බන්ධයෙන් යෝජනා සලකා බැලීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී සිදු විය. 01 October 2026
අහුංගල්ලේදී වෙඩි කෑ ලොකු පැටීගේ මල්ලී පොඩි පැටී මරුට අහුන්ගල්ල වැලිකන්ද ප්‍රදේශයේදී අද සන්ධ්‍යා කාලයේ සිදුවූ වෙඩි තැබීමෙන් පාතාල නායක අහුන්ගල්ලේ ලොකු පැටීගේ මල්ලී මිය ගිය බව අහුන්ගල්ල පොලීසිය තහවුරු කරයි. 01 October 2026
හිටපු ඇමති බන්දුල හෙට අල්ලස් කොමිසමට කැඳවයි හිටපු වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ හෙට පෙරවරු 9.30ට පෙනී සිටින ලෙස දැනුම්දී ඇත. 01 October 2026
ලොකු පැටීගේ සහෝදරයකු ඉලක්ක කර අහුංගල්ලේ වෙඩි තැබීමක් අහුංගල්ලේ වැලිකන්ද ප්‍රදේශයේදී නිවෙසකදී සිදු කළ වෙඩි තැබීමකින් ලොකු පැටී නමැත්තාගේ සහෝදරයා තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 01 October 2026
ටිල්වින්- ඉන්දීය විදේශ ඇමති හමුවෙයි ඉන්දියාවේ සංචාරයක නිරත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු නියෝජිත පිරිස අද (01) පස්වරුවේ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හමුවී සුහද සාකච්ඡාවක නිරත විය. 01 October 2026
තරුණයන්ට ගැලපෙන රැකියා පුහුණුවට ඩොලර් කෝටි 10ක ණයක් ශ්‍රී ලංකාවේ තරුණයන් 100,000කට වැඩි පිරිසකට රැකියා වෙළෙඳපොළට ගැළපෙන වෘත්තීය පුහුණුව ලබාදීම සහ රටේ පුහුණු ශ්‍රම බලකාය ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණයක් ලබාදී තිබේ. 01 October 2026
රේගුවේ ඩිජිටල් අත්සන් ක්‍රියාවලිය ඇරැඹේ ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය (Paperless Customs Declaration Processing System) ක්‍රියාත්මක කිරීම අද ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකා රේගුවේ සුවිශේෂී පරිවර්තනයක් සිදුකරමින් ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශය සහ ශ්‍රී ලංකා රේගුව එක්ව ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය හඳුන්වා දුන්නේය. 01 October 2026
ආත්ම විශ්වාසය සහිත පරපුරක් හදනවා ළමාවිය මුහුණ දෙන නූතන සමාජ හා තාක්ෂණික අභියෝග හමුවේ දරුවන්ගේ චිත්තවේගීය ආරක්ෂාව, මානසික යහපැවැත්ම සහ ආත්ම විශ්වාසය තහවුරු කිරීම ඉතා වැදගත් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. 01 October 2026
ආගමික ස්ථානවලට පහරදෙන බව පවසමින් බෞද්ධ ආගමට අපහාස කළ තරුණයකු රිමාන්ඩ් බාරයට දඹුල්ල විහාරය ඇතුළු පූජනීය ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කරන බවට දේවේශ සහගත ප්‍රකාශ ඇතුළත් පෝස්ට් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සහ බුදුරජාණන් වහන්සේගේ ඡායාරූප විකෘති කරමින් වට්සැප් සමාජ මාධ්‍යට යොමු කළ බව කියන තරුණයකු ලබන 16 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද නියෝග කළේය. 01 October 2026
රුපියල් 110 ලාභයක් ගන්න ගිහින් ලක්ෂ පහක් දඩ කයි වැඩි මිලට කීරි සම්බා සහල් අලෙවි කළ බදුල්ලේ වෙළෙඳ ආයතනයකට රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 01 October 2026
ඩීසල් ලීටරයකින් රුපියල් 66 ක් පාඩුයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඩීසල් ලීටරයකින් රුපියල් 66 ක් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 52 ක් තව දුරටත් පාඩු ලබන බවත් තෙල් පිරිපහදුවෙන් සහ ගුවන්යානා තෙල් අළෙවිය ඇතුළු වෙනත් ලාභයන් හේතුවෙන් ඉන්ධනවලින් වන පාඩුව දරාගත හැකි බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා අද (1) පැවසීය. 01 October 2026
සෘජු විදෙස් ආයෝජන ඩොලර් බිලියන 1.06කට සීමා වෙයි ශ්‍රී ලංකාවේ ආර්ථිකය පසුගිය වසරේදී සියයට 5 කින් වර්ධනය වී තිබුණත් එම වසරේ මෙරටට ලැබුණු සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.06කට පමණක් සීමා වී ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙරට ආයෝජන පරිසරය පිළිබඳව නිකුත් කළ නවතම වර්තාවක දැක්වේ. 01 October 2026
ඉන්ධන ආනයන වියදම විශාල ලෙස ඉහළට ශ්‍රී ලංකාව, මෙම වසරේ මුල් මාස අටේදී ඉන්ධන ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි 400 ක මුදලක් වියදම් කර ඇති බවත් පසුගිය වසරේ පළමු මාස 8 සාපේක්ෂව එය ඉන්ධන වියදමේ සියයට 61.6 ක ඉහළ යාමක් බවත් මහ බැංකුව පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ. 01 October 2026
ඩීසල් මිල වැඩි වුවද බස් ගාස්තු වෙනස් නොවෙයි ඩීසල් මිළ ඉහළ දැමුවද බස් ගාස්තු වල වෙනසක් සිදු නොවන බව පෞද්ගලික බස් රථ සංගම් පවසයි. 01 October 2026
ගලගොඩඅත්තේ ඥානසාර හිමිට වරෙන්තු ආගමකට (ඉස්ලාම් දහමට) අපහාස කිරීමේ චෝදනාවට වරදකරුව මාස නමයක සිර දඬුවමක් නියම කළ නඩුවට පෙනී නොසිටි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද (01) වරෙන්තු නිකුත් කළේය. 01 October 2026
’’ගෙදර රණ්ඩු’’ මට්ටුවට නව නීති ගෘහස්ථ ප්රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත (Prevention of Domestic Violence Act, No. 34 of 2005) වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සංශෝධන සම්බන්ධයෙන් යෝජනා සලකා බැලීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී සිදු විය. 01 October 2026
රනිල්ගේ ආරක්ෂකයාට පහර දීම ගැන ස්වාධීන පරීක්ෂණයක් ඕනෑ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පහරදීම සම්බන්ධයෙන් නිදහස් ස්වාධීන විමර්ශනයක් කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද (1) පැවසීය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පහරදීම සම්බන්ධයෙන් නිදහස් ස්වාධීන විමර්ශනයක් කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද (1) පැවසීය. 01 October 2026
සහල් කන්ටේනරය රේගුවේදී යකඩ වෙයි සහල් අපනයනය කරන බවට රේගුවට සඳහන් කරමින් මෙරටින් පිට කිරීමට සූදානම් වූ යකඩ මෙට්‍රික්ටොන් 15 කට අධික ප්‍රමාණයක් කන්ටේනරයක් පරීක්ෂා කිරීමෙන් අද (1) සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්යක්ෂ චන්දන පුංචිහේවා මහතා පැවසීය. 01 October 2026
මෝදිගේ උදව්වෙන් අ’පූර පූජා භූමිය සංවර්ධනයට අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ වැඩබලන නියෝජ්‍ය මහ කොමසාරිස්/පළමු ලේකම් රෝෂිණී තොම්සන් (Roshini Thomson) යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 01 October 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026