අධිවේගියේ පාට් දැමූ හිටපු ඇමති පුතාත් බිරියත් මාට්ටු දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැඳිගම පිවිසුමේදී පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි තංගල්ල හිටපු නගරාධිපති සහ ඔහුගේ බිරිඳ වීරකැටිය පොලිසිය විසින් අද (06) සවස අත්අඩංගුවට ගන්නා ලදී. 06 June 2022
රන්ජන් ශාස්ත්‍රවේදී පළමු වසර අවසාන පරීක්ෂණයට ඉඳගනී බන්ධනාගාරගත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යලයේ ශාස්ත්‍රවේදි තරුණ කටයුතු හා ප්‍රජා සංවර්ධන උපාධි පාඨමාලාවේ ප්‍රථම වසර අවසාන පරික්ෂණය සදහා මෙම 11 - 18 යන දිනවල පෙනි සිටිමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 06 June 2022
දුම්රිය අවලංගු වී මගීහු පීඩාවට ප්‍රධාන මාර්ගයේ ධාවනය වන දුම්රිය කිහිපයක් අද (6) පස්වරුවේ අවලංගු කිරීම හේතුවෙන් මගීහු දැඩි පීඩාවට පත්වූහ. 06 June 2022
මිල වැඩිකිරීම ගැන ලාෆ් ගෑස් සමාගමෙන් කරුණු විමසයි ලාෆ් ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල ගණන් ඉහළ නැංවීම සම්බන්ධයෙන් එම ගෑස් සමාගමෙන් කරුණු විමසන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම්දුන් බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද (6) පැවසීය. 06 June 2022
විදුලි බිල ගැන සභාපතිගෙන් ප්‍රකාශයක් විදුලි බිල සාධාරණ ප්‍රතිශතයකින් ඉහළ දැමිය යුතු බව තමාගේ අදහස යැයි ලංකා විදුලිබල මණ්ඩලය සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා පැවසීය. 06 June 2022
රුසියානු ගුවන්යානය අරන් යයි උසාවි නියෝගයක් මත කටුනායක ගුවන්තොටුපලේ නවතාගෙන තිබූ රුසියානු ගුවන්යානය අද (6) පස්වරු 6.11ට මෙරටින් පිටත්ව ගියේය. 06 June 2022
හිටපු ජනපති මෛත්‍රීගෙන් පුටින්ට ලිපියක් රුසියාවේ එරොෆ්ලොට් ගුවන් යානයක් ශ්‍රී ලංකාව තුළ ගොඩබෑමෙන් පසු රඳවා තබාගැනීම රජය විසින් ගත් තීරණයක් නොව, එය සම්පූර්ණයෙන්ම අධිකරණමය කාරණයක් ලෙස සලකන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා වෙත ලිපියක් යොමුකරමින් කියා සිටියි. 06 June 2022
මෝදර වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට මෝදර රෙඩ්බානාවත්ත ප්‍රදේශයේ අද (6) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමකින් (25) තරුණයකු මියගොස් ඇති බව පොලිසිය කියයි. 06 June 2022
රුසියාවේ ප්ලේන් එකේ ප්රශ්නය ඉවරයි එරොෆ්ලොට් ගුවන් යානයේ ප්රශ්නය අවසන් බවත් මෙරටට පැමිණෙන ගුවන් යානාවලට විවිධාකාරයේ බාධා ඉදිරියේදී ඇතිවීම වැළැක්වීමට පියවර ගන්නා බවත් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 06 June 2022
ගාලුමුවදොර සිද්ධිය: මහින්දගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් අත්අඩංගුවට කොල්ලුපිටියේ දී සහ ගාලුමුවදොර දී ඉකුත් (9) ඇති වු ප්‍රචන්ඩකාරි සහ කළහාකිරී සිද්ධීන් සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තංගල්ල ප්‍රදේශයේ දී අද (6) අත්අඩංගුවට ගනු ලැබීය. 06 June 2022
සිමෙන්ති කොට්ටයක මිල තවත් ඉහළට කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150 කින් වැඩි කිරීමට සිමෙන්ති සමාගම් පියවරගෙන ඇති අතර ඒ අනුව සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 3,000 ක් බවට පත්ව තිබේ. 06 June 2022
ප්‍රමාණවත් පරිදි බස් රථ ධාවනය නොවීමෙන් මගීන්ට පීඩා ප්‍රමාණවත් පරිදි බස් රථ ධාවනය නොවීම හේතුවෙන් පාසල් දරුවන්, රැකියා සඳහා පිටත්ව යන පිරිස් සහ මගී ජනතාව අද(06) දිනයේ දැඩි පීඩාවට පත්වූහ. 06 June 2022
සිංහ-කැන්ගරු සටනේ ටිකට් ගන්න දිගු පෝලිම් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට (7) පැවැත්වෙන පළමු විස්සයි20 ක්‍රිකට් තරගය නැරඹීම සඳහා අන්තර්ජාලයෙන් ප්‍රවේශපත් වෙන්කරගත් ප්‍රේක්ෂකයෝ එම ප්‍රවේශපත් ලබාගැනීම සඳහා මේට්ලන්ඩ් පෙදෙසේ පිටිහි ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය ඉදිරිපිට අද (6) පෙරවරුවේ සිට දිගු පෝලිම්වල රැදී සිටියහ. 06 June 2022
මේ වසරේම ආර්ථිකය ගොඩගන්න සියලු දේ කරනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ තවත් විදෙස් ආධාර ලබාගෙන මේ වසරේදීම ආර්ථික ස්ථාවරත්වයක් ළඟා කර ගැනීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 06 June 2022
නාවික හමුදා විශේෂ බලඝණයේ භටයෝ විසිර යති නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ 29 වැනි බඳවා ගැනීමට අයත් භටයින්ගේ විසිරයාමේ උත්සවය ඊයේ (5) නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ප්‍රධානාත්වයෙන් ත්‍රිකුණාමලය එම බළකා මුලස්ථානයේ දී පැවැත්විණි. 06 June 2022
ගෝඨා ගෝ ගමක් හා හොරු ගෝ ගමක් ජිනීවාවල ශ්‍රි ලංකා ජනාධිපතිවරයාට සහ රට අහිමි ව ඇති ඩොලර් සංචිත නැවත පවරා ගන්නා ලෙසට බලකරමින් යුරෝපායේ වෙසෙන ශ්‍රි ලංකිකයෝ පිරිසක් ඊයේ (5) ජිනීවා එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුහ. 06 June 2022
රසායනාගාර උපකරණවල මිල ආනයනික සමාගම් හිතුමතේ වැඩිකරලා රෝහල්වල සහ පෞද්ගලික වෛද්‍ය රසායනාගාරවල වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ සිදුකිරීමේදී භාවිත කරනු ලබන ප්‍රතික්‍රියක සහ උපකරණ සම්බන්ධයෙන් මිල නියාමනයක් නොවීම නිසා ආනයන සමාගම් හිතුමතේ මිල වැඩිකරන බව ස්වාධීන වෛද්‍ය රසායනාගාර සංගමය පවසයි. 06 June 2022
කෝටියක හෙරොයින් එක්ක ශිවා අත්අඩංගුවට ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන නන්ද කුමාර් ශිවනන්දන් නොහොත් ශිවා නැමැත්තා රුපියල් කෝටියකට වැඩි වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝවක්, සැටලයිට් දුරකතන තුනක්, එහි බැටරියක් සහ රුපියල් අට ලක්ෂයකට ආසන්න වටිනා මුදල්ද සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසලදී අත්අඩංගුවට ගනු ලැබීය. 06 June 2022
‘බුද්ධි ගලන ඛේදවාචකයක් අතළඟයි ‘ අද වන විට ජීවත්වීමේ අයිතිය පවා ජනතාවට අහිමි වී ඇති බවත්, අතිවිශාල පිරිසක් රට හැර යමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද(6)පැවසීය. 06 June 2022
ඇමති ප්‍රසන්නට අත්හිටවූ සිරදඬුවම් 2015 වසරේ කොලොන්නාව මිතොටමුල්ලේ වගුරුබිමක් ගොඩ කර එහි රැඳි සිටි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම අදාල නඩුවේ තීන්දුව ප්රශාක කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විත්තිකාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග වසර දෙකක බරපත වැඩ සහිත සිර දඬුවම් වසර පහකට අත්හිටුවන්න ලෙස නියෝග කළේය. 06 June 2022
මිත්‍රත්වය රැකගන්න රුසියාවට සංදේශයක් රුසියානු ගුවන් යානයක් ශ්‍රී ලංකාවේ රඳවාගැනීමේ සිද්ධියත් සමඟ ශ්‍රී ලංකාවේ පැරණිතම මිත්‍ර රටක් වන රුසියාවට කණගාටුව ප්‍රකාශ කිරීමට සහ මිත්‍රත්වය රැකීමට ඉල්ලීම් කරමින් සංචාරක ක්ෂේත්රයට සම්බන්ධ සහ රුසියාවේ අධ්‍යාපන ලැබූ පිරිසක් රුසියානු තානාපති කාර්යාලයට අද (6) සංදේශයක් භාරදුන්හ. 06 June 2022
එරොෆ්ලොට් ගුවන් යානයට රුසියාවට යන්න අවසර රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ ගුවන් යානයකට කටුනායක ගුවන් තොටුපළෙන් පිටවීමට එරෙහිව කොළඹ වානිජ මහාධිකරණය දුන් වාරණ නිරුසියානු ”ඒරෝෆ්ලොට්” ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටවීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය අත්හිටුවීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා ඊයේ (06) නියම කළේය.යෝගය අත්හිටුවීමට කොළඹ වානිජ මහාධිකරණය නියෝග කළේය. 06 June 2022
සැමන් මිල ඉහළට වෙළෙඳපොළේ ලොකු සැමන් ටින් එකක මිල රුපියල් 600ක් දක්වා ඉහළ නැගීමෙන් පාරිභෝගිකයෝ දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති. 06 June 2022
ශ්‍රී ලංකාව-රුසියාව අතර ගුවන් තැපැලුත් නවතියි ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් තැපැල් සේවය තාවකාලිකව අත්හිටුවූ බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. 06 June 2022
දේශබන්දුට පහර දුන්නැයි පරිගණක ශිල්පියා මාට්ටු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට කොම්පඤ්ඤවීදිය පෙරහර මාවතේ දී පහර දීමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයකු කොම්පඤ්ඤවීදියේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි 06 June 2022
ගේට්ටුකරු ඉන්ධන නැතිව අතර මඟ:දුම්රිය ගේට්ටුව ළඟ මාතර වෙහෙරහේන දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටු වසා නොතැබූ අවස්ථාවේ එම ස්ථානය පසු කිරීමට නියමිතව තිබූ සාගරිකා සීඝ්‍ර ගාමී දුම්රියේ රියැදුරාගේ විමසිලිමත්කම නිසා සිදුවන්නට ගිය අනතරු වැලක් වළක්වා ගැනීමට අද අලුයම හැකි විය. 06 June 2022
‘තමිල්නාඩුවෙන් තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ නැවක්‘ ශ්‍රී ලංකාවට තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ නැවක් ලබාදෙන බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ.ස්ටාලින් මහතා ඉන්දියාවෙි ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා හමුවේ පවසා තිබේ. 06 June 2022
බොරතෙල් මිල ඉහළට ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල අද(06) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 120 සීමාවට ළඟා විය.ඒ අනුව බ්‍රෙන්ට් කෘඩ් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 120 ක් වූ අතර ඩබ්ලිව්.ටී.අයි කෘඩ් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 119 ක් විය. 06 June 2022
‘හෙළ හවුලේ අවසන් වියතාණෝත් නික්ම යති‘ හෙළ හවුල නියෝජනය කරමින් ජීවතුන් අතර සිටි අවසන් පුරුක වූ මෙරට ජ්‍යෙෂ්ඨතම සාහිත්‍යවේදියකු වන සඳදස් කෝපරහේවා මහතා අභාවප්‍රාප්ත විය. 06 June 2022
මන්ත්‍රී ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ වෙනම දිනයක් විවිධ හේතු මත පාර්ලිමේන්තුවේදී ඇසීමට නොහැකි වූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 50 ක් සදහා ලබන මස 04 වැනි සඳුදා සම්පූර්ණ දිනය විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස වෙන් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 06 June 2022
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026