අද ගැන කාලගුණයේ අණාවැකිය උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (6) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 06 January 2023
යුක්රේනයේ දෙදින සටන් විරාමයක් ‘ඕතඩොක්ස්’ නත්තල නිමිත්තෙන් දින දෙකක සම්පූර්ණ සටන් විරාමයකට යෑමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කළේය. 06 January 2023
හමුදා සේවයේ සිටිද්දී හැරී කුමරු 25 ක් මරලා බ්‍රිතාන්‍ය හමුදාවේ, ඇපාචි ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවකු ලෙස සේවය කළ කාලයේ තමන් ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම්වලදී සතුරන් 25 දෙනකු මරා දැමූ බව හැරී කුමරු පවසා ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ. 06 January 2023
එක මතයකට එන්න ජනපති මැතිවරණ කොමිසමට කියයි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මත හතරක් නොදරමින් එක මතයකට පැමිණ කටයුතු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සිව්දෙනාට අද (5) දැනුම් දුන්නේය. 05 January 2023
දුරුතු පෙරහරේ තෙවැනි වීථි පෙරහර වීදි සංචාරය කරයි කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු මහා පුජෝත්සවයේ තෙවැනි වීථී පෙරහැර අද (05) වීදි සංචාරය කළේය. 05 January 2023
තරුණ ජීවකයකුගෙන් බසයකදී හෙදියකට අමුතු ප්‍රතිකාරයක් බස් රථයක් තුළදී නාවික හමුදා හෙදියකගේ ඇඟට හේත්තු වී ඇයට හිරිහැරයක් වන ආකාරයට කටයුතු හැසිරුණැයි කියන වෛද්‍යවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි. 05 January 2023
‘2022 වසරේ ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව’ කොමර්ෂල් ලොව බැංකුකරණ සහ මූල්‍ය සේවා ක්ෂේත්රයේ ප්‍රමුඛයකු වන ‘ඒෂියන් බෑන්කර්’ සඟරාව විසින් ‘2022 වසරේ ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබේ. 05 January 2023
දළදා වහන්සේට අපහාස කළ අයකු අල්ලයි මහනුවර දළදා ශ්‍රි මාළිගාව ට අපහස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. 05 January 2023
වෑන් - ලොරි ගැටී පා පැදිකරු මරුට පාරේ ගමන් කළ පාපැදිකරුවකු අනතුරකින් බේරීමට ලොරියක් තිරංග තද කළ අවස්ථාවේදී පිටුපසින් ආ වෑන් රියක් ලොරියේ ගැටීමෙන් විසිවී ගිය ලොරිය පාර මැද පෙරලෙද්දී පාපැදිකරු ඊට යටවී මරණයට පත්ව ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි . 05 January 2023
බුද්ධි වික්‍රම රඟ මඩලෙන් බැසයයි දශක හයකට ආසන්න කාලයක් මෙරට වේදිකා, චිත්‍රපට සහ ටෙලිනාට්‍යවල චරිතාංග රංගන ශිල්පියකු වූ බුද්ධි වික්‍රම මහතා හෝමාගම රොහලේදී අද (5) සවස අභාවප්‍රාප්ත වූයේය. 05 January 2023
ව්‍යාජ දළදා මාලිගාවට ජනපති මැදිහත් වේ කුරුණෑගල, පොතුහැර ව්‍යාජ දළදා මාලිගාවක් ඉදිකිරීම සම්බන්ධයෙන් කඩිනමින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දුන්නේය. 05 January 2023
නව බස් රථ 75 ක් ධාවනයට එක්වෙයි ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලැබුණු බස් රථ 75 ක් ඩිපෝවලට අද (5) බෙදාදුන්නේය. 05 January 2023
කෝටි 21 ක කුඩුත් එක්ක බහුදින යාත්‍රාවක් බේරුවලදී අල්ලයි රුපියල් කෝටි 21 ක් පමණ වටිනා මත්කුඩු සමග ධීවරයන් පිරිසක් බාරයට ගත් බව නාවික හමුදාව කියයි. 05 January 2023
ඩයනාගේ ගුවන් ගමන් බලපත් තොරතුරුවල කඩිනම් වාර්තාවක් දෙන්න ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ගුවන් ගමන් බලපත්‍ර දෙකක් ලබාගත්තැයි කියන රාජ්‍ය අමාත්‍යවරියක වූ ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් වන ලියකියැවිලි බි්රතාන්ය තානාපති කාර්යාලයෙන් ගෙන්වාගෙන විමර්ශන කඩිනම් කර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (05) නියෝග කළේය. 05 January 2023
දළදා වහන්සේට අපහාස කළාට පැමිණිල්ලක් සේපාල අමරසිංහ නම් තැනැත්තෙකු විසින් සමාජ මාධ්‍ය භාවිතා කරමින් ලෝවැසි සියලු බෞද්ධ ජනයාගේ ගෞරවයට පාත්‍ර වුණ ශ්‍රී දළදා වහන්සේට අපහාස වන අන්දමින් සිදු කර ඇතැයි කියන ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි 05 January 2023
තානාපතිවරු එකොළහක් ජනපති හමුවී එතෙර යති ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සුරැකීම සඳහා යහපත් විදේශ සේවයක අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 05 January 2023
පැය 2යි විනාඩි 20 ක විදුලි කප්පාදුව තවත් දින 3 ක් පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව අනිද්දා (7) සිට මේ මස 9 වැනිදා දක්වා දින තුනක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (5) පස්වරුවේ පැවසීය. 05 January 2023
තරුණ නියෝජන විවාදය ඉල්ලා කථානායකට ලිපියක් පාර්ලිමේන්තුවේ සහ පළාත් සභා වල තරුණ නියෝජනය සඳහා තමා ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව දෙවන වර විවාදය සඳහා ගැනීමට අවශ්‍ය කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකාර් මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් ඉදිරිපත් කරමින් සඳහන් කර තිබේ. 05 January 2023
රමේෂ් පතිරණගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් තමා නිල නිවසට ගෙවිය යුතු සියලු විදුලි සහ ජල බිල්පත් නිවැරදිව ගෙවා තිබෙන බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේ දී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පැවසීය. 05 January 2023
නඩුවට නවතා ගත් ලොරියෙන් ගංජා මතු වේ නඩු භාණ්ඩයක් වශයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ ගාල් කර තිබූ ටිපර් රථයක බඳ කොටසේ ඉතා සූක්ෂම ලෙස අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 116 සොයා ගත් බව මන්නාරම මූලස්ථාන පොලිසිය පවසයි. 05 January 2023
පුනරුත්ථාපන පනත විවාදය කල් යයි ආන්දෝලනයට තුඩුදුන් පුනුරුත්ථාපන කාර්යංශ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී අද (5) විවාදයට ගැනීමට නියමිතව තිබුණත් එය ලබන 19 වැනිදා දක්වා කල් ගියේය. 05 January 2023
නොරොච්චෝලේ නතර වුන ජනන යන්ත්‍රය ඉරිදා සිට යළි වැඩ ගල්අඟුරු හිඟය හේතුවෙන් නොරොච්චෝලේ ‘ලක්විජය’ විදුලි බලාගාරයේ අක්‍රීය කළ දෙවැනි විදුලි ජනන යන්ත්‍රය ලබන ඉරිදා (8) නැවත ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබෙනු ඇති බව එම බලාගාරයේ උසස් නිලධාරියෙක් පැවසීය. 05 January 2023
මුදලිගේගේ නිදහස ඉල්ලයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ නිහඬ විරෝධතාවක් අලුත්කඩේ උසවි සංකීර්ණය අසල දී අද (5) පැවැත්විණි. 05 January 2023
පාස්කු චූදිතයෝ තව දුරටත් රිමාන්ඩ් කතෝලික දේවස්ථාන සහ තරු හෝටල් ඉලක්ක කර පාස්කු ඉරිදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර 250කට අධික පිරිසක් ඝාතනය කර තවත් 500කට අධික පිරිසක් බරපතල තුවාල කර බවට චෝදනා ලබ සිටින මවුලවිවරුන් ඇතුළු 25 දෙනාගේ ඇප ඉල්ලීම සලකා බැලීම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කළේය. 05 January 2023
ඛනිජ තෙල් සේවකයන්ට බෝනස් දීමට බාධාවක් නෑ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීමට කිසිඳු බාධාවක් නොමැති බවත් පාරිතෝෂික ගෙවීම පිළිබඳව මහ බැංකුව ඉදිරිපත් කර ඇති මාර්ගෝඋපදේශලට අනුව ප්‍රසාද දීමනා ගෙවිය හැකි බවත් පොදුජන ප්රගතිශීලී සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර මහතා පැවසීය. 05 January 2023
අරගලය නැවත පණ දෙන්න නැවත අරගලය පණ ගන්වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 January 2023
සති අන්තයේ කොළඹට වතුරත් නෑ මාලිගාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ නල පද්ධතියේ සිදුකරන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම ලබන සෙනසුරාදා (7) රාත්‍රී 10.00 සිට ඉරිදා (8) පස්වරු 4.00 දක්වා පැය 18ක කාලයකට අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 05 January 2023
මහජන කොමිසමේ ලොක්කා නිෂේධ බලය අතට ගනී විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබුණ හොත් අධිකරණයට යෑමේ අවශ්‍යතාවක් නොමැති බවත් මහජන උපයෝගිතා කොමිසම සතු නිෂේධබලය පාවිච්චි කර ප්‍රතික්ෂේප කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනත රත්නායක මහතා අද පැවසීය. 05 January 2023
විශ්ව විද්‍යාලවල එක බත් එක තුන් දෙනෙක් කනවා විශ්වවිද්‍යාල සිසු සිසුවියන් තුන් දෙනෙක් එක්ව එක බත් පැකට් එකක් කා සෑහීමකට පත්වන බව ජාතික ජන බලවේගය පත්කළ මන්ත්රීනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය. 05 January 2023
ජනපති කාර්යාලය තරුණයන්ට වේදිකාවක් හදයි 75 වැනි ජාතික නිදහස් සැමරුමට සමගාමීව ගොඩනැගීමට නියමිත ජාතික යොවුන් වේදිකාව සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත. 05 January 2023
බොල්සොනාරෝ රටින් පනී බ්‍රසීල ජනපතිවරණයෙන්, ජනාධිපති ලූලා ද සිල්වාට පරාජය වුණු ප්‍රතිවාදී ජනපති ධුර අපේක්ෂක ෆ්ලේවියෝ බොල්සොනාරෝට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීමත් සමග ඔහු ඔහුගේ බිරිඳ සහ දියණිය සමග ඇමෙරිකා.. 28 October 2026