ඩේවිඩ් කැමරන් වරාය නගරය නරඹයි ශ්‍රී ලංකාවේ පෞද්ගලික සංචාරයක නිරත වූ බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා කොළඹ වරාය නගරයේ ද සංචාරයක නිරත විය. 05 January 2023
ගම්පහ අලුත් ඡන්ද ලක්ෂයක් ගම්පහ දිස්ත්‍රික්කයෙ පළාත් පාලන ආයතන 19 ක් සදහා සභිකයින් 688 දෙනෙ තෝරා පත් කර ගැනීම පිනිස දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 13 ක ඡන්ද දායකයින් 18, 33, 602 දෙදෙනකු සුදුසුකම් ලබා ඇති බව දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි. 05 January 2023
පොහොට්ටුව කළුතරට ඇප බඳියි පළාත් පාලන මැතිවරණය සදහා පළමු වරට ඇපමුදල් තැනපත් කිරීම අද (05) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි සිදුකරන ලදී . 05 January 2023
රන්දිමාල් ගමගේ අත්අඩංගුවට අරගලයේ ක්‍රියාකාරී සාමාජික රන්දිමාල් ගමගේ අලුයම ඩුබායි සිට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අද (05) අත්අඩංගුවට ගෙන තිබේ. 05 January 2023
දළදා හිමිට අපහාස කළ තැනැත්තාට උපරිම දඬුවම් දළදා වහන්සේට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කළ තැනැත්තාට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ උපරිම නීතිය ක්‍රියාත්මක කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 January 2023
මුදලිගේ යළි රිමාන්ඩ් ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී අනර්ථයක් සිදු කළැයි කියන සිද්ධියට අදාළව සැකකරුවකු ලෙස නම් කර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත ගතකිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (05) නියෝග කළේය. 05 January 2023
’’ඔබතුමා අපේ පස්සෙන් එන්න’’ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ මොහොත වන විට පළාත් පාලන මැතිවරණය සඳහා කළුතරට ඇප මුදල් තැන්පත් කරගෙන යන අතර ’’ඔබතුමා ඊට පිටිපස්සෙන් වැඩ කරගෙන යන්නැයි’’ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතාට පිළිතුරක් ලබා දෙමින් පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 January 2023
පිපුරුණු ගෑස්වලට වන්දි ගෙවන්න ලිට්රෝ සූදානම් රට පුරා පසුගිය කාලයේ ගෑස් සම්බන්ධයෙන් යැයි පැවසූ සිද්ධිවලදී ලිට්රෝ ගෑස් නිෂ්පාදනයේ දුර්වලතාවක් හේතුවෙන් කිසියම් හෝ කෙනෙක් අපදාවට පත්වූ බවට ඔප්පු වුවහොත් ඒ සඳහා වන්දි ලබාදීමට එම සමාගම අනිවාර්යෙන් ඉදිරිපත් වන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. 05 January 2023
රණවිරුවන්ගේ වැටුපටත් බදු ගහලා ත්රස්තවාදයට එරෙහි සටනට ගොස් ආබාධිතව අභිමන්සල වල සිටින රණවිරුවන්ගේ වැටුපටත් බදු ගසා ඇතැයි පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 January 2023
මැතිවරණ පනතක් නිසා මැතිසබේ උණුසුමක් අග්‍රාමාත්‍යය දිනේෂ් ගුණවර්ධන මහතා පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළ අතර මෙය ඡන්දය කල් දැමීමට කරන උප්පරවැට්ටියක් බව ප්‍රකාශ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම හඬ නැගීම නිසා මැතිසබයේ උණුසුම් තත්වයක් අද (5) පෙරවරුවේ ඇතිවිය. 05 January 2023
ගෝඨා දිවයිනට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත අද (05) උදෑසන පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා මෙන්ම ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු ද සනාථ කළේය. 05 January 2023
ලිට්රෝ ගෑස් මිල අඩු කරයි ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 201 කින් අඩු කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. 05 January 2023
හැරී කුමරුන්ට විලියම් අයියණ්ඩිය පහර දීලා අයියණ්ඩිය විලියම් කුමරු තමන්ට පහර දුන් බව හැරී කුමරු සිය ස්වයං චරිතාපදානයේ සඳහන් කර ඇතැයි බ්‍රිතාන්‍යයේ ‘ද ගාඩියන්’ පුවත්පත පවසයි. 05 January 2023
සජිත් කලබලයකට හේතුවක් කියයි මැතිවරණ ක්‍රියාවලිය ප්‍රකාශ කළ ආකාරයට ඉදිරියට යාමට රජය ඉඩ දේවිද කියා බොහෝ දෙනෙකුගේ අවිශ්වාසයක් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 05 January 2023
පළාත් පාලන පනත ඇතුලේ ගැටුමක් හදන්න එපා පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා දීමට දින ප්‍රකාශයට පත්කර තිබියදී තරුණ නියෝජනය සදහා සදහා පෞද්ගලික මන්ත්‍රී යෝජනා ඉදිරිපත් කර සම්මත කිරීමෙන් පනත ඇතුලේ ගැටුමක් ඇති වීමට ඉඩ තිබෙන බව ජාතික ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 05 January 2023
සන්නද්ධ හමුදා රටපුරා කැඳවන ජනපති ආඥාවක් ආරක්ෂාව වෙනුවෙන් සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් දිවයින පුරා කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ ආඥාවක් නිකුත් කරනු ලැබ ඇති බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 05 January 2023
කොන්ක්‍රීට් කුහරයේ සිරවුණු දරුවා මරුට වියට්නාමයේ, පාලමක් ඉදි කරමින් තිබුණු ඉදිකිරීමේ වැඩ බිමක, මීටර් 35 ක් ගැඹුරු කොන්ක්‍රීට් කුහරයක් තුළ සිරවුණු 10 හැවිරිදි දරුවා බේරා ගැනීමට සහන සේවකයෝ අපොහොසත් වූහ. 05 January 2023
ඇමෙරිකාවෙන් ලාංකිකයන්ට රැකියා ඇමෙරිකා එක්සත් ජනපද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය සමඟ එක්ව ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ රැකියා අවස්ථා 550ක් තහවුරු කර ගැනීමට සමත්වූ බව ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. 05 January 2023
වී ගන්න සල්ලි දෙන්නැයි කැබිනට්ටුවෙන් ඉල්ලයි 2022/23 මහ කන්නයේ වී අලෙවි මණ්ඩලය මගින් වී මිල දී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් හෝ ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක මගින් හෝ සාධාරණ පොලී අනුපාතයක් මත අවශ්‍ය මුදල් ලබා දෙන ලෙස ඉල්ලා කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. 05 January 2023
රට වෙනුවෙන් එකතුවී වැඩ කිරීමට ආරාධනයක් රටේ සංවර්ධනය වෙනුවෙන් එකතුවී වැඩ කිරීමට සියලු දෙනාට ආරාධනා කරන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 05 January 2023
වියළි කාලගුණ තත්වයේ වෙනසක් දැනට පවතින වියළි කාලගුණ තත්වයේ වෙනසක් අද (5) සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 January 2023
දේශපාලන හයියෙන් කතුන් විකුණලා ප්‍රබල දේශපාලකයකුගේ ආධාරකරුවකු මහනුවර දංගොල්ල ඌරවල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් නමින් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් දෙදෙනකු සහ කළමනාකරු අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලීසිය කියයි . 05 January 2023
සොත්ති උපාලිගේ පුතා කුඩු සමග මාට්ටු කලකට ඉහතදී සංවිධානාත්මක අපරාධ කරුවකු මෙන්ම පාතාල කල්ලි නායකයකු ලෙස කටයුතු කළ මියගිය සොත්ති උපාලිගේ පුතා තියුණු ආයුධ තොගයක් සහ හොරෙයින් මත්කුඩු සමඟ සමග අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි. 05 January 2023
දුම්රියේ යකඩවලට ගේමක් දෙන්න යයි දුම්රිය දෙපාර්තුමේන්තුව සතු මෙට්‍රික්ටොන් 7000 ක යකඩ තොගය කිලෝ එකක් රුපියල් 43 කට විකිණීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි ගානක පාඩුවක් කිරීමට විරෝධය පලකරමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරිමට තීරණය කර තිබේ. 05 January 2023
තණමල්විල දරුවන්ට දිවා ආහරය නැති වේ තණමල්විල කලාප අධ්‍යාපන බල ප්‍රදේශයේ ප්‍රාථමික පාසල්වල දරුදැරියන් සදහා ලබා දෙනු ලබන දිවා ආහාරය නවතා දමා ඇතැයි මව්පියෝ පවසති. 04 January 2023
සිඟන්නාට දත් කැඩෙන්න ගහලා පොල් ගසකින් වැටී කොන්දකැඩී, රිය අනතුරකින් දකුණු පාදය කපා ඉවත් කළ සිඟමන් යදිමින් සිටි යාචකයකුට දත් තුනක් කැඩෙන්න පහරදී ඔහු ගමන් කරන රෝද පුටුවටද අලාභහානි කළ ප්‍රධාන ව්‍යාපාරිකයකු ඇතුළු පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගත්බව පින්වත්ත පොලිසිය පවසයි. 04 January 2023
විදේශ සේවා නියුක්තියේ ලක්ෂ 40ක යතුරු පැදි දිරන්න ඇරලා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පුහුණු මධ්‍යස්ථාන සඳහා ලක්ෂ හතලිහකට අධික මුදලක් වැය කරමින් මිලදී ගත් යතුරුපැදි 22ක් වසර 12 තිස්සේ කිසිදු ප්‍රයෝජනයකට නොගෙන තවමත් රථගාල්වල තිබෙන බව විගණන වාර්තාවකින් අනාවරණය වේ. 04 January 2023
ශ්‍රීලංකන් ගුවන් සේවය නේපාලයේ ව්‍යවසායක සංවිධානය ශ්‍රී ලංකාවට ගෙනෙයි ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ගොඩනැංවීමේ සහ වර්ධනය කිරීමේ පියවරක් වශයෙන් නේපාලයේ ව්‍යවසායක සංවිධානය, ව්‍යාපාරික හමුවීම් මාලාවක් වෙනුවෙන් ප්‍රථම වරට ශ්‍රී ලංකාවට ගෙන ඒමට ශ්‍රී ලංකන් ගුවන් සේවය පියවර ගත්තේය. 04 January 2023
එක්තැන් වූ රෝගියකුව බලාගන්නේ මෙහෙමයි පුද්ගලයෝ වයස්ගත වීමත් සමඟ විවිධ රෝගාබාධවලට ගොදුරු වෙති. ඉන් ඇතමකු විවිධ සංකූලතා නිසාවෙන් ඇඳටම සීමා වෙති. එක්තැන්වූ එවන් රෝගියකුට ප්‍රතිකාර කරන අතරතුරදී ඔවුන්ව රැක බලා ගැනීම නිවැසියන් වෙත පැවරේ. එබඳු විටෙකදී ඔවුන්ව රැක බලා ගන්නේ කොහොමද කියන කාරණය ලිපියේ නිමිත්තයි. 04 January 2023
සමහර පක්ෂවලට සජිත් භීතිකාව ඇතිවෙලා සමහර පක්ෂවලට සජිත් භීතිකාව ඇතිව තිබෙන බවත් එයට හේතුව සමගි ජන බලවේගයේ සංවර්ධන වැඩසටහන හරහා සමහර දේශපාලන පක්ෂවල පැටිකිරිය එළි දැක්වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(4) කොළඹදී පැවසීය. 04 January 2023
බොල්සොනාරෝ රටින් පනී බ්‍රසීල ජනපතිවරණයෙන්, ජනාධිපති ලූලා ද සිල්වාට පරාජය වුණු ප්‍රතිවාදී ජනපති ධුර අපේක්ෂක ෆ්ලේවියෝ බොල්සොනාරෝට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීමත් සමග ඔහු ඔහුගේ බිරිඳ සහ දියණිය සමග ඇමෙරිකා.. 28 October 2026