
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවේ පෞද්ගලික සංචාරයක නිරත වූ බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා කොළඹ වරාය නගරයේ ද සංචාරයක නිරත විය.
අනාගත ආයෝජකයින් කොළඹ වරාය නගරය වෙත ආකර්ෂණයකිරීම සඳහා සහයෝගය ලබාදීම ඔහුගේ මෙම සංචාරයේ අරමුණ විය.
මෙම වසරේ දී කොළඹවරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය නැරඹීමට පැමිණි පළමු රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයා ද ඔහු වේ.
කැමරන් මහතා කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සාමාජික රෙයාස් මිහිලර්, නීති හා ආයතනික කටයුතු අධ්‍යක්ෂ වින්ධ්‍යා වීරසේකර සහ කොළඹ වරාය නගර පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ යන්ග් ලූයන මහත්ම මහත්මීන් මෙහිදී බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයා සමඟ සාකච්ඡා සඳහා ද එක්විය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් මහත්මිය ද මෙම සාකච්ඡාවට එක් විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා සුපිරි පොරක්... මම කැමතිම චරිතයක්
ආ.... මේ අර එදා ලංකාවට ආපු කැමරන්ම ද? අර එදා දාපු චණ්ඩි පාට් මොකවත් නැහැ වගේ, බොහෝම සාමකාමීයි. අරගලයක ප්‍රතිඵලයක්?
හැමදාම ආන්දෝලනාත්මක ප්‍රචාරයක්.මේක තමයි අද !හැබැයි ! මේවා කියෙව්වාට .ඒත් පිස්සු හදාගන්නනම් එපා
ඔය පස්සේ දෙන උදව් ගැන බලන් ඉඳලා වැඩක් නැහැ. යන යන තැන්වලට ටිකට් ගාස්තුව ඩොලර් වලින් අයකර ගන්න.