(ටී.කේ.ජී.කපිල)
අරගලයේ ක්‍රියාකාරී සාමාජික රන්දිමාල් ගමගේ අලුයම ඩුබායි සිට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අද (05) අත් අඩංගුවට ගෙන තිබේ.
32 හැවිරිදි රන්දිමාල් ගමගේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරීවරයෙකු ලෙස සේවය කරන්නෙකු වන අතර ඔහු ගාල්ල , කරාපිටිය ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකි.
කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මොහුගේ ලියකියවිලි පරීක්ෂා කිරීමේදී මොහුට රටින් පිටවීම තහනම් කරමින් ගුවන් ගමන් තහනමක් පනවා ඇති බව එම දෙපාර්තමේන්තු පරිගණක පද්ධතියේ පෙන්නුම් කර තිබේ. එහෙත් ඔහුට රටට ඇතුළු වීමට තහනමක් නොමැති නිසා ඔහු එතැනින් නිදහස් කිරීම සිදුවනවාත් සමගම කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් එතැනට පැමිණ මොහු අත් අඩංගුවට ගැනීම සදහා ලිඛිත ඉල්ලීමක් ඉදිරි පත් කර මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .
රූපවාහිනී සංස්ථාවට ඇතුළු වී රජයේ දේපළ වලට අලාභ හානි සිදු කිරීම යන චෝදනාව යටතේ කුරුදුවත්ත පොලීසියේ ඉල්ලීම මත මෙසේ මොහු අත් අඩංගුවට ගෙන තිබේ .
ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම
වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල
පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රන්දිමාල් ගමගේ අත්අඩංගුවට
ලුම්බිණි Thursday, 05 January 2023 01:09 PM
ඒත් කන්ජිපානිලාට කිසිම ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන්. අත්අඩංගුවට ගන්න කිසිම කෙනෙක් නැහැ...
නිහාල් Thursday, 05 January 2023 01:11 PM
කන්ජිපානි පැන්නට කමක් නෑ... ගස්ලබු පලුව කාපු අය අල්ල ගත්තානේ....
BamunuarachchiSunday, 08 January 2023 01:30 PM
කන්ජිපානි ත්‍රස්තයෙක් නොවෙයි. මොවුන් ත්‍රස්තයින් අනාගතයේ අපිට තුණ්ඩු කෑල්ලෙන් නියෝග දෙන ත්‍රස්තයෝ. ඒ නිසා දුටුතැන සර්පයා අත්නාරිනු මෝඩයා කියන උපමේය අනුව කටයුතු කර අපිට නිදහසේ ඉන්න ඉඩ සාදාදෙන්න...
sharm warn Thursday, 05 January 2023 02:12 PM
කන්ජිපානි ගොයියා රටින් පනිනකල් දන්නේ නැති රනිල්ගේ පොලිසිය මේ අහිංසකයෙක් අල්ලගෙන පොරවල් වෙන්න හදනකොට අපිට කොතැනින් හිනාවෙන්නද හිතාගන්න බැරුව මේ ඉන්නේ...
මැක්ස් Thursday, 05 January 2023 06:08 PM
ඕනෑම කෙනෙකුට නීතිය තමා අතට ගත හැකියි යන අදහස සමාජගත කිරීමට දායක වූ මෙවැන්නන් සිටිය යුත්තේ හිර ගෙදරයි. එසේම, මොවුන්ට ඩුබායි ගොස් වියදම් කිරීමට මුදල් වැයකළේ කවුද සහ අරගලයට මුදල් පොම්ප කළ අය ඊට සම්බන්ධද යන්නත් සොයාබැලිය යුතුයි...