(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නැවත අරගලය පණ ගන්වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ගාලු මුවදොරින් පමණක් නොව පීඩනයට හසු වී තිබෙන සියලු ජනතාව විසින් එය කළ යුතුව තිබෙන බව කී ෆොන්සේකා මහතා අරගලයක් ඇවිත් රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුම බව කීය.
"ලංකාව දැන් ගරා වැටුණු වලව්වක් වගේ.පරම්පරා තුන හතරක් ගිය විට අත්තිවාරම ඌරු මීයෝ හාරනවා.පරාල වලට ගුල්ලෝ ගහනවා.බිත්ති වලට වේයෝ ගහනවා. ඇතුලෙ කාමර වල වවුල්ලු එල්ලිලා.මේ වවුල්ලු තමයි දේශපාලකයන් යනුවෙන්ද ෆොන්සේකා මහතා පැවසීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
අරගලය නැවත පණ දෙන්න
යෝගා Thursday, 05 January 2023 03:02 PM
ඔක්කොටම කලින් ඇරියස් වෙච්ච ලයිට් බිල ගෙවලා නෝනා පදින ජීප් එකේ ලීසින් ගෙවලා ඉන්නවද?
samanThursday, 05 January 2023 05:55 PM
මේ වවුල්ලු තමයි දේශපාලකයන්, ඔවුන් සියලුදෙනාම ඉවත්ව යායුතු වේ .ඕවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට
Abdul Nasar Thursday, 05 January 2023 03:39 PM
එනවා කියලා ආවේ නැහැ .දැන් ආයිමත් තරුණයෝ උසි ගන්වලා ඔවුන්ව අමාරුවේ දාන්න හදනවා
පිටිගල මිලානෝ Thursday, 05 January 2023 03:41 PM
ජනතා සහ දේශ හිතකාමි ආණ්ඩුවක් පිහිටවමු.
සේනක ඉතාලිය Thursday, 05 January 2023 03:49 PM
අපි විදෙස් රටක ජිවත් වුණත් ,ඔබගේ අදහසට කොන්දේසි විරහිතව එකගයි.ඒ වගෙම අරගලයකින් තොරව මෙයට විසදුමක් නොමැත.අරගලයට ජය වේවා!!!
nishan ranaweera Thursday, 05 January 2023 04:42 PM
මේ මනුස්සයා වයසට ගියත් ලේ පිපාසෙන් තිරිසනෙක් කියලා මට හිතෙන්නේ .තනිකර පිස්සෙක්
fairoos Thursday, 05 January 2023 05:56 PM
අනිවාර්යයෙන්ම මේ ඉන්න කාලකන්නි සෙට් එකම ඕනේ
කිරිපුතා Thursday, 05 January 2023 06:53 PM
මෙයා හදන්නේ බළලුන් ලවා කොස්ඇට බාවන්න...
Bandara Friday, 06 January 2023 08:31 AM
ආයෙත් මොකද්ද කරන්න යන උප්පරවැට්ටිය .මාර වෛරයක් තියෙන්නේ
Bamunuarachchi Sunday, 08 January 2023 12:56 PM
ප්‍රබාකරන්ට දෙන්න බැරිඋන පණ අරගලයට දෙන්න . හැබැයි අරගලය අපේ එදිනෙදා ජීවිතයට බාදාවක් නම් ඔහෙලගෙ පන ටයර් සෑයට තමයි.