IMG-LOGO

2024 මැයි මස 07 වන අඟහරුවාදා


‘2022 වසරේ ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව’ කොමර්ෂල්

ලොව බැංකුකරණ සහ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන ‘ඒෂියන් බෑන්කර්’ සඟරාව විසින් ‘2022 වසරේ ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබේ.

මූලික වශයෙන් බැංකුවේ ශේෂ පත්‍රයේ ශක්තිමත්භාවය පදනම් කරගනිමින් මෙම සම්මානය ලැබී තිබෙන අතර ආසියානු පැසිෆික් කලාපයේ බැංකු සැසඳීමේදී කොමර්ෂල් බැංකුවේ මූල්‍ය කාර්ය සාධනයේ තිබෙන ඉහළ ගුණාත්මක තත්ත්වයද මෙම සම්මානය ලැබීමට හේතුවී ඇත.

මෙම සම්මානය ලබාදීමේ ඇගයීමේ කාර්යයේදී දර්ශක 06 ක් පිළිබඳව අවධානය යොමුකර තිබෙන අතර දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව බැංකුවේ වත්කම් ප්‍රමාණය, ශුද්ධ ණය සහ තැන්පතුවල ශේෂ පත්‍ර වර්ධනය, බැංකු මෙහෙයුම් කටයුතුවල අවදානම් කළමනාකරණය, ලාභදායීතාව සහ තිරසාරභාවය, ලබාදුන් ණයවල ශක්තිය සහ විශ්වසනීයත්වය, අවදානමකට මුහුණදීම සඳහා තිබෙන වත්කම්වල ද්‍රවශීලතාව පිළිබඳව ස්වාධීන තක්සේරුවක් මෙහිදී කර තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ, සනත් මනතුංග මහතා මෙසේ අදහස් දැක්වීය.

“කෙතරම් අභියෝග පැමිණියත් ඒවා සියලු පාර්ශ්වකරුවන්ගේ බලාපොරොත්තු සාධාරණ ලෙස ඉටු කරගත හැකි ලෙස අපි කළමනාකරණය කර ගන්නවා. පවතින දේශීය සහ ගෝලීය තත්ත්වය අපගේ ශේෂ පත්‍රයට යම් බලපෑමක් කළත් අපගේ මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය එලෙසම පවතින බව ඒෂියන් බෑන්කර් විසින් ලබාදුන් මෙම සම්මානයෙන් තහවුරු වෙනවා. ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව ලෙස අපිව සහතික කිරීම මගින් අපිට විශාල දිරියක් ලැබෙනවා.”

ශක්තිමත්ම බැංකුව තෝරාපත් කරගත් මෙම වැඩසටහනට ආසියා පැසිෆික් කලාපයේ ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, බෲනායි, කාම්බෝජය, චීනය, හොංකොං, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, ලාඕසය, මැකාවු, මැලේසියාව, මොන්ගෝලියාව, මියන්මාරය, නවසීලන්තය, පාකිස්තානය, පිලිපීනය, දකුණු කොරියාව, ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, තායිවානය, තායිලන්තය සහ වියට්නාමය යන රටවල බැංකු ඇතුළත් කරගෙන තිබේ.

595

කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, එස්. ප්‍රභාගර් මහතා සම්මානය සමග



අදහස් (0)

‘2022 වසරේ ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව’ කොමර්ෂල්

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ඇපල් සමගමෙන් අලුත් වැඩක්
2024 මැයි මස 06 79 0

ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය.


කඩොලාන රැකීමේ මෙහෙවරට හේමාස්කන්සියුමර් සම්මාන ලබයි
2024 මැයි මස 06 24 0

ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් හි, ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) ප්‍රධාන පාර්ශවකරුවකු වන


ලොව සලිත කළ බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයට මාදිලි 117ක්
2024 මැයි මස 05 357 0

චීනයේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය පසුගිය 25 වෙනිදා සිට ඊයේ (04) වැනිදා දක්වා බෙයිජිං නුවරදී පැවැත්විණි.


සල්ලි කාරයන්ට ඔලිම්පික් බලන්න කෝටි 11 පැකේජයක්
2024 මැයි මස 04 210 0

ලොව ධනවත්ම පුද්ගලයන්ට පැරිස් ඔලිම්පික් තරගාවලිය නැරඹීම සඳහා ඇමෙරිකානු ඩොලර් 381,600 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 11ක පමණ) අති විශේෂ පැකේජයක් හඳුන්වා දීමට ජී.ආ


අයි ෆෝන් ඉල්ලුම පහළ ගිහින්
2024 මැයි මස 03 302 0

යුරෝපයේ හැර ලෝකයේ සෑම කලාපයකම පාහේ මෙම වසරේ පළමු මාස තුනේදී අයි ෆෝන් සඳහා ඇති ඉල්ලුම සියයට දහයකට වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි ඇපල් සමාගම ප්‍රක


කොමර්ෂල් බැංකුවට නව සභාපතිවරයෙක් සහ නියෝජ්‍ය සභාපතිවරයෙක්
2024 මැයි මස 02 258 0

කොමර්ෂල් බැංකුව 2024 අප්‍රේල් 22 වැනි සඳුදා සිට බලපැවැත්වෙන පරිදි සිය සභාපතිවරයා ලෙස ප්‍රමුඛතම ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවකු වන ෂාර්හන් මුෂීන් මහතා සහ නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 518 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1978 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1735 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site