විදුලිසැර වැදී සිසුවකු මරුට මිද්දෙණිය ප්‍රාථමික විදුහලේ 4 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු තම නිවස පිටුපස කුඹුරේ ඇද තිබූ විදුලි රැහැනක ගැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය . 02 December 2025
සී බී රත්නායක රිමාන්ඩ් වසර දෙකක් ඇතුළතදී උපයා ගත් ආකාරයයි හෙළි කළ නොහැකි රුපියල් කෝටි පහකට අධික වත්කම් උපයා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යය සී.බී රත්නායක මුල් අවස්ථාවේදීම සියවත්කම් හෙළි නොකර සිටි පුද්ගලයකු බැවින් හා ඔහුගේ ක්‍රියා කලාපය ඉදිරි විමර්ශනයන්ට බාධා විය හැකි බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා පැවසීය. 02 December 2025
එකතු කළ අගය මත බදු නියෝග පාර්ලිමේන්තුවට එකතු කළ අගය මත බදු පනතේ 71 වැනි වසන්තිය යටතේ වන නියෝග පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 December 2025
ආපදාවට පත්වූවන්ගේ විදුලිය කපන්නේ නෑ ආපදාවලට පත්වූ ප්‍රදේශවල විදුලි බිල්පත් නොගෙවූ විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි සැපයුම විසන්ධි නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 02 December 2025
ආපදා සහනය වැඩි කරන්න කැබිනට් අනුමැතිය හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වී ඇති ජනතාවට කඩිනමින් සහන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 December 2025
ජාත්‍යන්තර සහාය අඛණ්ඩව ලැබෙනවා - රජයෙන් නිවේදනයක් ජීවිත සිය ගණනක් බිලිගනිමින්, රට පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අවතැන් කළ දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් යළි රට යථා තත්වයට ගොඩනැඟීම සඳහා විශාල වශයෙන් ජාත්‍යන්තර සහාය අඛණ්ඩව ලැබෙමින් පවතින බව රජය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 02 December 2025
පාකිස්තානයෙන් දුන් ආහාර තොගයක් ගංගාරාමයට අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන්වූ ජනතාවට බෙදාදීම සදහා පාකිස්ථාන රජයෙන් ලබාදුන් වියලි සලාක තොගයක් ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජනරාල් ෆාහිස් අල් අසීස් මහතා විසින් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය කිරින්දේ අස්සජී නාහිමියන්ට සංඛේතාත්මකව ප්රදානය කිරීම අද (2) එම විහාරස්ථානයේදී සිදුකෙරිණි. 02 December 2025
කුණාටුවෙන් මිය ගිය ගණන 400 ඉක්මවයි දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයිනට බලපා ඇති ආපදා තත්වයෙන් මිය ගිය සංඛ්‍යාව 400 ඉක්මවා ගොස් තිබේ 02 December 2025
කල් ගිය උ.පෙළ විභාගය ජනවාරි මුල රටේ පැවති අයහපත් කාලගුණයත් සමග පැවැත්වීමට නොහැකි වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 2026 ජනවාරි මස මුල දී පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පැවසීය. 02 December 2025
අහම්බෙන් හමු වූ රන් බඩු සේප්පුව මා ඔය පිටාර ගැලීමත් සමග ගිරිඋල්ල නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවුණා. මගේ රන්බහන්ඩ වෙළඳසැල ඇතුළු වෙළඳසැල් විශාල ප්‍රමාණයක් ගං වතුරට හසුවුණා. වෙළඳසැලේ තිබුන ඇනයක්වත් ඉතුරු වුණේ නෑ. සේප්පු දෙකත් වතුරට ගහගෙන ගිහිල්ලා. වතුර බැස ගියාට පසුව එක සේප්පුවක් වාසනාවට වගේ රන් භාණ්ඩ සමඟ මට ලැබුණා යැයි නිව් රන්මුතු ජුවලස් හිමිකරු ලලිත් නව රත්න මහතා පැවසීය. 02 December 2025
මැතිසබේ වෙබ් අඩවිය අලුත් කරයි වසර 19 පුරා ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය නව විශේෂාංග රැසක් සමඟින් නව්‍යකරණය කර කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එළිදක්වනු ලැබීය 02 December 2025
කැප්පෙටිපොළ ගොවීන්ගේ කඳුළු කතාව කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානට අද දින ගොවියන් සහ ව්‍යාපාරිකයන් ගෙනා එළවළුවල මිළ පහළ යාමේන් තමන් මහත් ආර්ථික අපහසුවට පත්ව ඇතැයි ගොවිහු මැසිවිළි නගති. 02 December 2025
සී.බී රත්නායක අත්අඩංගුවට රුපියල් කෝටි ගණනක වත්කම් ඉපයූ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට පැමිණි සීබී රත්නායක මහතා අල්ලස් කොමිසම මගින් අද (02) අත්අඩංගුවට ගෙන ඇත. 02 December 2025
ජපන් ආපදා විශේෂඥයෝ ලංකාවට ආපදා තත්ත්වය හමුවේ කඩිනම් සහන ලබාදීම සඳහා ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව ඉතා සවිස්තරව කරුණු සොයා බැලීම සඳහා ජපානයේ හදිසි ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂඥයන් කණ්ඩායමක් මෙරටට පැමිණ ඇත. 02 December 2025
සහන වැඩට බෝරා ප්‍රජාව කෝටියක් දෙයි විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළ සඳහා ශ්‍රී ලංකා ඩාවුඩි බෝරා ප්‍රජාව රුපියල් ලක්ෂ 100ක මූල්‍ය පරිත්‍යාගයක් කළේය. 02 December 2025
හලාවත මහ රෝහල පිරිසිදු කරයි ගං වතුරට යටවි වසා දැමු හලාවත මහ රෝහල යළි යථා තත්වයට පත් කිරීමට රෝහල් වෛද්‍ය කාර්ය මංඩලය ඇතුළු සියලුම අංශ යුද හමුදාව සමග එක්වි අද(2 ) දින පිරිසිදු කිරීම් ආරම්භ කල බව රෝහල් අධ්යක්ෂ සුමිත් අත්තනායක මහතා පැවසිය. 02 December 2025
ආපදා ත්තවය ගැන පුටින් කණගාටුව පළ කරයි මෙරටට බලපා ඇති අයහපත් කාලගුණයෙන් සිදු වූ ආපදා හානී සහ සිදු වූ ජීවිත හානි සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය ශෝකය පළ කර අැත 02 December 2025
අයවැය විවාද හෙට නැවත ඇරඹේ අයවැය විවාදය පාර්ලිමේන්තුවේදී හෙට (3) උදේ 9.00ට නැවතත් ආරම්භ වේ. 02 December 2025
වැස්සෙන් උ‘මැද කුඹුරු අක්කර 15,500 ක් විනාශයි අධික වැස්සෙන් උතුරු මැද පළාතේ මෙවර මහ කන්නයේ වගාකළ කුඹුරු අක්කර 15,500 ක් සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ඇතැයි උතුරු මැද පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ ආචාර්ය බුද්ධික අබේසිංහ මහතා පවසයි. 02 December 2025
ලංකාව ගැන මෝදිගෙන් එක්ස් පණිවිඩයක් ඉන්දියාව මෙම දුෂ්කර පැයේ දී ලංකාව සමග සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එක්ස් සටහනක් තබමින් සඳහන් කරයි. 02 December 2025
මැතිසබා සේවකයෝ විස්සකුත් ගංවතුරට කොටුවෙලා විවිධ ප්‍රදේශවල පදිංචි පාර්ලිමේන්තු සේවකයන් විසි දෙනෙකු පමණ ගංවතුර ඇතුළු විවිධ කාලගුණික ආපදාවන්ට ලක්ව ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය . 02 December 2025
සී බී රත්නායක අල්ලස් කොමිසමට හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතා අද (02) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කැදවා ඇත. 02 December 2025
කොළඹ - මහනුවර බස් සේවාව අරඹයි මහනුවරට ඇතිවූ අයහපත් කාලගුණික තත්ත්වය හේතූවෙන් අඩපණ වූ කොළඹ - මහනුවර පුද්ගලික බස් සේවාව අද සිට යළි ආරම්භ කළ බව මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහණ අධිකාරියේ සභාපති අජිත් ප්‍රියන්ත මහතා කීය. 02 December 2025
බෝග හයක වගා හානි වලට වන්දි වී, බඩ ඉරිඟු, ලොකු ලූනු,අර්තාපල්, මිරිස් සහ සෝයා බෝංචි යන වගාවන් වලට සිදුවී ඇති හානි තක්සේරු කර වන්දි මුදල් ලබාදීමට නියමිතව ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩල සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පවසයි. 02 December 2025
මවක් මල්වතුඔයට පැනලා:දරු දෙදෙනා අතුරුදන් හතළිස් හැවිරිදි කාන්තාවක් අනුරාධපුර, මල් අතු ඔය මිහිඳු පුර පාලම උඩින් සිය දරුවන් දෙදෙනා සමග අද (02)දින උදැසන හය හමාරට පමණ මල්වතු ඔයට පැන ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි. 02 December 2025
ගංවතුරට කොටු වූ විදේශිකයන් 21ක් ගුවන් හමුදාව බේරාගනියි නුවරඑළිය ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් අවතැන් වී සිටි විදේශිකයන් 21 දෙනෙකු ගුවන් හමුදා අනුරාධපුර කදවුරේ අංක 06 හෙලිකොප්ටර් බලඝනයට අයත් MI-17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදා ගනිමින් ඊයේ (1) සවස බේරා ගෙන කටුනායක ගුවන් හමුදා කදවුර වෙත බාර දුන් බව ගුවන් හමුදාව පවසයි. 02 December 2025
සජිත් පිටරටින් ආධාර ඉල්ලයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙරට ජපාන, කොරියානු සහ යුරෝපා සංගම් තානිපතිවරුන් හමුවී ආපදා තත්ත්වයෙන් මිදීමට සහාය දෙන ලෙස ඉල්ලා සිටියේය. 02 December 2025
ගංවතුර අස්සේ ගෑස් සගවලා පවතින අර්බුදකාරී තත්ත්වය තුළ වෙළෙන්දෙකු සතුව ප්‍රමාණවත් තොග තිබියදීත්, ද්‍රව පෙට්‍රෝලියම් (LP) ගෑස් විකිණීම ප්‍රතික්ෂේප කරන බවට ලැබුණු පැමිණිලි අනුව, පාරිභෝගික කටයුතු අධිකාරියේ නුවරඑළිය නිලධාරීන් විසින් හැටන් දික්ඔය නගරයේ හදිසි වැටලීමක් ඊයේ (01) දින සිදුකරන ලදී. 02 December 2025
ශ්‍රී ලංකාවට ආධාර ගේන්න ඉන්දීය ගුවන් කලාපය පාකිස්තානයට ඇරේ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත්වුණු ශ්‍රී ලංකාවට, ඉන්දීය ගුවන් කලාපය හරහා, ආධාර රැගෙන ඒමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, පාකිස්තානයට අවසර දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 02 December 2025
කුකුල්ලු ලක්ෂ 15 ක් ගංවතුරට බිලි ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් කුකුළු ගොවිපළවල සතුන් ලක්ෂ 15ක් පමණ ගංවතුරට හසුවී මියගොස් ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පැවසීය. 02 December 2025
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026