කට රැකගෙන කෑම කමු
අප්‍රේල් මාසය ඉතා සුවිශේෂය. ඒ අන් කවරදාටත් වඩා මේ මාසයේදී අපට කෑමට ලැබෙන රසකැවිලි නිසාවෙනි.. මේ කෑම සියල්ලම පාහේ තෙල්,පිටි, සීනි, ලුණුවලින් සමන්විතය. මේ අවුරුදු කාලෙදී ලෙඩ නොවී කෑම කන හැටිත්, රෝගවලින් දැනටමත් පීඩා විඳින පිරිස රෝගය මැඩ ගනිමින් වැරැදි ආහාර රටාවෙන් මිදී ක්‍රමවත්ව ආහාර ගන්නේ කොහොමද යන්නත් ගැන අප වැඩි අවධානයක් යොමු කළ යුතුය. අප්‍රේල් මාසයේදී පමණක් දක්නට ලැබෙන ආහාර පාන නොකා හිඳීමට තහංචි පැනවීම අනුමත කළ නොහැකිය.