වැඩිහිටි මධ්යස්ථානයේ උප සහායිකාවගේ සිරුර ළිඳක පිළියන්දල මඩපාත පන්සල පාරේ වැඩිහිටි නිවාසයක උප සහායිකාව ලෙස කටයුතු කළ වයෝවෘද්ධ කාන්තාවකගේ මළ සිරුර එම නිවාස භූමියේ ළිඳක තිබී අද (16) සොයාගත් බව පිළියන්දල පොලිසිය කියයි 16 October 2024
පියාගේ ඝාතකයා නීතිය හමුවට පොලිසිය මග හරිමින් සිටි සිය පියාගේ ඝාතකයා නීතිය ඉදිරියට ගෙන ඒමට පොලිස් නිලධාරිනියකවී පියා ඝාතනය කර වසර 25 කට පසුව ඝාතකයා නීතිය ඉදිරියට ගෙන ඒමට සමත්වූ දියණියක් පිළිබඳව බ්රසීලයෙන් වාර්තා වේ. 16 October 2024
දකුණු ප.ස.අධිකාරිවලට - ප.රා.සේ.කොමිසමට නව සභාපතිවරු දකුණු පළාත් සභාවේ අධිකාරි පහ සදහා නව සභාපතිවරු පස්දෙනෙකු සහ දකුණු පළාත් රාජ්ය සේවා කොමිෂන් සභාවට නව සභාපතිවරයකු ඇතුළු සාමාජිකයින් තිදෙනෙකු දකුණු පළාත් ආණ්ඩුකාරවර බන්දුල හරිස්චන්ද්ර මහතා විසින් පත්කොට ඇත. 16 October 2024
පොදු රාජ්ය මණ්ඩලීය සවි එසවීමේ තරගාවලියේ ශූරයෝ ලංකාවට දකුණු අප්රිකාවේ පැවති පොදු රාජ්ය මණ්ඩලීය සවි එසවීමේ තරගාවලියට සහභාගී වූ ශ්රී ලංකා ක්රීඩක කණ්ඩායම රන් පදක්කම් 14 ක් , රිදී පදක්කම් 09 ක් සහ ලෝකඩ පදක්කම් 01 දිනා ගෙන ඊ5යේ( දින) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 16 October 2024
ගස් කපන්නා ගසකටම යටවෙයි දන්කොටුව කලුවච්චිමුල්ල ප්රදේශයේ ගෙවත්තක කොස්ගසක් කපමින් සිටි පුද්ගලයකු ඇග මතට වෙනත් ගසක් කඩා වැටිමෙන් එම පුද්ගලයා මරණයට පත්වි ඇති බව දන්කොටුව පොලිසිය කියයි. 16 October 2024
පුද්ගල ඝාතනයකට 5ක් අත්අඩංගුවට ජාඇල ප්රදේශයේදී පුද්ගලයකුගේ ගෙලට මන්න පහරක් එල්ල කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි. 16 October 2024
පැරෑලියෙත් මුහුද ගොඩ ගලයි අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ මුහුදු රළ සමඟ වැලි සහ නොයෙකුත් අපද්රව්ය ගාල්ල සමුද්රමාවත, ගාල්ල කොළඹ ප්රධාන මාර්ගයේ තෙල්වත්ත, පැරෑළිය යන ප්ර දේශවලින් ගොඩබිමට ගලා එම නිසා මෙම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බදා එල්ලවි තිබුණි. 16 October 2024
මරදාන - කොටුව අතර අදත් දුම්රිය ප්රමාදයි ප්රධාන දුම්රිය මාර්ගයේ මරදාන හා කොළඹ කොටුව අතර දෙවන දිනටත් අද (16) උදේ සිට දුම්රිය ප්රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. 16 October 2024
බූස්ස බන්ධනාගාරයෙන් මත්ද්රව්ය-දුරකතන සොයාගනී බූස්ස බන්ධනාගාර තුල සිදු කල වැටලීම් දෙකකදී අයිස් මත්ද්රව්ය සහ දුරකථන දෙකක් ඇතුළු දුරකථන උපාංග කිහිපයක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි . 16 October 2024
කළුතර මුහුද ගොඩගලයි කළුතර උතුර ප්රදේශයේ අද(16) උදැසන මුහුද ගොඩගැලීමක් සිදුව ඇති බව කළුතර දිස්ත්රික් ආපදා කළමණාකරණ ඒකක කාර්යාලය සදහන් කරයි . 16 October 2024
කොටුව -බදුල්ල දුම්රිය අද සිට සාමාන්ය පරිදි උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට ඇල්ල දක්වා දින හතක් සීමා කර තිබූ දුම්රිය ධාවනය අද (16) සිට කොළඹ කොටුව හා බදුල්ල අතර සාමාන්ය පරිදි ක්රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 16 October 2024
කෝටි දෙකක මත්පැන් බහලුමක් රේගු බාරයට නෙදර්ලන්තයෙන් නීති විරෝධී ආනයනය කළ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් මත්පැන් බෝතල් 3,585 ක් ගබඩා කර තිබූ බහලුමක් කොළඹ වරායේ සී.අයි.සී.අයි. පර්යන්තයේ අතහැර දමා තිබියදී ශ්රී ලංකා රේගුවේ වරාය පාලන ඒකකය භාරයට ගත් බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 16 October 2024
සැක ලෙස හෝටලයක සිටි විදේශිකයින් 10ක් අත්අඩංගුවට හලාවත ප්රදේශයේ ප්රධාන සංචාරක හෝටලයක සැකකටයුතු ලෙස රැදී සිටි විදේශීය ජාතිකයින් 10 දෙනෙකු පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශණ අංශය අත්අඩංගුවට ගෙන හලාවත පොලීසියට බාර දී තිබේ. 16 October 2024
වැස්ස අඩුවන ලකුණු දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය ක්රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 16 October 2024
LPEC Campus Iconic සම්මාන දිනයි LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්යයන විශිෂ්ටත්වය, නව්ය ඉගැන්වීම් ක්රම සහ පරිපූර්ණ ශිෂ්ය සංවර්ධනය සඳහා වන නොසැළෙන කැපවීම පිළිබඳ සාක්ෂියක් යැයි එම ආයතනය කියයි. නවීන විෂය මාලා හා නූතන පහසුකම් ඔස්සේ LPEC Campusඅධ්යාපන ක්ෂේත්රයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් වෘත්තීය අධ්යාපනයේ ප්රමුඛයකු වී ඇත. 16 October 2024
බංගලා නොදුන් මැති ඇමැතීන්ට නඩු රජයේ බංගලා ලබන 30 වැනිදාට පෙර බාර නොදුනහොත් නඩු පවරන බව අධිකරණ, රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා කම්කරු අමාත්යාංශයේ ලේකම්වරයා සියලුම හිටපු අමාත්යවරුන්ට සහ රාජ්ය අමාත්යවරුන්ට ලිපියක් යවමින් අද (15) දැනුම් දුන්නේය. 16 October 2024
කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 මැරූ නඩුව වසා තබයි ‘කොවිඩ්’ පරීක්ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධණය වු රැඳවියන්ට ප්රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්ට වෙඩි තබා රැඳවියන් 11 දෙනෙකුගේ මරණ සිදුකළැයි කියන සිද්ධියට අදාළව ඉදිරි පියවර ගැනීමට අවශ්ය නොවන බව අපරධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්යක්ෂවරයාට දැනුම් දී ඇති නීතීපතිවරයා සිද්ධියට අදාළව නීතීපති දෙපාර්තමෙන්තුවේ පවත්වාගෙන ගිය ගොනුවද වසා දැමීමට පියවර ගෙන ඇත. 15 October 2024
ළමා නිවාසයේ මුරකරුගේ බෙල්ල කපා මරල:දරුවන් දෙකක් සැකපිට කොළඹ ළමා සංවර්ධන මධ්යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි. 15 October 2024
දුම්රිය ප්රමාදයි;බස් නෑ: මගීහු අතරමං වෙති ප්රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ. 15 October 2024
ඩොලර් අර්බුද නොඑන විදියට වාහන ගේනවා වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්රකාශක අමාත්ය විජිත හේරත් මහතා පැවසීය. 15 October 2024
රාජ්ය පරිපාලන සේවයේ හිටපු ජ්යෙෂ්ඨ නිලධාරීයකු සමුගනී ශ්රී ලංකා රාජ්ය පරිපාලන සේවයේ හිටපු ජ්යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තාවේ. 15 October 2024
ඇල්ලේ ඇල්ල චිල් ලොව දෙවැනි තැනට ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුරන් හිමිකරගෙන තිබේ. 15 October 2024
කැඩුණු ලොරිය ගෙන්න කන්දට ගිය ඩෝසරයත් පෙරළෙයි බුලත්සිංහල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩලිගම බුලත්වතුකන්ද මුදුනේ කාර්මික දෝෂයට ලක්වූ කුඩා ලොරි රථයක් ගේන්න ගිය ජේ,සී,බී යන්ත්රයත් ලොරියත් සමග කන්දෙන් පහළට පෙරළී අද (15) දින සවස සිදු වූ දරුණු අනතුරකින් ජීවිත දෙකක් නූලෙන් බේරි ඇතැයි ප්රදේශ වාසීන් පවසති. 15 October 2024
මාළුන්ට දැල්දාන්න ගිය එක්දරු පියා දියේ ගිලී මරුට කලපුගම , කජුවත්ත ඇලේ මාළු ඇල්ලීමට ගිය එක් දරු පියෙකු දියේ ගිලී මියගොස් ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි . 15 October 2024
සුදු සැරයටි පළමු කොඩිය ජනපති ලේකම්ට ජාත්යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පැළඳවීම අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. 15 October 2024
උදුල් ප්රේමරත්නට-මිතුරියට පහර දුන් අය අධිකරණයට ගේන්න නියෝග අන්තර් විශ්ව විද්යාල ශිෂ්ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන නීතිඥ උදුල් ප්රේමරත්න මහතාට සහ ඔහුගේ මිතුරියට ට තලවතුගොඩ ප්රදේශයේ ආපනශාලාවකදී පහර දුන් බව කියන පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කඩුවෙල වැඩ බලන මහේස්ත්රාත් සන්ධ්යා තල්දූව මහත්මිය අද (15) දින තලංගම පොලිසියට නියෝග කලාය 15 October 2024
නුවරදී කොටු වුණු’’ඔන්ලයින් චීන්නු’’හම්බන්තොටත් ඉදලා අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් මූල්ය වංචා සිදුකරමින් සිටියදී මහනුවර ප්රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් පිරිස මීට ඉහතදී හම්බන්තොට ප්රදේශයේ සුපිරි හෝටලයක එම ජාවාරම සිදුකරගෙනගොස් ඇතැයි බවටඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිසිය තොරතුරුඅනාවරණය කරගෙන තිබේ. 15 October 2024
උඩරට මාර්ගයේ දුම්රිය ප්රමාදයක් නාවලපිටිය සිට නානුඔය බලා ධාවනය වු දුම්රියක් තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථානය අතරදී අද (15) පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 15 October 2024
කැකනදුර වෙඩි තැබීමකින් අයෙක් මරුට මාතර, කැකනදුර ,රුවන්වැල්ල ප්රදේශයේදී අද (15) පස්වරුවේ කළ වෙඩිතැබීමකින් අයෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි. 15 October 2024
ජෛව සම්පත් රැස් කළ රුසියානු සිසුන් දෙන්නාට කෝටි 11 ක දඩයක් සිංහරාජ ලෝක උරුම වනාන්තරයට සහ හොර්ටන්තැන්න ජාතික උද්යානයට ඇතුල්වි මෙරටට ආවේනික ජෛව සම්පත් රැස් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් රුසියානු සරසවි සිසුන් දෙදෙනාට රුපියල් කෝටි 11 1/2ක දඩයක් ඇඹිලිපිටිය මහෙස්ත්රාත් දිලුම් ප්රනාන්දු මහතා අද (15) නියම කලේය. 15 October 2024
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026