IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පියාගේ ඝාතකයා නීතිය හමුවට

(විමුක්ති එස් රුද්‍රිගු)

පොලිසිය මග හරිමින් සිටි සිය පියාගේ ඝාතකයා නීතිය ඉදිරියට ගෙන ඒමට පොලිස් නිලධාරිනියකවී පියා ඝාතනය කර වසර 25 කට පසුව ඝාතකයා නීතිය ඉදිරියට ගෙන ඒමට සමත්වූ දියණියක් පිළිබඳව බ්‍රසීලයෙන් වාර්තා වේ.

ඇය නමින් ජිස්ලේන් සිල්වාය. 35 හැවිරිදි වියේ පසුවන ජිස්ලෙන් වයස අවුරුදු 9 දී ඇයගේ පියා අමානුෂික ලෙස ඝාතනයට ලක්ව ඇත. ජිස්ලෙන් යුක්තිය සොයමින් වසර 20 කට අධික කාලයක් වැය කර ඇති අතර අවසානයේ ඇයම පොලිස් නිලධාරිනියක ලෙස සාක්ෂි පසුපස හඹා යමින් සිය පියාගේ ඝාතකයා නීතිය ඉදිරියට ගෙන ඒමට සමත් වූවාය.

පියාගේ ඝාතකයා නීතිය ඉදිරියට ගෙන එමින් සිය පවුලට යම්කිසි සැනසීමක් ලබාදීමට අවසානයේදී ජිස්ලෙන්ට හැකියාව ලැබුණාය. ජිස්ලෙන්ගේ පියා වන ජිරාල්ඩෝ ජොසේ විසෙන්ටේ 1999 වසරේ තැබෑරුමකදී ඇතිවූ ආරවුලක්දී හිසට වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්ව ඇත. වෙඩි තැබීම සිදුකර ඇත්තේ රයිමුන්ඩෝ අල්වේස් ගෝමස් නැමැත්තෙක් බව හඳුනාගත් පොලිසිය ඔහුට විරුද්ධව මිනීමැරීමේ චෝදනා ගොනු කර තිබිණි.අවසානයේදී 2013 වසරේදී අධිකරණය හමුවේ රයිමුන්ඩෝ වරදකරුවී ඒ සඳහා වසර 12 ක සිර දඬුවමක් නියම වුවත් එම අවස්ථාවේ ඔහු පොලිසිය මග හරිමින් සැඟවිණි.

පොලිසියෙන් සැඟවුණු සිය පියාගේ ඝාතකයා නැවතත් නීතිය ඉදිරියට ගෙන ඒමේ අධිෂ්ඨානයෙන් ජිස්ලේන් පොලිස් නිලධාරිනියක වී ඇති අතර අවසානයේ පසුගිය 26 වැනිදා රයිමුන්ඩෝ අල්වේස් ගෝමස් නැවතත් අත් අඩංගුවට ගැනීමට ඇය සමත් වූවාය. අත් අඩංගුවට ගැනීමෙන් පසුව ජිස්ලේන් විසින් රයිමුන්ඩෝ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී 2013 වසරේදී ඔහුට ලබාදුන් සිර දඬුවම ක්‍රියාත්මක කිරීමට අධිකරණය නියම කර ඇත.

රයිමුන්ඩෝ ඝාතනය සිදුකරන විට 35 වැනි වියේ පසුව ඇති බවත් අවසානයේ 60 වැනි වියේදී නීතිය ඉදිරියට ගෙන ඒමට ජිස්ලෙන්ට හැකියාව ලැබී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.



අදහස් (1)

පියාගේ ඝාතකයා නීතිය හමුවට

sam Thursday, 17 October 2024 09:05 AM

නියමයි, වැරදි කරුවන්ට දැඩි දඬුවම් දිය යුතුමයි. හැබැයි ඒ රටේ මයිනලා බලේ හිටියා නම් මූව නිදහස් කරනවා අනිවාර්යයෙන්ම.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site