
(ජේ.කේ.එල්. චාමින්ද)
දකුණු පළාත් සභාවේ අධිකාරි පහ සදහා නව සභාපතිවරු පස්දෙනෙකු සහ දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නව සභාපතිවරයකු ඇතුළු සාමාජිකයින් තිදෙනෙකු දකුණු පළාත් ආණ්ඩුකාරවර බන්දුල හරිස්චන්ද්‍ර මහතා විසින් පත්කොට ඇත.
ඒ අනුව දකුණු පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා ලෙස එච්.කේ.කේ. කමල්, දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස සමරදිවාකර විදාන පතිරණගේ ගාමිණිසරත්, දකුණු පළාත් රුහුණු සංචාරක කාර්යංශයයේ සභාපතිවරයා ලෙස හෙරත් මුදියන්සේලාගේ රුවන් ප්‍රියාල්ල විජේරත්න යන මහත්වරුන් පත්කොට ඇත.
එමෙන්ම දකුණු පළාත් සංවර්ධන අධිකාරිය සභාපතිවරයා ලෙස ප්‍රේමසිරි කළුආරච්චි, දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරය ලෙස . ඩි.පි.කේ අමරසේකර යන මහත්වරුන් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා විසින් පත්කොට ඇත.
මිට අමතරව දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ආර්.එච් කමල් මහතා පත්කොට ඇති අතර කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස. තරංගා වික්‍රමරත්න මහත්මිය සහ සිරිසේන දේශප්‍රිය, ඥාණරත්න මාපලගම, යන මහත්වරුන් පත්කොට ඇත.
දකුණු පළාත් සභා ඉතිහාසයේ පළමු වතාවට අධිකාරිවල සභාපති තනතුරු සදහා වෘත්තිකයින්, හා එම ක්ෂේත්‍ර පිළිබද ප්‍රවිනයින් පත්කිරිමට දකුණු පළාත් ආණ්ඩුකාරවරයා විසින් පියවරගෙන තිබුණි.
2025 දෙසැම්බර් මස 30
61
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දකුණු ප.ස.අධිකාරිවලට - ප.රා.සේ.කොමිසමට නව සභාපතිවරු
සෙනෙවිරත්න Wednesday, 16 October 2024 01:26 PM
ඔන්න වෙනස, වෘතිකයන් , මම දන්න දක්ෂ විශ්‍රාමික බැංකු නිළධාරින් ඔතන ඉන්නව, කලින් මොනවත් නොදන්නා ගොබ්බයන් පත් කරල ආපු දවසෙ ඉඳල කෑම තමයි හොයන්නෙ. මේව ගැනත් කතාකරමු අඩුපාඩුම නොසොයා සහ පුරෝකථන පසෙකලා.