’’2025 අන්තර්ජාතික ධෛර්ය සම්පන්න කාන්තාව’’ නාමිනී සන්ඩේ ටයිම්ස් පුවත්පතේ නියෝජ්ය කර්තෘ නාමිනී විජේදාස මහත්මිය ’’2025 අන්තර්ජාතික ධෛර්ය සම්පන්න කාන්තාව’’ සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය. 30 March 2025
උත්සව සමයේ පරිස්සමින් උත්සව සමයේ වෙළඳසැල්වලින් අත්යවශ්ය ද්රව්ය සහ ආහාර මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන්නැයි මහජන සෞඛ්ය පරික්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 30 March 2025
පුටින්ගේ රථය පුපුරවලා? රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නිල වාහන බල ඇණියට අයත් යැයි විශ්වාස කෙරෙන ඕරස් සෙනට් මාදිලියේ ලිමොසීන් රථයක් මොස්කව්හි රුසියානු එෆ්.එස්.බී බුද්ධි සේවා මුලස්ථානය ආසන්නයේ නවතා තිබියදී පෙරේදා (29) පුපුරා ගොස් ගිනිගෙන ඇතැයි ’’ද සන්’’ පුවත්පත වාර්තා කළේය. 30 March 2025
පෑලියගොඩට වනාන්තරයක් ක්ලීන් ශ්රී ලංකා වැඩසටහන යටතේ නාගරික වනාන්තර ඇති කිරීමේ ව්යාපෘතියේ පළමු අදියර පෑලියගොඩ, කැලණි පාලම අසලදී අද ආරම්භ විය. 30 March 2025
නිධන් සෙවි කතක් ඇතුළු තුනක් මාට්ටු තලාතුඔය ,ගුරුදෙණිය උඩතැන්න මහවැළි බ්රිෂ් ගම්මානයේ නිවාස පරිශ්රයක විශාල උමගක් හාරා නිධානයක් ගැනීමට තැත් කළ බව කියන කාන්තාවක් සහ සැකකරුවන් දෙදෙනෙක් අද (30) අත්අඩංගුවට ගත් බව තලාතුඔය පොලීසිය කියයි. 30 March 2025
අධිකරණයට ගෙන ගිය සැකකරු පැන ගිහින් උහන පොලිස් ස්ථානයෙන් අම්පාර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට ගෙනගිය සැකකරුවෙක් පොලිස් අත් අඩංගුවෙන් මිදි පලාගොස් ඇතැයි කියයි. 30 March 2025
පුනරුත්ථාපන රෝගියා පහර දී මරලා මිනුවන්ගොඩ, වෑගොව්ව ප්රදේශයේ පවත්වාගෙන ගිය පුනරුත්ථාපන මධ්යස්ථානයක ප්රතිකාර ලබමින් සිටි පුද්ගලයකුට අමානුෂික ලෙස අතින් පයින් සහ පොල්ලකින් පහරදීම හේතුවෙන් රෝහල්ගත කිරිමෙන් පසු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පුනරුත්ථාපන මධ්යස්ථානයේ හිමිකරු වන කපුමහතකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි. 30 March 2025
’’කතරගම ගෙදර’’ නඩුව ඉක්මනට කතරගම ගෙදර නඩුවත් ඉතා ඉක්මනින් වැටෙනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බෙලිඅත්තේ ජන රැලියක දී පැවසීය. 30 March 2025
‘හිටපු අගවිනිසුරුට තනාපතිධුරයක් දීම අනියම් ආකාරයේ අධිකරණයට වූ බලපැමක්‘ හිටපු අගවිනිසුරුවරයාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තනාපතිධුරයක් ලබාදීම අනියම් ආකාරයේ අධිකරණයට සිදුවූ බලපැමක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මහතා ප්රකාශ කරයි. 30 March 2025
කල්ඉකුත් වු ඖෂධ වෛද්ය සැපයුම් තොරතුරු පද්ධතියෙන් මකලා ගාල්ල ප්රා දේශිය වෛද්ය සැපයුම් අංශය විසින් රුපියල් මිලියන 23.6කට ආසන්න කල්ඉකුත්වු ඖෂධ වෛද්ය සැපයුම් තොරතුරු කළමණාකරණ පද්ධතිය මගින් (PRONTO) විධිමත් අවසරයකින් තොරව භාණ්ඩ සමික්ෂණය සදහා ලබාදි තිබු මුරපද භාවිතා කර මකාදමා තිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි. 30 March 2025
ටිරාන් අලස් CID යට කැඳවයි හිටපු හිටපු මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් මහතා හෙට පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත. 30 March 2025
ලක්ෂ 30ක දුම්වැටි කටුනායකින් පන්නන්න බැරිවෙයි රුපියල් ලක්ෂ තිහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු අද(30 ) පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 30 March 2025
ට්රාන්ස්ෆෝමර් තඹ වයර් කැපූ අයෙක් මාට්ටු ලංකා විදුලි බල මණ්ඩලයට අයත් වෝල්ට් 33000 විදුලි ට්රාන්ස්ෆෝමරවල තඹ සහිත වයර් කපා සොරාගන්නා කල්ලියක පුද්ගලයෙකු වයර් කපමින් සිටියදී අද (30) අත් අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි . 30 March 2025
මුදල් වංචාවකට නාවික සෙබළා අත්අඩංගුවට ශ්රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගිණුමකින් රුපියල් 2,420,162 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් නාවික සෙබළෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය කියයි. 30 March 2025
මන්ත්රී බංගලා කුලිය ’’රිවර්ස්’’ මාදිවෙල මන්ත්රී බංගලාවල කුලිය තවත් වසර දෙකක් යනතුරු වැඩි නොකිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. 30 March 2025
අප්රේල් 8 දා සිට කැලිප්සෝ සංචාරක දුම්රිය නානුඔය දක්වා ලබන අප්රේල් 8 දා සිට සෑම අගහරුවාදා දිනකම කැලිප්සෝ දුම්රිය ධාවනය නානුඔය දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 30 March 2025
පළාත් කීපයකට අදත් තරමක තද වැසි බස්නාහිර ,සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ අම්පාර දිස්ත්රික්කවලත් තැනින් තැනට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 30 March 2025
පාර්ලිමේන්තු සේවක දීමනා බරටම කපලා නව වැටුප් සංශෝධන යටතේ පාර්ලිමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලයන්හි දීමනා සියයට 70 සිට සියයට 39 දක්වා අඩු කිරීමෙන් පාර්ලිමේන්තු සේවකයන් තුළ බරපතළ නොසන්සුන්තාවක් මතුව තිබෙන බව වාර්තාවේ. 30 March 2025
ලංකාවේ හැදූ සැමන් ප්රථම වරට රට යවයි ශ්රී ලංකාවේ නිෂ්පාදනය කළ සැමන් තොගයක් ප්රථම වරට විදේශීය රටකට අපනයනය කිරිම හා අපනයනය කිරීමේ බලපත්ර ප්රදානය අද (29) පුත්තලම - මදුරන්කුලියේ පිහිටි ඔෂන් ෆුඩ් කර්මාන්ත ශලාවේ දී පැවැත්විණි. 29 March 2025
මුස්ලිම් පාසල් වලට වැඩිපුර නිවාඩු දිනයක් රාමසාන් දිනය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා අප්රේල් 1 වැනි අඟහරුවාදා ද නිවාඩු දිනයක් ලෙස ප්රකාශයට පත් කර ඇතැයි අධ්යාපන සහ උසස් අධ්යාපන අමාත්යංශය කියයි. 29 March 2025
මැකෝගෙන් අපේක්ෂකයන්ට පණිවිඩයක් පළාත් පාලන මැතිවරණයේ වියදම් සීමා අනුව කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසම් සභාව සියලුම දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරයි. 29 March 2025
’වැඩියෙන් කෑ ගහන්නේ වැඩියෙන්ම බය වෙච්ච අයයි’ දැන් ආණ්ඩුවට විරුද්ධව වැඩියෙන් කෑගහන්නේ වැඩිපුරම බය වී සිටින අය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බෙලිඅත්තේදී පැවසීය. 29 March 2025
දේශබන්දුට රැකවරණය දුන් ව්යාපාරිකයාට ඇප බන්ධනාගාර ගතව සිටින අනිවාර්ය නිවාඩු යවා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයට භාරවීමට පෙර රැකවරණය ලබාදීම සහ ප්රවාහන පහසුකම් ලබා දීම යන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් කෝටිපති ව්යාපාරිකයෙකු රුපියල් ලක්ෂ දහයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කඩුවෙල වැඩ බලන මහෙස්ත්රාත් කමල් ප්රසන්න විජේසිරි මහතා අද (29) දින නියෝග කළේය 29 March 2025
දේශබන්දු අවුරුද්දෙන් පස්සේ ගෙදර? පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව විවාදයට ගැනීම බොහෝ දුරට අවුරුද්දෙන් පසු දිනයක සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 29 March 2025
ඇමැති බංගලා තානාපතිවරුන්ට ඇමැති බංගලාවලින් යම් ප්රමාණයක් තානාපති කාර්යාලවලට ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත. 29 March 2025
අධිකාරියේ අනුමැතියක් නෑ: ඖෂධ 38ක් හොර පාරේ ගෙනල්ලා ජාතික ඖෂධ අධිකාරියේ ඇගයීමකින් තොරව ඖෂධ වර්ග 38ක් ආනයනය කිරීම සඳහා පෞද්ගලික සමාගමකට 2022 වර්ෂයේදී ලියාපදිංචි සහතික නිකුත් කර ඇතැයි පොදු ව්යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී කෝප් කමිටුව තොරතුරු අනාවරණය වී ඇත. 29 March 2025
චාමරත් ගෙදර කෑම ඉල්ලයි තමාටද පිටතින් ආහාර ගෙන්වා ගැනීමට අවසර දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ප්රධානීන්ගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත. 29 March 2025
දේශබන්දුට රැකවරණ දුන් දෙකක් මාට්ටු අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයට බාර වන්නැයි නියෝගයක් තිබියදී සැඟව සිටීමට පහසුකම් සැලසූ හා ආධාර අනුබල දුන් බව කියන විශේෂ ආරක්ෂණ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 29 March 2025
ජපුර විශිෂ්ටයෝ සම්මාන ලබති විද්යෝදය පිරිවෙන විශ්වවිද්යාලයක් බවට පත්කිරීම මෙරට අධ්යාපනයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් බවත් වරප්ප්රසාද ලත් ඉතා සුළු පිරිසකට පමණක් සීමාවී තිබූ විශ්වවිද්යාල අධ්යාපනය පොදුජන ජනතාවට විවෘත වුයේ ශ්රී ලංකාවේ දෙවැනි විශ්වවිද්යාලය ලෙස වර්තමාන ජයවර්ධනපුර විශ්වවිද්යාලය බිහිවීමත් සමඟ බවත් කතානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා පැවසීය. 29 March 2025
පළාත් කීපයකට පස්වරු 2.00 පසු වැසි බස්නාහාර ,සබරගමුව, දකුණ, මධ්යම සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්රික්කයෙත් තැනින් තැනට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 29 March 2025
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026