වෙළෙඳ ප්‍රදර්ශනයකට වසන්ත චීනයට චීනයේ කුන්මින් නගරයේ දී හෙට(11) ආරම්භ වන 10 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය සහ 30 වන චීන (කුන්මිං) ආනයන සහ අපනයන ප්‍රදර්ශනය - 2026 සඳහා සහභාගී වීමට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා චීනය බලා පිටත්ව ගියේය. 10 June 2026
ශාන් රිමාන්ඩ් රජයේ ප්‍රශංපාදන ක්‍රියාවලියෙන් පරිබාහිරව මන්ත්‍රීවරුන්ට පුටු බෙදා දී රජයේ මුදල් අවභාවිතා කළේ යැයි කියන දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය ශාන් විජයලාල් ද සිල්වා සැකකරු ලබන 12 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය. 10 June 2026
දරුවන් දෙලක්ෂ හැට හත්දහසකට පාසල එපාවෙලා ළමයින් 267,138 දෙනෙකු ඉකුත් 2018 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වාවූ වසර හයක කාලයේදී පාසල් හැර ගොස් ඇති බව අගමැතිනී හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී අද (10) පැවැසුවාය. . 10 June 2026
ආණමඩුව ප්‍රා සභාවේ පොදු විපක්ෂයම රෝහලේ ආණමඩුව තොනිගල ප්‍රදේශයේ දී කැබ් රථයක් අනතුරට ලක්විමේන් ආණමඩුව ප්‍රාදේශීය සභාවේ පොදු විපක්ෂයේ මන්ත්‍රිවරුන් තිදෙනකු තුවාල ලබා ආණමඩුව හා පුත්තලම මූලික රෝහල් වෙත ඇතුළත් කළ බව ආණමඩුව පොලිසිය කිියයි. 10 June 2026
පාස්කු පරීක්ෂණ ගැන වැරදි මත කියන්නේ ඔත්තු බලපු අය පාස්කු මිනී මැරුමේ පරීක්ෂණ පිළිබඳව විවිධ වැරදි මත ගොඩ නගන්න හදන්නේ ඝාතනයට ඔත්තු බැලූ උදවිය බව ප්‍රවාහන මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. 10 June 2026
ශාන් විජයලාල් අත්අඩංගුවට දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය ශාන් විජයලාල් සිල්වා ද මහතා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත. 10 June 2026
අයිස් පැකට්ටුවක් බඩේ දී පිපිරී රිය සහායක මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ තංගල්ලේ සිට මාකුඹුර දක්වා ධාවනය කෙරෙන පුද්ගලික මගී බස් රථයක රිය සහායකයකු විෂ මත්ද්‍රව්‍ය පැට්ටුවක් බඩේ දී පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය . 10 June 2026
රුපියල ටිකක් වැඩිවෙයි ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් තිබූ රුපියල ක්‍රමයෙන් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව අද (10) දිනයේ ඇමෙරිකානු ඩොලරයට අනුව ගැනුම් අගය 324 ක් ලෙසින් ද විකුණුම් අගය 335 ක් ලෙසින් සටහන් විය. 10 June 2026
බිරියට ලෙඩයි කියා නිදන් හරන්න ගිහින්:සී.අයි.ඩි සාජන් ගෙදර පුදුකුඩු ඉරිප්පු ප්‍රදේශයේ නිදන් හෑරීම සඳහා ලෝහමය ද්‍රව්‍යයන් නිරීක්ෂණය කළ හැකි යන්ත්‍රයක් ප්‍රවාහනය කළ බව කියන සිද්ධියකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අංශයේ සාජන්වරයෙකුගේ වැඩ තහනම් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 10 June 2026
කළුතරත් ඩෙංගු සීඝ්රයෙන් වැඩි වෙලා 2025 වසරට වඩා 2026 වසරේ මේ දක්වා ( මාස 06 කාලයකට) කළුතර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් ඇතැයි කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය සඳහන් කරයි. 10 June 2026
ඇත් දළ, කොටන තුවක්කුවක් එක්ක අයෙක් මාට්ටු පොළොන්නරුව වැලිකන්ද වඩමුනේ පාලම අසලදී වටිනා ඇත් දළ ජෝඩුවක්, බෙහෙත් කොටන තුවක්කුවක් සමග අවුරුදු 44 ක් වයසති පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි. 10 June 2026
ආටිමිස් 3 සිවුදෙනා නම් කෙරේ ‘ආටිමිස් 3’ චන්ද්‍ර මෙහෙයුම යටතේ, ඇමරිකාවේ නාසා (NASA) ආයතනය, සඳට යැවීඹට සූදානම් වන ගගනගාමීන් සිවුදෙනා හඳුන්වා දීම ඊයේ (9) සිදුවිය. 10 June 2026
අද වැස්ස තත්වය බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 10 June 2026
හොර කච්ජේරියක් කොටිකාවත්තෙන් අල්ලයි කොටිකාවත්ත මහ බුත්ගමුව ප්‍රදේශයේ නිතී විරෝධි ලෙස ව්‍යාජ ලිපි ලේඛණ සකස් කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලැබු පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකය පවසයි. 10 June 2026
දඩ කොලයක් දුන් පොලිස් නිලධරයාට අලි සබ්රිගෙන් ප්‍රසාද සටහනක් මහා මාර්ගයේ රථ වාහන ආලෝක සංඥා නීතිය කඩ කිරීම නිසා දඩ ගැසීමකට ලක් වූ හිටපු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අදාළ පොලිස් නිලධරයා කටයුතු කළ වෘත්තීමය භාවය අගයමින් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත. 09 June 2026
තියුණු ආයුද සමග 11ක් සැකපිට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය අද අලුයම සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඉකුත් කාලය පුරා විවිධ පුද්ගලයන් තියුණු ආයුදවලින් කපා බරපතල තුවාල සිදු කිරීමේ කල්ලිය මෙහෙයවූ ’’බබුවා’’ සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ’’ආමි චතු’’ නැමැත්තා ඇතුළු පුද්ගලයන් 11 දෙනකු විදේශීය රටක ජිව අත්බෝම්බයක් සහ තියුණු ආයුධ සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව සඳහන් කරයි. 09 June 2026
පාතහේවාහැට සභාපතිට එරෙහිව උපසභාපති උපවාසයක පාත හේවාහැට ප්‍රාදේශිය සභාවේ වත්මන් සභාපතිගේ පාලනයට හා ඔහුගේ අවනීතියට එරෙහිව එහි උපසභාපති පියල් ජයසිංහ මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය. 09 June 2026
මීගමුවේ ඩෙංගු රෝගීන් පොකුරු පිටින් මිගමුව, කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් වාර්තා වන බව සෞඛ්‍ය අංශ වර්තා සඳහන් කරයි. 09 June 2026
ප්‍රා සභා රැස්වීමෙන් වතුර බෝතල් ඉවතට කළුතර ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීමට සහභාගි වන මන්ත්‍රීවරුන්ට, නිළධාරීන්ට මෙන්ම මාධ්‍යවේදීන්ටද මෙතෙක් පානීය ජල බෝතල් ලබාදුන් අතර, එය අද සිට අත්හිටුවා තිබුණි. 09 June 2026
දැන් කතා කරන අය රටේ ණය බර වගේ දෙගුණයක විනාශයක් කළා දැන් කතා කරන අය ඉන්න පක්ෂය සහ එල්.ටී ටී.ඊ සංවිධානය රටට කරපු විනාශය සමස්ත රටේ ණය ප්‍රමාණය වගේ දෙගුණයක් බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවැසීය. 09 June 2026
සලේට එරෙහිව ගන්නා පියවර ව්‍යවස්ථාවට අනුකූල විය යුතුයි මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාට එරෙහිව ගන්නා හැම ක්‍රියා මාර්ගයක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතියට අනුකූල විය යුතු බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 09 June 2026
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දූෂිතයො පැල් බැඳගෙන දූෂිත වෙළෙන්දන්ගේ නියෝජිතයින් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ තවමත් පැල් බැඳගෙන සිටින බව ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 June 2026
ආණ්ඩුවේ කන්තෝරුවලට දුම්රිය සීසන් නිකුත් කිරීම ඩිජිටල් වෙයි රජයේ ඩිජිටල්කරණ ජාතික වැඩපිළිවෙලට අනූව රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමේ තවත් ඉදිරි පියවරක් ක්‍රියාත්මක කරමින් රාජ්‍ය නිලධාරීන් සඳහා අනුග්‍රාහ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර මාර්ගගත(Online) ක්‍රමවේදය ඔස්සේ ලබා දීමට පියවර ගෙන ඇත. 09 June 2026
ආර්. එම්.වී. දූෂණ වංචා: කෝපා වාර්තාව නීතිපතිට යවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) විසින් කරන ලද විමර්ශනවල කරුණු ඇතුළත් වාර්තාව, නීතිපතිවරයාගේ නිරීක්ෂණ සහ ඉදිරි කටයුතු සඳහා යොමු කිරීම සඳහාවූ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය අද හිමි විය. 09 June 2026
හදිසිය වැඩි ඡන්දයෙන් සම්මතයි හදිසි තත්ත්වය තවත් මසකින් දීර්ඝ කිරීමේ මහජන ආරක්ෂක පනතේ නියෝගය වැඩි ඡන්ද 128කින් පාර්ලිමේන්තුවේදී අද (09 පස්වරුවේ සම්මත විය. 09 June 2026
සරණ වැලිකඩට කොළඹ මහාධිකරණය වසර 16 ක බරතපල වැඩ සහිත සිරදඬුවම් නියම කළ හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ. සී. ගජනායක මහතා අද (9) පස්වරුවේ පැවසීය. 09 June 2026
පොහොර සමාගම් ජනපති කාර්යාලයට කැඳවයි යල කන්නය සඳහා පොහොර ලබා දීමේ තත්ත්වය සමාලෝචනය කිරීම සහ මහ කන්නය සඳහා පොහොර ආනයනය සහ බෙදා හැරීමේ සූදානම සම්බන්ධයෙන් පොහොර සමාගම් සමග සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 09 June 2026
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර 18ක මිල අඩු කරයි රජයේ සිල්ලර අලෙවිසැල් ජාලය වන ලංකා සතොස හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ 18ක මිල පහත හෙළීමට තීරණය කර තිබේ. 09 June 2026
විනිසුරු විශ්‍රාම වයස දිගු කරන්න සාකච්ඡා කළේ නෑ විනිසුරුවරුන් විශ්‍රාම යන කාලසීමාව දීර්ඝ කිරීම ගැන සාකච්ඡාවක් ආණ්ඩුවේ සිදුවී නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 09 June 2026
හදිසි නීතිය දිගටම ගෙනයෑම වැරැදි වැඩක් හදිසි නීති රෙගුලාසි සදාකාලිකවම තබා ගැනීමේ අවශ්‍යතාව කුමක්දැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද (09) ප්‍රශ්න කළේය. 09 June 2026
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026