IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


‘‘22 රටේ යහපත වෙනුවෙන් ගන්න පියවරක්‘‘

(නිමල කොඩිතුවක්කු)

22 වැනි සංශෝධනය රටේ අනාගත යහපත වෙනුවෙන් තබන ඉදිරිගාමී පියවරක් බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා සඳහන් කරයි.

එය ඒකමතිකව සම්මත කරගැනීමට කටයුතු කිරීම ජනතා නියෝජිතයන්ගේ වගකීමක් බවත් ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනයේ තවදුරටත් මෙසේද සඳහන් වේ.

“ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන සම්ප්‍රදායයන් බරපතල විකෘතියකට ලක්කරමින් ඒකාධිපති රාජ්‍ය පාලනයකට මග විවර කරගෙන තිබූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බල රහිත කරමින් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අප අතිශයින්ම අගය කරන්නෙමු.

එය අප සලකන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යථාවත් කිරීම උදෙසා ගෙන ඇති සාධනීය ක්‍රියාමාර්ගයක් ලෙසටය.

එමෙන්ම මෙයට පෙර අවස්ථාවකදී කෙටුම්පත් කර තිබු ආකාරයට විධායක ජනාධිපති ධුරයේ තීරණාත්මක බලතල ගනණාවක් හිටපු ජනාධිපතිවරයාගේ ධුර කාලය තුළ තවදුරටත් පවත්වා ගැනීමට ගනු ලැබූ උත්සහයන් පසෙකලමින් ලබන මස 6 වනදා සිටම ඒවා ඉවත් කිරීමට පියවර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනාගේම ප්‍රශංසාවට ලක්වනු නොඅනුමානය.

එවැනි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ උදෙසා පෙනී සිටිම සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අපගේ ස්තූතිය ජනාධිපතිතුමාටත්, අධිකරණ ආමාත්‍යතුමාටත්, රජයටත්, පළකරන්නෙමු.

22 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සැප්තැම්බර් මස 06 වනදින පාර්ලිමේන්තුව තුළ විවාදයට ගන්නා අවස්ථාවේදී මේ රටේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනතාවාදී ලෙස පෙනී සිටිනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවය. එමෙන්ම අදාළ විවාදයෙන් පසු එය ඒකමතිකව සම්මත කරගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.

මේ රටේ ජනතා නියෝජිතයන්ගේ ප්‍රමුඛතම වගකීම වන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා ජන ජීවිතයේ යහපත උදෙසා ක්‍රියාකරමින් අනාගත පරපුරට සතුටින් ජීවත්විය හැකි රටක් නිර්මාණය කරගැනීමය. එම වගකීම ඉටුකිරීමට නම් අත්‍යාවශයෙන්ම සිදුකළ යුතුව ඇති දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ කෙරෙහි අප අපගේ අවධානය යොමුකළ යුතුව තිබේ.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසුගිය රජය විසින් සම්මත කරගන්නා අවස්ථාවේ සිට ඊට එරෙහිවත් එය ඉවත්කරගැනීම සඳහා නිරත්තර අරගලයක යෙදෙන්නටත් අපට සිදුවූයේ එනිසා ය. එමෙන්ම රටේ යහපත උදෙසා සිදුකළ යුතු ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතුළු සමාජ, දේශපාලන පරිවර්තනයන් උදෙසා අප තව දුරටත් පෙනී සිටින්නේත් එබැවිනි.

ඒ සමඟම අප විසින් අවධාරණය කරන අනෙක් වැදගත්ම කරුණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමස්ත ශ්‍රී ලංකා ජනතාවගේත් ශිෂ්ඨ සම්පන්න ලෝක ප්‍රජාවගේත් ගෞරවයට හා පැසසුමට ලක්වන 22 වැනි සංශෝධනය වැනි යහපත් දේශපාලන වෙනසකට රජය ක්‍රියාකරමින් සිටියද හදිසි නීති බලතල උපයෝගී කරගනිමින් සිදු කරන ඇතැම් ක්‍රියාමාර්ග පිළිබදව අප කිසිසේත්ම එකග නොවන බවය.

විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මහත් කැපකිරීමක් සිදුකළ සාමකාමී අරගලයේ ක්‍රියාධරයන් හා වෘත්තීය සමිති නායකත්වයන්ට හිරිහැර සිදුකිරීම කුමන තත්වයක් යටතේ හෝ අප අනුමත නොකරන්නෙමු. ඒ පිළිබදව අප තුළ ඇත්තේ බලවත් කනස්සල්ලකි.

එමෙන්ම පුද්ගල පැහැරගැනීම් ලෙස සැලකිය හැකි සිදුවීම් පිළිබදව පලවන වාර්තා ගැන ද අප බලවත් ලෙස කනස්සල්ලට පත්ව සිටින්නෙමු. ජාතික වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් සැලකීමේදී එවැනි සිදුවීම් මගින් රටට ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵල බොහෝ සේ වියහැකිය.

 



අදහස් (1)

‘‘22 රටේ යහපත වෙනුවෙන් ගන්න පියවරක්‘‘

chandima Wednesday, 10 August 2022 11:39 PM

පෙන්ෂන් ගියානම් නම්බුකාර විදිහට ගෙදරට වෙලා ඉන්න. එහෙයි හාමුදුරුවනේ කියලා පාවඩ එළන්න කකුල් හෝදන්න යන්නේ නැතිව...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1001 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site