(අංජුල මහික වීරරත්න සහ කාන්චන කුමාර ආරියදාස)

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩු පක්ෂයේ කෙනෙක්ගෙන් ඇහුවත් ඔවුන් කිසිවක් කියන්න දන්නේ නැතැයි පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යන වයස දිගු කිරීම සම්බන්ධයෙන් පැහැදිලි හේතුවක් ආණ්ඩුවට දෙන්න විදියකුත් නැතැයිද රාජපක්‍ෂ මහතා කීය.

නාමල් රාජපක්ෂ මහතා මේ බව කීවේ දඹුල්ල රජමහා විහාරය වන්දනා කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමිනි.

"​දැන් අධිකරණයේ පවතින නඩු වල විභාග කිරීම කඩිනම් කරන්න ඕනේ නම් විනිශ්චයකාරවරුන්ගේ වයස දීර්ඝ කිරීම තුළ ඒක වෙන්නේ නැහැ කියා ඕන කෙනෙක් දන්නවනේ. එහෙමනම් දැනට තියෙන පුරප්පාඩු පුරවන්න ඕනේ. තව පැත්තකින් අලුතෙන් අධිකරණ පිහිටුවන්න ඕනේ. ඉතින් ඒ දෙක නොකර කාලය දික් කළා

කියලා විසඳුමක් ලැබෙනවා කියන එක නම් ඉතින් කිසිම කෙනෙක්ට විශ්වාස කරන්න බැහැ යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.