(දයාරත්න ඇඹෝගම)
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන් පිරිසකට ප්‍රශ්න පත්‍ර සදහා පිලිතුරු ලිවිමට ආධාර උපකාර කළ බව කියන පාසල් ගුරුවරයෙකු විභාග නිරීක්ෂණ රාජකාරියෙන් ඉවත් කළ බව උතුරු මැද සහකාර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක (විභාග) එස්.ආර්.ප්‍රියංකර මහතා අද (01) පැවසිය.
මෙසේ විභාග රාජකාරියෙන් ඉවත් කරන ලද්දේ අනුරාධපුර,කරුක්කංකුලම විජයබා විදුහලේ විභාග නිරික්ෂණ රාජකාරියේ නිරතව සිටි පාසල් ගුරුවරයෙකි.
මෙම පාසල් ගුරුවරයා එම ප්‍රදේශයේ උපකාරක පංති පවත්වා ගෙන යන ගුරුවරයෙකි.
ඔහු සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින තම උපකාරක පංතියට පැමිණෙන සිසුන් පිරිසකට පිළිතුරු ලිවිම සදහා ආධාර උපකාර කරන බවට දෙමාපියන් විසින් අධ්‍යාපන බලධාරින්ට සිදුකළ පැමිණිල්ලක් මත විභාග රාජකාරි වලින් ඉවත් කළ බව විභාග අධ්‍යක්ෂකවරයා මෙහිදි පැවසිය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ආරක්ෂාවට යොදවා සිටින ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු සහ තවත් පුද්ගලයන් තිදෙනකු ත්‍රී
අග්බෝපුර, කිතුල්උතුව ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සැළකට තමන්ගේ සුරතල් සුනඛයා ගිය අවස්ථාවේ සුනඛයාට පහර දුන් බව කියමින් එම වෙළඳසැලේ අයිතිකරුට පහර දුන්නේ යැය
රැඳවුම් නියෝග යටතේ වීරගුල පොලිසියේ රඳවාගෙන සිටින පාතාල නායකයකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීව නමැත්තාගෙන් ප්‍රශ්නකර හෙළිකරගත් තොරතුරු මාඉඹුල ප්‍රදේශයේ
කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ආරක්ෂක අංශයේ ස්කෑන් යන්ත්‍රය පරික්ෂාකරන නිලධාරියකු විදේශ ගතවිමට පැමිණි කාන්තවකගේ රන්මාලයක් හා පෙන්
දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්වය තවදුරටත්ත පවතිනු ඇතැයි අපෙක්ෂාකරන බව කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව කියයි.
පෘථිවියේ අටවැනි මහද්වීපය ’සීලන්ඩියා’ Zealandia බවත්, නවසීලන්තය මෙම මහද්වීපයට අයත් කොටසක් බවත්, භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති.
දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක
නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ
දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්
සා.පෙ. උත්තර කියාදුන් ගුරුවරයා රාජකාරියෙන් ඉවතට
Bunny Preena Thursday, 01 June 2023 02:39 PM
ගුරැවරයෙකුට ඔබින නැති වැඩක් තමයි කරල තියෙන්නෙ.
පැරකුම් Thursday, 01 June 2023 03:19 PM
එදා මෙන් නොව ගුරුකමත් දැන් මහාපරිමාණ මුදල් ගරන ව්‍යාපාරයක් වී හමාරයි...
මට්ට තට්ටෙයා Thursday, 01 June 2023 03:51 PM
විභාග රාජකාරි වලින් ඉවත්කලාම ඇද්ද මිනිහා ගුරුසේවයට මෙන්ම සමස්ථ රාජ්‍ය සේවයට කලේ වරදක් ඒකට විනයානුකූලව කටයුතු කරන්න කියලා මතක්කරන්නත් ඕනද
අස්ජාන්Thursday, 01 June 2023 10:01 PM
ඔච්චර නපුරු වෙන්න එපා...
අසාධාරණ Thursday, 01 June 2023 04:48 PM
තමන්ගේ අධ්‍යාපන කඩයට පැමිණෙන ගනුදෙනු කරුවන් වන සිසුන්ට තමාගේ තනතුර උපයෝගී කරගෙන පුද්ගලික කටයුතු සඳහා රාජකාරිය යොදාගෙන බව පැහැදිලියි. පැමිණිලි කළ දෙමාපියනි, ඔහුට විරුද්ධව මූලික විමර්ශනයක් කරන්න කියා ඉල්ලන්න ඔහු කරලා තියෙන්නේ ඔබලාගේ දරුවන්ට බලවත්ම අගතියක් කියලා තේරෙනවා නේද?
K.m .s.c.Herath Friday, 02 June 2023 01:57 AM
හරි හරි.. ඒ ගුරුවරයාගේ දේශපාලන පසුබිම බලලා සුදුසු දඞුවමක් දෙමු. එතෙක් නිශ්ශබ්ද වෙමු. සමහර විට අපේ පොරක් ද දන්නේ නැහැනේ...
Gurusinghe Nihal Friday, 02 June 2023 08:17 AM
පැමිණිල්ලක් විතරයි. විභාග කරලා හරිනම් විතරයි දඩුවම් කරන්න ඕනේ.
කැලුම් රූපරත්න Friday, 02 June 2023 08:33 AM
සිසුන්ට නිදහසේ ඔවුන්ගේ දැනුම යොදාගන්නට ඉඩ දිය යුතුයි. එයට ආධාර් කිරීම අදාළ නොවන ක්‍රියාවක්.
damayanthi Saturday, 03 June 2023 10:14 AM
නිසි පරික්ෂණයක් අවශ්‍ය යි.. සමහර විට පිලිතුරු ලියා ගත නොහැකි වු දරුවන් තම දෙමාපියන් ගේ බැණූම් වලින් වැලකෙන්න මෙවැනි අසත්‍ය චෝදනා ගෙන එන්නත් පුලුවනි.
අතුල Saturday, 03 June 2023 10:37 AM
ඒ අහිංසක දුප්පත් ගොවීන්ගේ ළමයි හද අල්ලන්න යන් නැහැ
sampath Saturday, 03 June 2023 02:31 PM
ටියුෂන් ගුරුවරුන් විභාග රාජකාරිවලට යොදානොගත යුතුයි මින් ඉදිරියටවත්...
Silva Friday, 09 June 2023 03:44 AM
නියමයි...