IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


එකම පවුලේ තිදෙනෙකුට දුන් මරණ දඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

නීතිවිරෝධී මත්පැන් අලෙවි කරන බවට පොලිසියට පැමිණිලි කිරීම  හේතුවෙන් උරණවී සිය ඥාතියකු කපා කොටා ඝාතනය කර ඔහුගේ පියාට ගල් වලින් පහර දී තුවාල සිදු කිරීමේ වරදට එකම පවුලේ  තිදෙනෙකුට කුරුණෑගල මහාධිකරණය විසින් නියම කර තිබූ මරණ දඩුවම අභියාචනාධිකරණය   අනුමත  කළේය.

පොල්ගහවෙල, පොහොර වත්ත  ප්‍රදේශයේ පදිංචිකරුවන්  වන  පී.ඩී. ඩග්ලස් වික්‍රමසිංහ,  පී.ඩී. සෙනරත්  සමරසිංහ,  පී.ඩී. ප්‍රදීප් සංජීව  ජයරත්න  නමැත්තන් ට  නියම වූ මරණ දඩුවම  මෙලෙස තහවුරු කරන ලදි.

තමාට මරණ දඩුවම් නියම කරමින් මහාධිකරණය ලබා දුන් තීන්දුව බල රහිත කරන්නැයි ඉල්ලා එම   විත්තිකරුවන් ඉදිරිපත් කල අභියාචන පෙත්සමක් විභාග කර එහි  තීන්දුව  ලබා දෙමින් අභියාචනාධිකරණය මේ බව සඳහන් කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සහ අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන්  යන මහත්වරුන්  විසින් මෙම  තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදි.

පොල්ගහවෙල, පොහොර වත්ත  ප්‍රදේශයේදී 2005 අප්‍රේල් මස 11වැනිදා නිශ්ශංක විජේවීර නමැත්තාගේ    ගෙළ හිසින් වෙන්වන තරමට කපා දමා  ශරීරයේ  ස්ථාන 17කට කැපුම් තුවාල සිදු කර ඔහුගේ පියා ට බර පතල තුවාල සිදු කිරීම ඇතුළු අධිචෝදනා යටතේ විත්තිකරුවන් සිවු දෙනෙකු ට එරෙහිව නීතිපතිවරයා විසින් කුරුණෑගල මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

එම නඩුව විභාග කල පූර්වගාමී විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය   2019 ඔක්තෝබර් 02 වැනිදා එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින්  මුල් විත්තිකරුවන්  තිදෙනා චෝදනා වලට වරදකරුවන් බවට තීන්දු කර සිවුවන විත්තිකරු නිදහස් කර තිබුණි.

එම නඩු තීන්දුව බල රහිත කර තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.



අදහස් (1)

එකම පවුලේ තිදෙනෙකුට දුන් මරණ දඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි

Sanath Santha Arachchikittuwa. Tuesday, 07 December 2021 10:11 AM

ඇති ගරු අධිඅක්රනයටත් ,ගරු විනිසුරු තුමන්ලාටත් උපහාරයක්ම වේවා.මන්ත්‍රී සමාව ,ජනපති සමාව නොලැබේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 114 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 360 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 373 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site