Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 මාර්තු මස 29 වන බදාදා
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ සාමය ප්‍රාර්ථනා කරමින් සහ නැවත ගැටුම්වලට නොයන ලෙස ඉල්ලමින් දකුණු සුඩාන ජනාධිපතිවරයා සහ එරට නායකයන් පිරිසකගේ දෙපා සිපගත්හ.
දකුණු සුඩානයේ පැවැති සිවිල් යුද්ධය අවසන් කරගනිමින් ඇති කරගන්නා ලද “සාම ගිවිසුමට” සහයෝගය දැක්වීමක් ලෙස අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ජනාධිපති සැල්වා කීර් මයාර්ඩිට්, උප ජනාධිපතිනි නියන්ග්ඩෙන්ග් ඩි මේබියෝර්, විපක්ෂ නායක රීක් මකාර් යන නායකයන්ගේ දෙපා සිප ගත්හ.
දකුණු සුඩානයේ ජනාධිපතිවරයා, උප ජනාධිපතිනිය, විපක්ෂය නායකයා ඇතුළු දූත පිරිස දෙදින විශේෂ සංචාරයක් සඳහා වතිකානයට පැමිණි අතර ඔවුහු වතිකානයේ ශාන්ත මාර්තාහි පාප් වහන්සේගේ නිල නිවසේදී පාප්තුමෝ බැහැදුටුවහ. අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ දකුණු සුඩාන නායකයන්ගේ දෙපා සිප ගත්තේ එම අවස්ථාවේදී ය.
“සාමයෙන් සිටින්නැයි මම ඔබෙන් සහෝදරයෙක් වගේ ඉල්ලා සිටිනවා. මම මගේ හදවතින්ම ඉල්ලා සිටිනවා. අපි එකට ඉදිරියට යමු” යැයි පාප්තුමෝ එහිදි කීහ.
ජනාධිපති සැල්වා කීර් සහ වත්මන් විපක්ෂ නායක එවකට කැරැලිකාර නායකයකු වූ රීක් මකාර් අතර 2013 වසරේ ඇති වූ ගැටුම් හේතුවෙන් සිවිල් යුද්ධයක් ඇතිවිය. සිවිල් යුද්ධය හේතුවෙන් 400,000කට වැඩි පිරිසකට ජීවිත අහිමි විය.
යුද්ධය අවසන් කරමින් පසුගිය වසරේ දී ඔවුහු සාම ගිවිසුමකට අත්සන් තැබූහ.
ඒ.එෆ්.පී. සහ රොයිටර් ඇසුරිනි
055
ජයරත්න Friday, 12 April 2019 10:00 AM
අතිශයින් දුර්ලභ හා සංවේදී අවස්ථාවක් !!!!!!!!!!!
Reply : 2153 2251
Chris Friday, 12 April 2019 10:45 AM
මිනිස් ජීවිතවල අගය දන්න මනුස්සයෙක්. වැඳලා හරි, දෙපා ළඟ වැටිලා හරි යුද්ධය නතර කරන්න පුළුවන් නම් ඒකතමයි ලබාගන්න පුළුවන් ලොකුම ජයග්‍රහණය.
Reply : 640 1306
ධනුෂ්ක Friday, 12 April 2019 02:37 PM
මම නොපෙනෙන දෙවියන් හෝ නොපෙනෙන දේ අදහන විශ්වාස නොකරන අයෙකු වෙමි. මම දෙවියන් ලෙස සලකන්නේ මිහිපිට සිටින උත්තරීතර මිනිස්කම් අැති මිනිසුන්. මොකද ඔය හැම දෙවියෙක්ම අදහන මිනිසුන් කොටසක් මේ ලෝකේ අැනකොටා ගන්නවා මරා ගන්නවා. තව කොටසක් අසමානතාවය අසාධාරණය නිසා අපාදුක් විඳිනවා. තව කොටසක් විවිධ අාපදා නිසා සමූහ වශයෙන් මිය යනවා, දුක් විඳිනවා. හැබැයි එක දෙවිකෙනෙක් තම අනුගාමිකයන් කෙරේ අනුකම්පා කරලා පොළවට බැහැලා නෑ. අැහුවත් කියන්නේ එ් මිනිසුන් කරන පව් පඩිසන් දෙනවා කියලයි. එහෙනම් අැයි දෙයියනේ සර්වබලධාරි වන දෙවියන්ට මිනිසුන් පව් කරන එක වළක්වන්න බැරි? මේ ලෝකේ මිනිසාට පිහිටවෙලා තියෙන්නේත් තවත් මිනිසෙක්. පාප් වහන්සේත් එවන් උත්තරීතර සැබෑම මිනිසෙක්. ලෝකට අවැසි එවන් මිනිසුන් මිස තාන්නමාන්න වලින් ඉදිමුණු උද්දච්ච මිනිසුන් නොවේ.පස්සේ කියනවා රට, ජාතිය, අාගම ඉවරයි බේරාගන්න වරෙව් කියලා. හැබැයි එ්වාහි නායකයන් හොඳයි නම් මිනිස්සු එ්වා විනාශ නොවෙන්න රැක ගන්නවා.
Reply : 32 541
Bamunuarachchi Friday, 12 April 2019 04:05 PM
ලෝකයේ යුද්ද වසංගත රෝග ඇතිවී තිබෙන්නේ සොබාදහමින් ජනගහනය පාලනය කිරීමටයි.
Reply : 473 206
නිමල් කැටපේආරච්චි Sunday, 14 April 2019 08:17 PM
බමුණෝ, වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් තියෙනවාද...?
57 24
Bamunuarachchi Monday, 15 April 2019 08:39 AM
අපි ඉස්කෝලේ ගියා ඉගෙන ගන්න. මම දැක්කා නිමල් හරක් දක්කාගෙන යන ගමන් වැස්සට අපේ ඉස්කෝලෙට ගොඩවෙනවා.
1 34
Chanak Los angeles Monday, 15 April 2019 09:57 PM
බමුණාගේ ගිය ඉස්කෝලේ ගිය කෙනාට ජාතිවාදය ඉගෙනගෙන තමයි එලියට එන්න වෙන්නේ ..
1 44
Mudali Friday, 12 April 2019 10:52 AM
දෙවියන් වහන්සේගේ උත්තරීතර නිලයක් දරන පුරුෂයකු පෘතග්ජන පුද්ගලයන්ගේ දෙපා සිප ගැනීම ඒ දෙවියන්වහන්සේට කළ නිග්‍රහයක් නොවෙයිද?
Reply : 2454 464
රුකී Friday, 12 April 2019 11:39 AM
කොහෙත්ම නැත. එතුමා දෙවියන් වහන්සේගේ සේවකයකු මිසක්, දෙවියන් වහන්සේ නෙවෙයි...
Reply : 1665 644
කරුණාවති Friday, 12 April 2019 04:33 PM
රුකී බුද්ධාගම ගැන කරපු විවේචනවකින් මම දැනගෙන හිටියා රුකී බෞද්ධ නෙවෙයි කියලා. අද ඒක පැහැදිලි වුනා.
215 1285
Bamunuarachchi Friday, 12 April 2019 11:27 PM
කරුණාවතී රුකීගේ ආගම ප්‍රශ්නයක් කරගන්න එපා රුකීගේ තර්කය හා අදහස පිලිබදව කතා කරමු.
826 482
Bamunuarachchi Sunday, 14 April 2019 12:16 PM
ඉතින් දෙවියන් වහන්සේටත් මේවන තුරු ලෝකෙට ගෙන දෙන්න බැරි සාමය දෙවියන්ගේ සේවකයා කොහොමද ලබාදෙන්නේ?
3 160
Makola Mangala Himi Friday, 12 April 2019 11:48 AM
ඒ උත්තරීතර මනුස්සයා කළ උතුම් ක්‍රියාව අගයන්න. පුහු මහන්තත්වකම් පසෙකලන්න...
Reply : 681 1395
Mudali Friday, 12 April 2019 12:19 PM
මගේ අදහසට හිමි නමකගෙන් ලැබී තියෙන ප්‍රතිචාරය ගැන මම බෙහෙවින් සතුටටත්, ආඩම්බරයටත් පත්වෙනවා. නමුත් අපේ රටේ අපේ දෑහින් එවැන්නක් දැකගන්නට බැරි බව සිහිවනවිට දුකකුත් දැනෙනවා.
Reply : 47 727
රොචෙල් Saturday, 13 April 2019 04:58 AM
කොහෙත්ම නෑ. ජේසු තුමා මේ ලෝකෙට ආවේ හැමෝම වෙනුවෙන්. දුප්පත් පොහොසත් කියලා කිසිම භේදයක් නෑ එතුමාගේ ආදරෙන්. ඒ උත්තරීතර දේ පාප්තුමා අනුගමණය කිරීම ගැන කතෝලිකයෙකු හැටියට මම ආඩම්බර වෙනවා.
Reply : 1413 838
Bamunuarachchi Saturday, 13 April 2019 03:51 PM
දෙවියන් වහන්සේ දුප්පත් පෝසත්, රෝගී නිරෝගී, අංගවිකල ලොවට එව්වේ ඇයි මොන හේතුවක් නිසාද?
171 1005
බද්රානි Friday, 12 April 2019 10:53 AM
මෙවැනි ප්‍රඥාවන්ත අධ්‍යාත්මික නායකයෙක් කතෝලික සභාවට නායකත්වය දීමම, කතෝලික ජනතාවට පමණක් නොවේ, සමස්ත ලෝක ජනතාවටම ආශිර්වාදයක්. අප රටෙත් වසර 30ක යුද්ධය නිමා වුවත්, වර්තමානයේ තවත් ජන කොටසකට එරෙහිව අවි අමෝරාගෙන, වෛරී ප්‍රකාශ කරමින්, අනාගතයේදී තවත් සිවිල් යුද්ධයක ආරම්භයක් සඳහා පොහොර දමමින් සමාජයට විෂබීජ වපුරන අමනොඥ සමහරක් පූජකයින්ට, වටිනා ආදර්ශයක් පාප්තුමා මේ කළ උතුම් ක්‍රියාවෙන් පෙන්වා දී තිබෙනවා.
Reply : 2838 2276
කල්ප Friday, 12 April 2019 02:02 PM
ඇමරිකාවට ආයුධ නිපදවන්නත් එපා කියන්න ඕනේ... න්‍යෂ්ටික අවිහරණය... හමාස් සංවිධානයෙන් ඉල්ලා සිටීම, හිස්බුල්ලා, කාශ්මීර ප්‍රශ්නය මේ විදිහට විසඳන්න බැරිද?
Reply : 0 0
.කල්ප Friday, 12 April 2019 02:07 PM
එතුමන් ඉතාම නිහතමානී ආගමික නායකයෙක්. දෙවියන්ට වඩා මිනිසුන් ශ්‍රේෂ්ඨයි...
Reply : 169 948
Ranjith Saturday, 13 April 2019 02:46 AM
යුරෝපයේ පමණක් පල්ලි වල අහිංසක දරුවෝ දහස් ගණනක් පූජකවරුන් විසින් දූෂණය කර ඇති බව පිළිගන්නත් මෙතුමා නිහතමානී වුනා.
32 790
Bamunuarachchi Friday, 12 April 2019 03:02 PM
හැබැයි ආගමික යුද්ධ ඇතිවුනේ මුස්ලිම් හා ක්‍රිස්තියානින් අතර... පෙනුමට ඔහොම වුනාට අභ්‍යන්තරය ඔයිට වඩා බොහොම වෙනස්...
Reply : 609 1347
Bamunuarachchi Saturday, 13 April 2019 12:07 AM
අපේ රටේ තිබුන 30 වසරක යුද්දය දෙවියන්ට නතර කොරන්න බැරි වුනේ ඇයි?
Reply : 261 647
Bamunuarachchi Saturday, 13 April 2019 03:38 PM
නුවණක්කාරයා මගේ ප්‍රශ්නයට උත්තර දීලා නුවණක්කාරකම ලෝකෙට පෙන්වන්නකෝ
173 618
Chanak Los angeles Sunday, 14 April 2019 05:03 PM
රොහාන් මෝඩයන් අහන මෝඩ ප්‍රශ්න වලට උත්තර දීමෙන් වලකින්න
127 113
athura Tuesday, 16 April 2019 03:39 AM
එතකොට බමුණ මොකටද යුද්දේ ඉවරකරන්න දෙවියන්ට වුන භාර ඔප්පුකරන්න ගියේ.
0 1
Kalpa Friday, 12 April 2019 01:54 PM
මනුස්ස ජීවිතයක වටිනාකමයි එතුමා අපිට පෙන්නුවෙ...ඔබ වහන්සේට බුදු සරණයි!!!
Reply : 0 249
Bamunuarachchi Friday, 12 April 2019 02:06 PM
මට නම් මේක මහා විකාරයක්... එ්ත් කතෝලිකයින්ගේ පැත්තෙන් ඔවුන්ට උතුම් දෙයක්. මෙහි අරුත කුමක්ද?
Reply : 2467 84
Bangomunu. Saturday, 13 April 2019 03:01 AM
නමින් නම් බමුණු. ඒත්, මේ උතුම් ක්‍රියාවත් පේන්නේ විකාරයක් විදිහට. තමන්ට වටහා ගැනීමට නොහැකි දේට කතා නොකර ඉඳීම නේද වඩා වැදගත්.
Reply : 662 419
Bamunuarachchi Saturday, 13 April 2019 05:49 AM
ඔබේ අරුත ගැන පුදුම වෙන්නේ නැත මොකද ඉරිකැලි කීපයක් ගසා අඳින චිත්‍රයටත් මිනිස්සු විවිධ අර්ථ දෙනවා
196 530
රොචෙල් Saturday, 13 April 2019 05:01 AM
අරුත මේකයි. ලෝකයේ බලසම්පන්නම මනුස්සයෙකු වෙන පාප්තුමා සාමය උදෙසා දෙපයින් වැටෙන්න තරන් නිහතමානි වුණා. ඒක ගොඩක් ආගම් වල නායකයින්ගෙන් දකින්න ලැබෙන්නේ නෑ.
Reply : 698 234
Chanak Los angeles Tuesday, 16 April 2019 02:48 AM
මෙය කෙතරම් උතුම් ක්‍රියාවක්ද රටේ මුදල් වංචා කරමින් කටයුතු කරනවාට වඩා...
Reply : 0 0
godfrey Friday, 12 April 2019 02:49 PM
දෙවියන් වහන්සේ කුරුසියේ ඇණගසනු ලැබුවේ මිනිසා උදෙසා නම්, ඔහුගේ පාර පෙන්වන්නා වන පාප්තුමා කෙනෙකුගේ පාසිබිමින් ඉල්ලන්නේ මනුෂ්‍ය ජීවිත ආරක්ෂා කරන්න කියා මිස, මනුෂ්‍ය ජීවිත විනාස කරන්න එපා කියා නම්.., මේ බව උඩඟුවෙන්, උගත්කමින්, ධනයෙන්, මහන්තත්වයෙන් ඇස් අන්ධකරගත් සමහර මිනිසා නමැති හරකුන්ට නොතේරීම පුදුමයකුත් නොවේ. පාප්තුමනි ඔබ අතිශයිම්ම දෙවියන්ගේ මග පෙන්වන්නෙකුයි. ඔබට තවතවත් ශක්තිය දෙවියන්ගේ අාශීර්වාදය ලැබේවා...!!!
Reply : 683 524
Bamunuarachchi Friday, 12 April 2019 04:01 PM
ඔබ බලන පැත්තෙන් අනික් මිනිසුන් නොබලන නිසාම ඔබ ඒ මිනිසුන්ට දොස් කියන්න එපා. දෙවියන් විස්වාස නොකරන මිනිසුන්ට මේ සියල්ලම විහිළු.
Reply : 1223 1504
කල්ප Friday, 12 April 2019 03:15 PM
කෙනෙකුට වන්දනා කිරීම යනු වදින කෙනාගේ මමත්වය මම තමයි මිනිහ කියන අර්ථය හෙවත් සක්ඛාය දිට්ඨිය නොමැති බව ප්‍රකාශ කිරීමකි. එතුමන්ගේ උතුම්භාවය මින් ප්‍රකාශ වේ.
Reply : 535 322
Bandara Friday, 12 April 2019 06:08 PM
දනුෂ්ක ඔබ හරි 100%
Reply : 1 48
Samathasena A . Aluthgamage. Saturday, 13 April 2019 01:53 AM
පාප්තුමා කියන්නේ මා සිතා සිටියාට වඩා මොන තරම් උසස් උතුම් කෙනෙක්ද ? මට නම් ඇස් අදහා ගන්නත් බැහැ.මේ උතුම් මිනිසාගේ සිත තුල වැඩ සිටිනා ඒ සැබෑ ජීවමාන දෙවියන්ට මාගේ නමස්කාරය වේවා !!! අසරණ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් එතුමාණන්ගේ තත්වයද පසෙකලා එතුමාණන් මේ දෙපා සිඹීම සිදුකළේය.
Reply : 699 371
Prasad abeykoon Saturday, 13 April 2019 03:42 AM
එහෙම නොකර හිටියනම් හොඳයි. දැන් කතා කරලා වැඩක් නැහැ.
Reply : 182 435
shafeek Saturday, 13 April 2019 04:17 AM
යුද්දය නැවතුනත් නැතත් ඔහුගේ ශ්‍රේෂ්ටත්වය ලොවට පෙන්නමින් ඔහුගේ යුතුකම ඔහු ඉෂ්ට කලා
Reply : 528 73
Bamunuarachchi Saturday, 13 April 2019 06:12 AM
අවි ආයුද අලෙවි කර ගැනීම පිණිස ලෝකේ යුද්ද ඇති කරන්නේ ඇමරිකාවයි.
Reply : 111 515
Chanak Los angeles Tuesday, 16 April 2019 01:44 AM
ඇමරිකාව එහෙම අනෙක් රටවල යුද්ධ ඇතිකරවන්නේ රිමෝට් කන්ට්‍රෝල් එකක් මගින්ද ?
Reply : 0 1
athura Tuesday, 16 April 2019 03:42 AM
ලෝකේ ආයුද නිෂ්පාදනය කරන්නෙ ඇමෙරිකාව විතරද බමුණ.ඔබතුමා විමල්ගේ සහෝදරයාද.
Reply : 0 1
ප්‍රීති Saturday, 13 April 2019 08:34 AM
මෙහි අදහස් පලකොට ඇති බුද්ධ දර්ශනය පිලිබදව කිසිදු අවබෝධයක් නොමැති, අය ගැන කනගාටු වන අතරම ඔවුන්ට අනුකම්පා කරමි. දේවාල තුලට රිංගාලා අනෙකාට හෙන ඉල්ලමින් පොල් ගෙඩි පොළොවේ ගසා දෙයියන්ට කන්නලව් කරන අය මේ ශ්‍රී ලංකාව තුල අප ඕනා තරම් දැක ඇත. ඒ කවුරුන්ද යන්න ලොවට රහසක් නොවේ. පාප් තුමා යනු කිසි විටෙකත් දෙවියන් වහන්සේගේ නියෝජිතයා හෝ ජේසුතුමා, නියෝජනය කිරීමට සිටින පුද්ගලයා නොවන බවවත්, මේ අඥානයින් නොදනී. එදා ජේසුස් වහන්සේ තම දේව දර්ශනය සභාගත කොට එම සභාවේ නායකයා ලෙස, එහි වගකීම පේදුරුතුමාට භාර කළදා පටන්, පේදුරුතුමාව නියෝජනය කිරීමට හා එම වගකීම ඉටුකිරීම පිණිස, සියලුම පාප්තුමන්ලා ක්‍රියා කරන බව දන්වමි. බලි තොවිල් නටමින්, විශ්වයේ ග්‍රහ මණ්ඩල වන්දනාවේ යෙදෙන මේ මිත්‍යා දෘෂ්ටිකයින් ගැන බුදුන් වහන්සේ පවා අනුකම්පා කරනු ඇත. දුෂ්ඨ, වෛරීය සිතුවිලි වලින් පිරි මේ අයගේ දැවෙන සිත් සුවපත් වේවා යයි පතමි!!!
Reply : 686 314
Bamunuarachchi Saturday, 13 April 2019 09:11 AM
ජේසු තුමාගේ කාලයේ මෙවැනි ආගමික තනතුරු දැරූ පාප් තුමාලා, කාදිනල්වරු, බිෂොප්වරු, සාන්තුවරයෝ සිටියේ නැහැ නේද? මේ තනතුරු ඇතිඋනේ කොහොමද? එදා වගේම අදත් ජුදාස්ලානම් ඉන්නවා
Reply : 201 530
Rane Saturday, 13 April 2019 11:58 AM
සාමය, සාමයෙන් හෝ යුද්ධයෙන් ලබා ගැනීම කල යුතුමය.
Reply : 0 30
Bamunuarachchi Saturday, 13 April 2019 03:32 PM
සාමය ඇතිකිරීමට නම් යුද්දෙට සැරසෙනු කියන පිළිවෙතයි මේතාක් සාර්ථක වුනේ. ලෝක ඉතිහාසය පුරාම සාධක ඇත.
Reply : 159 46
Chanak Los angeles Sunday, 14 April 2019 07:29 AM
කාටවත් නැති වෛරී සහගත සිතිවිලි වලින් පිරි සතුටක් නොමැති ජීවිතයක් කර්මය විසින් දායාද කර දෙන්න ඇති .
78 15
Bamunuarachchi Monday, 15 April 2019 08:45 AM
"සාමය ඇතිකරන්නාට යුද්දයක් දිනීමට බැරිය නමුත් යුද්දය දිනන තැනැත්තාට සාමය ඇතිකරන්න පුළුවන් " වින්සන්ට් චචිල්
Reply : 35 0
රොෂාන් Saturday, 13 April 2019 03:37 PM
ප්‍රීති ඔයා පිළිතුරු දෙන්න යන්න එපා. ඔවුන් ශ්‍රද්ධාව තිබුනට ප්‍රඥාව අහිමි මේ ලෝකයේ ජීවත් වෙන ශුද්‍ර ජීවීන් කොටසක්. ඉස්සෙකුව, කකුළුවෙකුව උදාහරණෙට ගෙන බලන්නකෝ. එතකොට, පහසුවෙන් ඒ ගැන ඔයාට තේරෙයි.
Reply : 551 5
Bamunuarachchi Saturday, 13 April 2019 11:11 PM
ප්‍රඥාව කියන්නේ කෙනෙක් කියනදේ විමසන්නේ නැතිව පිළිගැනීමද? මෙතන අදහස් දැක්කාම ප්‍රඥාවේ තරම තේරුම් ගන්න පුළුවන්.
Reply : 2 552
Chanak Los angeles Tuesday, 16 April 2019 02:31 AM
සමහරු පෙන්නන්න හදනවා මම හරි උගතා කියලා . නමුත් ඒ උගතා කියන දේවල් අහන බොළඳ ප්‍රශ්න බැලුවාම මොන්ටිසෝරි ළමයෙකුට වඩා ප්‍රාථමිකයි.
86 1
Ariyathilaka Saturday, 13 April 2019 05:17 PM
කිතුනුවන්ගේද, කිතුනු ආගම ප්‍රධාන ආගම ලෙස පවතින රටවල රාජ්‍ය නායකයන්ගේ ද ලෝකයේ කිතුනු නායකයා ලෙස සලකන පාප්තුමා විසින් කළ ක්‍රියාව මනුෂ්‍ය හදවතක් තුලින්, සමස්ථ මානව ප්‍රජාවට දෙන ලද උතුම් පණිවිඩයක් වන්නේය. යුද්ධය, කොතන සිදු වුවද මිනිස්කමට එරෙහිව ලේ හලන, දුක්ඛිත වේදනා බර දිවියකට ඇද දමයි, දිවිය තොර කරයි. එකිනෙකාට ඔවුනොවුන් අහිමි කරයි. දෙමාපියන්ගේ රුහිරුවෙන් තැනී, හැදී වැඩුණු බව අමතක කර එකිනෙකාට විරුද්ධව අවි අමෝරා ගනී. අවසානය ජීවතුන් අතර සිටින්වුන් තම නෑ සිය මිතුරන්ගේ සොහොන් කොත් සිහිකරන්නන් බවට පත් වන්නේ අසීමිත වූ වේදනාවෙනි. මේ වේදනාබර ජවනිකාව පිටුපස සිටින්නේ අවි නිපදවන්නන් සහ අවි ජාවාරම් කරුවන්‍ය. ඔවුන් බලවත් රාජ්‍යයන් බැවින් පාප්තුමාගේ මෙම ක්‍රියාව ඔවුන්ගේ සිත් සසල කිරීමට හේතු වනවා ඇත. ඇත්තෙන්ම විය යුත්තේ එයයි. යුද්ධය ඔවුන්ගේ බැවිනි. සුළු මොහොතකට හෝ එසේ නොවන්නේ නම් ඒ ඔවුන්ගේ කෲර වූ හදවත යුද්ධය පිටු දැකීමට සුදානම් නැති නිසාවෙනි. එසේ වුවත් පාප් තුමාගේ ක්‍රියාව ඔවුන්ට සිහිගන්වන දිනයක් පැමිණෙනවා ඇත. එයට මග පෙන්වීම පාප් තුමා කර ඇත්තේ උතුම් මනුෂ්‍ය ක්‍රියවකි. මහත් වූ පිං කමකි.
Reply : 57 13
ප්‍රසන්න Sunday, 14 April 2019 04:00 AM
බමුනු අරච්චි කියන කෙනා හරිම මොඩයෙක්
Reply : 207 421
Bamunuarachchi Sunday, 14 April 2019 11:27 AM
ලොකුම සොයාගැනීමක් කර තිබෙනවා ආකිමිඩීස් වගේ යුරේකා යුරේකා කියමින් දුවන්නකෝ.
Reply : 164 115
Chanak Los angeles Monday, 15 April 2019 09:54 PM
ආකිමිඩිස් කව්ද කියලා අහන්නේ ..ඔහුත් සාටකලාගේ පරපුරේ කෙනෙක් කියලද කියන්න හදන්නේ ? අර ජැක්සන් කීවා වගේ සටකලා බුදුන්ගේ පරපුරේ අය කියලා ?
38 1
Chanak Los angeles Sunday, 14 April 2019 04:07 PM
අපිට හිතෙන විදියට මේක අන්‍යආගම්, පුද්ගල අසාත්මිකතාවයක් වෙන්න ඕනේ..
Reply : 85 70
Bamunuarachchi Sunday, 14 April 2019 06:26 PM
නැහැ මේවා සිම්පල් ලොජික්. බුද්ධිමතුන් උත්තර සොයන මෝඩයින්ට උත්තර නැති ප්‍රශ්න.
62 11
Chanak Los angeles Monday, 15 April 2019 09:45 PM
පස්ස දොරෙන් අගමැතිකමට රිංගපු සාටක එලියට විසිවුන එක ලොජික් වලින් දකින්නේ කොහොමද ?
88 43
Bamunuarachchi Tuesday, 16 April 2019 08:26 AM
ලොස් අන්ජල්ස්ට මැහුම් දාන තුවාලයක් කොරලාවගෙයි. අනේ පව්?
3 0
AsokaRanjan Sunday, 14 April 2019 07:04 AM
සුඩානයේ ජනපතිගේ පමණක් නෙවෙයි, යුද්ධ මානසිකත්වයෙන් වියරු වැටුන ජන නායකයන් සියල්ලන්ගේම පපුවට වැටුන සාමයේ යෝධ ප්‍රහාරයක්. ගොඩක් දෙනෙක් නැවත වරක් සිතයි.
Reply : 26 6
Bamunuarachchi Sunday, 14 April 2019 11:32 AM
සාමයේ නිර්මාතෘන් වන බුදුන්වහන්සේටත්, ජේසුස් වහන්සේටත් බැරි වුන සාමය පාප්තුමා කොහෙන් ගෙනෙන්නද?
Reply : 65 53
Chanak Los angeles Sunday, 14 April 2019 04:01 PM
බුදුවරුන් ධර්මය හා සාමය සොයා දුන්නට ඒවා කරන්න කියා සත්වයන්ට බලකරන්නේ නැත. ඒවා සොයා බලා පිළිපදීම හෝ නොපිලිපැදීම ඔවුනොවුන්ගේ වැඩක්. මෝඩයෙක් වගේ නොදැන ඔහේ ලියනවා.
35 130
PA - RA Sunday, 14 April 2019 12:09 PM
ඉතාම කණගාටුයි. හරිම සංවේදියි. දුකයි, එතුමන්ට බුදු සරණයි.
Reply : 91 315
ලක්මාල් Sunday, 14 April 2019 01:43 PM
මිනිසුන් ආගමවල් පටලවාගෙන හරිදේ වැරදි දේ දන්නවා උනත් අවබෝධයක් නොලබා සිටීම ප්‍රශ්නයක්. අපේ රටෙත් කාලයකට පෙර මස් මාලු නොකන මත්ද්‍රව්‍ය නොබොන පිරිසක් ජීවත් වුනා. ජීවිතේටවත් බොරුවක් නොකියන අනුන්ගේ දෙයක් නොගන්නා කාන්තාවන්ට ඉහලම ගරු සම්මාන කරන ආගන්තුකයින්ට ඉහළින් සලකන කොටින්ම පස්පවු වලින් වැලකුනු ධර්මිෂ්ඨ සමාජයක් තිබුනා. කාලයක් යද්දී අනෙක් ආගම් ලංකාවට ඇවිල්ලා අපේ දහම පෝෂණය වුනා. දැං හොදයි.
Reply : 0 81
රාහුල හිමි Monday, 15 April 2019 05:15 PM
ආධ්‍යාත්මික නායකයින් මේ මට්ටමට නොවැටිය යුතුයි. කරුණාවද පෞරුෂයද සමබරව පැවැත්විය යුතුයි. නො එසේනම් ලොකයාගේ අවමානයටද ලක්විය හැකියි
Reply : 120 104
Chanak Los angeles Monday, 15 April 2019 10:04 PM
කව්ද වින්සන්ට් චර්චිල් ? සාටකලාගේ පරපුරේ කෙනෙක්ද ?
Reply : 88 3
ගලබොඩ අත්තේ චමින්ද Tuesday, 16 April 2019 06:22 AM
බමුණ ක්‍රිස්තියානි ධර්මය විවේචනය කරන්න කලින් එය ඉගෙනගන්න. හැමදේම දන්නවා කියලා හිතන්න එපා. වෛරයෙන් වෛරය සංසිදෙන්නේ නැහැ. සැබෑ ආගමික ප්‍රධානියෙකුගේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. අගය කරන්න. නැත්නම් දන්නා කෙනෙකුගෙන් අහල ඉගෙනගන්න.
Reply : 0 76
Bamunuarachchi Tuesday, 16 April 2019 08:23 AM
බුදුන්වහසේටත්, කිස්තුස් වහන්සේට වඩා සාමය දේශනා කල ආගමික නායකයෝ නැත. ඔවුන්ටත් ලෝකයට දානය කොරන්න බැරිවුණ සාමය ඔවුන්ගේ ගෝල බාලයෝ කෙසේ කරම්ද? බොහොම සිම්පල් තර්කයක්. මෙතන වෛරයක් ගැන කතාකොරන්නේ නැත ප්‍රායෝගිකව දකින දේගැන ගැන මම කතා කොරන්නේ.
Reply : 30 1
Chanak Los angeles Tuesday, 16 April 2019 07:56 PM
බුදුවරුන් හරි මාර්ගය කියා දෙනවා පමණි ඒවා පිලිපැද සාමය උදා කරගැනීම පුද්ගලයන්ගේ කාර්යක්. බොහොම සරලයි.
0 0
Bamunuarachchi Tuesday, 16 April 2019 08:34 AM
මම බොහෝ පොත පතින් හා අන්තර්ජාලයෙන් ඉගෙන ගන්නවා.
Reply : 71 0
බද්රානි Tuesday, 16 April 2019 10:55 AM
සිතෙන් සිතක ගලනා කෝප ගිනි...උනුන් දවාලන අයුරු දකින්නට...මුවින් මුවග ගලනා නාග විෂ.... උනුන් නසාලන අසිරි බලන්නට... කාලයයි නිදුකාණනේ....දීපයයි නිදුකාණනේ.... දේශයයි නිදුකාණනේ ....වඩිනු මැන නිදුකාණනේ...
Reply : 0 23
apeksha Wednesday, 17 April 2019 10:16 AM
ඔබට ජේසු පිහිටයි පාප් තුමනි..............
Reply : 1 0