IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘‘ණය බර අඩු කරන ගමන් ආර්ථිකය ශක්තිමත් කළා‘‘

(ශාන්ත ප්‍රදීප් සෙනවිරත්න)

ණය බර අඩු කරන ගමන් අපි ආර්ථිකය ශක්තිමත් කළා.වැටුප් වැඩිකළා.ජනතාවට සහන දුන්නා.ඊටත් වඩා හොඳ තත්ත්වයක් උදාකර ගන්න කියලා ආණ්ඩුව වෙනස් කළා.නමුත් ජනතාව තැබූ බලාපොරොත්තු සුන්වී ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කීය.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (17) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද කීය.

ආර්ථිකය කඩා වැටුණු ලෝක විශ්වාසය බිඳ වැටුණු රටක් තමයි අපි බාරගත්තේ.නමුත් ඉතා කෙටිකාලයකින් ඒ තත්ත්වය වෙනස් කරන්න යහපාලන ආණ්ඩුවට හැකිවුණා.අභියෝග මැද ජනතාවට සහන දුන්නා.ඉතිහාසයේ පළමු වරට රුපියල් 10,000 කින් වැටුප් වැඩිකළා.මේ වනවිට රාජ්‍ය සේවකියින්ගේ දීමනා කපලා

දැවෙන ප්‍රශ්න ගණනාවක් ඇතිවෙලා දින 100 ක් තුළ විජයග්‍රහණ රැසක් දිනාගත්තා අද සියල්ල බිඳ වැටිලා.

රටවලින් ගත් ණය ආණ්ඩුව එදා වෙලාවට ගෙව්වා.මේ අය ගෙවන්න අමාරුයි කියනවා.අත්‍යාවශ්‍ය ආහාර වල මිල ඉහළ ගිහින් තියෙනවා.අපේ කාළේ එය පාලනය කළා.ජනතාව අපි ලබාදුන් සහන වලටත් වැඩිය සහන ගන්න හිතාගෙන බලය දුන්නා.

රටේ සියලු අංශවල අය පාරට බැහැලා උද්ඝෝෂණ කළා.සටන් පාඨ කිව්වා.කවදාවත් නැතිව ග්‍රාම සේවක නිලධාරීන් පාරට බැස්සා.පාර්ලිමේන්තු වට රවුමේ නිතර උද්ඝෝෂණ කළා.අපි රුපියල් 1000 කින් වැටුප් වැඩිකරලා තිබෙද්දි තමයි එහෙම කළේ.

අද අත්තිකාල දීමනා කපලා.වෙනත් විශේෂ දීමනා නැ.පහළ ඉන්න රාජ්‍ය සේවකයන් හොද වැටුපක් ගත්තා .අද ඒ අය කළ කිරිලා.

අපේ රටේ ඡන්ද දායකයා ඡන්දය භාවිතා කරන විදිහ වෙනස්.එය මැතිවරණයෙන් මැතිවරණයට වෙනස් වෙනවා.මේරටේ පක්ෂ දෙකක නායකයින් කලිනුත් රටේ පාලනයට හවුලවෙලා තියෙනවා.

ජනපති අගමැති පක්ෂ දෙකකින් පත්වුණා.නමුත් ගැටලු ඇතිවුණේ නැ. ඉදිරියටත් එහෙම රටක් නිර්මාණය වෙන්න පුළුවන්.එහෙම තත්ත්වයක් හැදුනොත් රටේ ඉදිරි ගමනට මෙන්ම ආරක්ෂාවටත් හොඳයා.අපි ශක්තිමත් සන්ධානයකින් ඉදිරි මැතිවරණයට එනවා.



අදහස් (11)

‘‘ණය බර අඩු කරන ගමන් ආර්ථිකය ශක්තිමත් කළා‘‘

Raveendra Monday, 17 February 2020 05:08 PM

මේ අය බලයේ ඉන්නකොට අපේ රට සුකිත මුදිත වෙලා තිබුනේ දැන් බලයේ ඉන්න අය නිසා ඒ සියලුම දේවල් නැතිවුනා කියලනේ මේ කියන්නේ. අපේ කට මොකට කියනවද...

:       15       19

arunaTuesday, 18 February 2020 03:55 AM

මෙයාගේ ආර්ථික දැනුම, ඩිප්ලෝම එකේ සියලුම විෂයන් අසමත්වෙලා ගෙදර ගිය කෙනනේ

:       0       165

Pradeep Monday, 17 February 2020 05:37 PM

හපොයි මන්ත්‍රී තුමා ඒ ගැන නම් කියලා වැඩක් නෑ. ආර්ථිකේ නම් ශක්තිමත් කර ගත්තා ඔබ තුමන්ලා තම තමන්ගේ, හැබැයි රටේ නම් නෙමෙයි. ඒ වගේමයි ණය බරත්.

:       1       66

Shanaka Monday, 17 February 2020 09:23 PM

මේ කවුද අලුත් විකට නළුවෙක්ද? හඳෙන් ඇවිල්ලා වගේ කතාව.

:       0       120

de silva Monday, 17 February 2020 10:57 PM

ඡන්දෙට කලින් කියපු විදිහට හොරු ඇල්ලුවේ නැතුව, පරණ හොරුත් අලුත් හොරුත් ආරක්ෂා කරන්න ගියපු නිසා ජනතාව ඔබලා ගෙදර ඇරියා, ලබන ඡන්දෙදිත් රනිල් සහ රවි ඉස්සරහට දමාගෙන පෙරහැරේ ගියොත් ජනතාව ඔබලාට මතක හිටින්න පාඩමක් උගන්වාවි

:       45       61

de silva Monday, 17 February 2020 11:04 PM

ලංකාවේ රජයේ සේවකයෝ පසුගිය දශක 4-5 අවංකව , මහන්සිවෙලා නීතියට වැඩ කරනවානම් අද මෙරටට මෙහෙම බංකොලොත් වෙන්නේ නැහැනේ, තත්වය එහෙම තිබෙද්දී, කරන්න පුළුවන් මොඩම තකතිරුම වැඩේ පගා ගහන, නිකම්ම ඉන්න කම්මැලියෝ රැලට රුපියල් 10000 ගන්නේ පඩි වැඩි කරන එක. එතකොට පරදින එක අහන්නත් දෙයක්ද ?

:       1       27

denin Tuesday, 18 February 2020 12:56 AM

සමහරු කියනවා ප්‍රශ්නයකට තිබුනේ පොහොට්ටුවට පාලන බලය නැතිකමයි. දැන් ගෝටාභය මැතිතුමාට පින්සිදුවෙන්න පොහොට්ටුවට නිකම්ම බලය ලැබුන, දැන් ප්‍රශ්න නැහැ.

:       7       1

saradiyel Tuesday, 18 February 2020 01:11 AM

මෙයා වෙන රටක් ගැන කියනවද මන්දා.?

:       0       69

Senarath Tuesday, 18 February 2020 03:19 AM

මේ කියන්නේ ඇත්තනම් ණය බර කොහොමද ඩොලර් බිලියන 7 සිට 13 ට වැඩි වුනේ.?

:       7       41

Bamunuarachchi Tuesday, 18 February 2020 05:32 AM

ණයබර අඩුකලා? කාගේ ණය බරද? කොහොමද අපට දාපු බදුබර? ණය බර අඩුකලේ කාගේ සල්ලි වලින්ද? එතකොට අර බිලියන් ගණනක් නොකෙරුන වැඩට කොම්පැනි වලට ගෙවන්න පරිපූරක ඇස්තමේන්තු දැම්මේ මොන එහෙකටද ?

:       0       0

සේන Tuesday, 18 February 2020 06:05 AM

මොවුන්ට වැරදුණු තැනක් ඇත. එනම් එදා මෙන් කියන ඕනම කෙප්පයක් අහුර පිටින්ම කටේ දාගෙන රස විඳින දීන ජනතාවක් සිටින බව මොවුන් විශ්වාස කරයි. ඒ නිවට ඔවුන්ගේ හිතලුවක් පමණි. වර්ථමාන බොහෝ ජනයා බුද්ධිමත් ය. බඩ ගැන නොව රට ගැන සිතයි. බොරුව කුමක්ද ඇත්ත කුමක්ද කියා හඳුනයි. අවාසනාවට මෙන් තවමත් මේ නිවට බොරුකාරයින් ⁣පසු පස දෑත් එකතු කරගෙන යන කොටසක් සිටින වග මෙහි ඇති ඇතැම් ප්‍රකාශන වලින්ම දැනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site