IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


නිසි කල නිවැරැදි ප්‍රතිකාර ලබා මුඛ සෞඛ්‍යය රැක ගනිමු

මෙම ලිපියේ මුල් කොටස ‘දරුවන්ට උපතේදී ඇතිවන මුඛය හා මුහුණ ආශ්‍රිත අසමානතා‘ නමින් පළ විය. මේ පළ වන්නේ එහි ඉතිරි කොටසයි. 

බෙදුන තොල හා තල්ල සහිත අසමානතාව දරුවකුට උපතේ සිට ඇතිවිය හැකි තත්ත්වයකි. උපතේදී එවැනි දරුවකුගේ රෝග විනිශ්චය නිවැරැදි වීම සහ කල්තියා හඳුනා ගැනීම ප්‍රතිකාර සහ සැත්කම් ආදියේදී මහෝපකාරී වේ. මාස 09 සහ අවුරුදු 09 සැත්කම්වලින් පසු මෙවැනි දරුවකුගේ මුඛ සෞඛ්‍යය රැක ගන්නා අයුරු, ඒ සම්බන්ධව ඇති සායන හා මෙවැනි අසමානතා මඟ හරවා ගැනීමේ පෙර සූදානම ගැන අද ලිපියේ කරුණු දැක්වේ. 

නිරන්තරයෙන් පැණිරස, ටොෆි,චොකලට්, බිස්කට් ආදිය ආහාරයට ලබා දීම අවම කළ යුතු වේ. නිසි කලදී දරුවා මවු කිරෙන් ඉවත් කර අමතර ආහාරවලට හුරු කරවිය යුතුය. ඒ අතර වාරයේ මාස 06ට වරක් දන්ත වෛද්‍යවරයකු ලවා දරුවාගේ මුඛ සෞඛ්‍ය පරීක්ෂා කර අවශ්‍ය ප්‍රතිකාර සහ උපදෙස් ලබා ගත යුතු වේ. වයස අවුරුදු 5 සහ 6 කාලයේදී විකලාංග දන්ත වෛද්‍යවරයකු වෙත යොමු වීමද ඉතා වැදගත්ය.

අවුරුදු 09දී විදුරුමසේ අස්ථි බද්ධය කළ පසු වයස අවුරුදු 18 වනවිට දත් දෙපළ පිළිවෙළින් සකසා ගත හැකිය. ඉන්පසුද දන්ත සංරක්ෂණ විශේෂඥ වෛද්‍යවරු යටතේදී දත් දෙපළ වඩා හොඳින් හැඩ ගන්වා සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීමට පුළුවනි. එසේම දරුවා වැඩුණු පසු එනම් අවුරුදු 18දී පමණ අවශ්‍ය නම් පමණක් තොලේ කැළල අඩු කර ගැනීමට ප්ලාස්ටික් සැත්කමක් කර ගැනීමේ හැකියාව පවතී. තවද ඇතැම් දරුවන්ගේ නාසයේ හැඩය නිවැරැදි කර ගැනීමටද සැත්කමක් මේ අවදියේදීම සිදුකර ගැනීමට පුළුවනි. මෙම ක්‍රියාවලිය අවසානයේදී තොලෙහි සුළු කැළලක් පමණක් සහිතව අනෙක් සෑම අතින්ම සාමාන්‍ය දරුවකු ලෙස ඔහුගේ බාහිර පෙනුම සැකසේ.

මෙවැනි දරුවන්ට නිවැරැදි අධ්‍යාපනය, නිසි මඟ පෙන්වීම, ආදරය සහ රැකවරණය ලබා දීමත් මවුපිය සේම සමාජයේ වගකීමද වේ. ඒත් කනගාටුවට කරුණ වනුයේ පාසල් වයසේ පසුවන මොවුන් අනෙක් සම වයසේ දරුවන්ගෙන් මෙන්ම ගුරුවරුන්ගෙන්ද ප්‍රතික්ෂේප වීමයි. එවැනි තත්ත්ව මත පාසල් හැරගිය අධ්‍යාපනය අතරමඟ කඩාකප්පල් කරගත් දරුවෝ බොහොමයක්ම අපට සායනවලදී විටින් විට හමුවෙති. එබැවින් ඔබගේ දරුවාද මෙවැනි විශේෂ අවශ්‍යතා සහිත දරුවකු ලෙස ඉපදුණද ඔහුද සාමාන්‍ය දරුවකු ලෙස සලකා කටයුතු කිරීමේ මවුපිය වගකීම ගැන අවබෝධවත් වන්න. දරුවා නිවසේ මුළු ගන්වා නොතබා නිසි කලට නිවැරැදි ප්‍රතිකාර ක්‍රම සඳහා සහභාගී කර වන්න.

මඟ හරවා ගැනීමේ පෙර සූදානම

♦ දරු උපත් නිසි පරිදි සැලසුම් කර ගර්භනී වීමට පෙර සිටම මව විසින් ලබා ගත යුතු විටමින් වර්ග වෛද්‍ය උපදෙස් පරිදි සපරා ගැනීම

♦ මවක් ගර්භනී සමයේ සිටම මව මෙන්ම පියාද මත් ද්‍රව්‍ය භාවිතයෙන් වැලකීම.

♦ ගර්භනී කාලයේදී ලබා ගන්නා අතුරු ඖෂධ සියල්ලක්ම පාහේ වෛද්‍ය නිර්දේශයට අනුකූලව ලබා ගැනීම.

♦ ජාන ප්‍රවේණි පරීක්ෂණ මගින්ද මෙබඳු දරුවන් බිහිවීමේ සම්භාවිතාව ගැන දැනගත හැකියි.

බෙදුණු තොල සහ තල්ල පිළිබඳ විශේෂඥවරුන් එකතුව පවත්වන සායන ඇති රෝහල් පහත දැක්වේ.

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල

කරාපිටිය ශික්ෂණ රෝහල

පේරාදෙණිය දන්ත වෛද්‍ය රෝහල

එසේම ඔබ පදිංචි ප්‍රදේශයේ ළඟම පිහිටි රජයේ රෝහල සහ මුඛ, හණුක හා මුහුණ පිළිබඳ සායන මෙන්ම විකලාංග දන්ත සායනයෙන්ද මේගැන වැඩි තොරතුරු ලබා ගත හැකිවේ.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

නිසි කල නිවැරැදි ප්‍රතිකාර ලබා මුඛ සෞඛ්‍යය රැක ගනිමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 266 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site