(ඉන්දිකා රාමනායක)
වැල්ලවත්තේ පදිංචි තරුණියකගේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට පවසා ඇයගෙන් රුපියල් ලක්ෂ 7 කප්පම් මුදලක් ලබා ගැනීමට තැත් කළ පුද්ගලයන් දෙදෙනෙක් කොම්පඤ්ඤවීදිය යූනියන් පෙදෙසේ දී කොළඹ ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
තිස්තුන් හැවිරිදි මෙම තරුණිය එංගලන්තයේ ස්ථිර පදිංචි යාපනය පුද්ගලයකු සමග වසර 2 ක කාලයක් පුරා අන්තර්ජාලය සමග සම්බන්ධතා පවත්වා ඇති බවත්. ,එසේ කතා කරමින් සිටින අවස්ථාවේදී එම සැකකරු කාන්තාවගේ විවිධ ඉරියව්වලින් අසභ්‍ය දර්ශන ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එංගලන්තයේ පදිංචි පුද්ගලයා සහ මෙම කාන්තාව විරසක වීම හේතුවෙන් ඔවුහු ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට කාන්තාවට තර්ජනය කරමින් ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 17කප්පම් මුදලක් ඉල්ලා ඇති බවද හෙතෙම කීය.
මෙම කාන්තාව සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් කර තිබිණි.
මෙම මුදලින් මූලික ගෙවීම වශයෙන් රුපියල් ලක්ෂ 7ක් මුදලක් ලබා දීමට කාන්තාව එකඟ වී ඇති අතර එංගලන්තයේ පදිංචි සැකකරුගේ නියෝජිතයන් දෙදෙනකු එම මුදල ලබා ගැනීම සඳහා කොම්පඤ්ඤවීදිය යුනියන් පෙදෙසට පැමිණ සිටියදී ළමා හා කාන්තා කාර්යාංශය ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේය.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කතක් බිය කර ලක්ෂ හතක් කඩා ගන්න ගිය දෙකක් මාට්ටු
dhamneth Wednesday, 28 July 2021 01:13 PM
තම අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදා හරිනවා කිවුවාට කිසි කෙනෙක් බය වෙන්නවත් ,තරහ වෙන්නවත් ,දිවි නසාගන්නවත් අවශ්‍ය නැත .කල යුත්තේ පොලීසියට දන්වා නීති මාර්ගයෙන් ක්‍රියා කිරීමයි .අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට දැමීමත් නීති විරෝධීය.තමන් හිත ශක්තිමත් කර ගත යුතුය .තමන් ලිංගිකව හැසිරෙන පින්තුරයක් අන්තර්ජාලයට මුදා හරිනවා ලෙස කීවාට ,කිසි දිනක කප්පන් ගෙවා ඒවා නතර කරන්න යන්න එපා .